e news paper
|

අධිකරණවල විභාග වෙමින් පවතින ළමා අපයෝජන නඩු විසි දහස පනී

මහාධිකරණවල සහ මහෙස්ත්‍රාත් අධිකරණවල මේ වන විට විභාග වෙමින් පවතින ළමා අපයෝජන නඩු සංඛ්‍යාව විසි දහස් හැත්තෑ පහක් වෙයි. මේ අතරින් මහාධිකරණවල පවතින නඩු සංඛ්‍යාව හත්දහස් හාරසිය අනූ පහක් වන අතර මහෙස්ත්‍රාත් අධිකරණවල පවතින නඩු සංඛ්‍යාව දොළොස් දහස් පන්සිය අසූවකි. මෙම වසරේ මේ දක්වා ළමා අපචාර පිළිබඳ පැමිණිලි 2751ක් පොලිසියට හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට…

dailyreporter
|

ත්‍රිකුණාමලයේ සාපි නගර් ප්‍රදේශයේ වෙල්ලාවල් පාලම දැඩි අවදානම් තත්වයක

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාපි නගර් ප්‍රදේශයේ වෙල්ලාවල් පාලම දැඩි අවදානම් තත්වයක පවතින බවට ප්‍රදේශවාසිහු බිය පල් කරති. මීට වසර දෙකකට පෙර මහත් ආන්දෝලනයකට තුඩු දුන් සාපි නගර් වැලි කැනීම් ජාවාරමේ බලපෑම මෙම අනතුරට හේතුව බව ප්‍රදේශවාසීන් ගේ චෝදනාවයි. ප්‍රදේශයට මහා විනාශයක් සිදු කරමින් කරගෙන යන මේ මහා වැලි ජාවාරම ගැන ප්‍රදේශවාසියෙකු වන…

dailyreporter
|

ස්වෝත්සාහයෙන් නැගීසිටීමට වෙර දරන පුංචි අඹේවෙල අජිත්ගේ කදුළු කතාව

උපාධිධාරින් රැකියා ඉල්ලමින් රජයට බලකරමින් මහ පාරේ බැටන් පොළුපහර කමින් කෑමොර දෙන අතර අප මේ කියන්න යන්නේ මීට හාත්පසින්ම වෙනස් කතාවකි. කිසිවෙකුටත් අත නොපා තම උත්සාහයෙන් ජීවිතය ගොඩ ගැනීමට වෙහෙසෙන කන්තලේ අග්බෝපුර අජිත් කුමාර (42) නම් කිරි ගොවියා කාටත් ආදර්ශයක් වන තරුණයෙකි. ඔහු සාමාන්‍ය පෙලෙන් පාසල අතහැර තම පියාගේ හරකුන් දහ දෙනෙකුත් රැගෙන වයස අවුරුදු…

ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි
| |

ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) උදැසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 651 දරණ ගුවන් යානයෙන් පළමුව ඩුබායි බලා පිටත්ව ගොස් එතැන් සිට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතයි. ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් 15 දෙනා, අතිරේක…

slparli
|

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දැමීමට නව පනත් කෙටුම්පත් දෙකක්

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දැමීම සඳහා නව පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් අදාළ පනත් කෙටුම්පත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් වී ඇති අතර එමඟින් සෑම පිළිගත් දේශපාලන පක්ෂයකම කාන්තා නියෝජනය සියයට…

gossip lanka news
|

විජයදාසට බාධා නොකරන්නැයි අධිකරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස පත්කරන ලද අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ එම පක්ෂයේ වැඩබලන ලේකම් කීර්ති උඩවත්ත හට එම ධුරවල රාජාකාරී සිදුකිරීමට බාධා කිරීම් වළක්වාලමින් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇත. ඊට අදාළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.

ආර්ථික පරිවර්තන පනතට ජනපති සහාය ඉල්ලයි
|

ආර්ථික පරිවර්තන පනතට ජනපති සහාය ඉල්ලයි

ආර්ථික ස්ථායිතාව වෙනුවෙන් රජය ගෙන එන ආර්ථික පරිවර්තන පනතට සහාය දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් ඉල්ලා සිටී. ඒ, ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් අරලිය ගහ මන්දිර පරිශ්‍රයේ පැවති සැමරුම් උත්සවයේදීය. එහිදී වැඩිදුරටතත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “අපේ බලාපොරොත්තුව එන අවුරුද්දේ අවම අවශයෙන් 3%ක වර්ධන වේගයක් ඇති වෙයි කියලා. එහෙනම් 3%ක…

සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ ගිනිදැල්ල පිට කරන ගෑස් බටයට අකුණක් වදී
|

සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ ගිනිදැල්ල පිට කරන ගෑස් බටයට අකුණක් වදී

සපුගස්කන්ධ තෙල් පිරි පහදුවේ ගිනිදැල්ල පිට කරන ගෑස් බටයට අද සවස පහයි විස්සට පමණ අකුණක් සැර වැදී තිබේ. එම නිසා සුළු ගින්නක් හට ගෙන ඇති අතර  එය සම්පූර්ණයෙන් මැඩ පවත්වා තිබේ. ගින්නෙන් කිසිවෙකුටත් හානියක් නොමැති බවත් වාර්තා වෙයි. ආරක්ෂක උපක්‍රමයක් ලෙස මේ වන විට ගිනිදැල්ල නිවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත…

තේරු උත්සවය නිමිති කර ගෙන පවත්වන ලද කිරි කල පෙරහැර
|

තේරු උත්සවය නිමිති කර ගෙන පවත්වන ලද කිරි කල පෙරහැර

හැටන් ශ්‍රි මාණික්ක පිල්ලේයාර් හිංදු කෝවිලේ තේරු උත්සවය නිමිති කර ගෙන පවත්වන ලද කිරි කල පෙරහැර 12වන දින විථි සංචාරය කරන ලදි. හැටන් විල්ෆ්‍රඩ් පුර පත්තිනි හිංදු කෝවිලේ සිට ආරම්භවු එම කිරි කල පෙරහැර හැටන් සාත්තු නිවාස පාර, පැති විදිය, ප්‍රධාන විදිය ඔස්සේ ගමන් කර හැටන් ශ්‍රි මාණ්ක්ක පිල්ලේයාර් හිංදු කෝවිල දක්වා ගමන් කරන ලදි….

කොළඹ – බදුල්ල මාර්ගයේ එක් මංතීරුවක් වැසේ
|

කොළඹ – බදුල්ල මාර්ගයේ එක් මංතීරුවක් වැසේ

පවතින අධික වර්ෂාවත් සමඟ කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ විහාරගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටි තිබේ. මේ හේතුවෙන් එම මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම පස්වලින් වැසී ඇත.මේ අතර හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නාය යෑමේ අනතුරු ඇඟවීම් (කහ) නිවේදන නිකුත්කර තිබේ. එමෙන්ම පවතින වර්ෂාව සහ රාත්‍රි කාලයේ පවතින මීදුම හේතුවෙන් හපුතලේ ප්‍රදේශයේ මාර්ගවල රිය…