dailyreporter

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාපි නගර් ප්‍රදේශයේ වෙල්ලාවල් පාලම දැඩි අවදානම් තත්වයක පවතින බවට ප්‍රදේශවාසිහු බිය පල් කරති.
මීට වසර දෙකකට පෙර මහත් ආන්දෝලනයකට තුඩු දුන් සාපි නගර් වැලි කැනීම් ජාවාරමේ බලපෑම මෙම අනතුරට හේතුව බව ප්‍රදේශවාසීන් ගේ චෝදනාවයි.
ප්‍රදේශයට මහා විනාශයක් සිදු කරමින් කරගෙන යන මේ මහා වැලි ජාවාරම ගැන ප්‍රදේශවාසියෙකු වන සප්තාර් මහතා කියා සිටින්නේ මෙවැන්නකි. “වසර දෙකකට පමණ පෙර මෙම සාපි නගර් මහවැලි ගඟ ආසන්නයේ අක්කර 3000 කට ආසන්න ප්‍රමාණයක මිරිස් වගාවක් කරගෙන යන මුවාවෙන් එවකට සිටි භූ විද්‍යා ඉහල නිළධාරියෙකුගේ නමින් බලපත්‍ර අරගෙන තිබුණා. කරපු මිරිස් වගාවක් නෑ.මිරිස් ව්‍යාපෘතියක් කරනවා කියලා ගොවිසංවිධාන කීපයකම අත්සන් අරගෙන එයාලව රවට්ටලා කලේ මහා පරිමාණ වැලි ජාවාරමක්. ඒකට විරුද්ධව ප්‍රදේශවාසින් විශාල හඬක් නැගුව නිසා එවකට සිටි පරිසර අමාත්‍යාංශ ලේකම් වරයා විසින් අදාල නිළධාරියා සේවයෙන් අනිවාර්ය නිවාඩු යැව්වා. නමුත් සිදුවූ හානියට පිළිතුරු ලැබුණේ දැනුයි. මේ පාලමට මීටර් 100 ත් 300 ත් පමණ දුර ඉඳලා තමයි මේ.වැලි කැණීම සිද්ධවෙන්නේ. ඒ වෙලාවේ අපි කිව්වා පාළමට අනතුරු දායකයි කියලා. ඔය වැඩේ කරන්න එපා කියලා. ඔන්න දැන් පේනවා අපි කිව්වේ ඇත්ත බව. මේ පාලම හැදුවේ භාණ්ඩ ප්‍රවාහන පහසුවට හා කෘෂි භෝග ප්‍රවාහනයට පහසුවට .දැන් ඒ වැඩෙත් අවදානමේ..”
හරිත හෙටක් පරිසර සංවිධානයේ කැඳවුම් කරු ඉන්දික පරණවිතාන මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල මහතා විසින් මහාපරිමාණ මිරිස් වගාවකට මූතූර් ගොවි සංවිධාන කීපයකම අත්සන් සහිතව ඉදිරිපත් කරන ලද යෝජනාවට ත්‍රිකුණාමලය හිටපු දිසාපති පාඩිකෝරාළ මහතාගෙන් අනුමැතිය ලබාගෙන තිබුණා. ගොවීන් රවටලා ඔවුන් ගෙන් අත්සන් පත්‍රපවා අරගෙන මහවැලිගඟේ ඉඳලා ඇලක් කපනවා කියලා තැන තැන වලවල් හෑරුවා. මේකෙ ලස්සන වැඩේ හිටපු භූවිද්‍යා හා පතල් කර්මාන්ත ආයතනයේ සභාපතිවරයාගේ නමට ගත්ත අවසර පත්‍රයක් වීමයි. මේක අනුමත කරලා තිබුණේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරයායි. මේකට දිගින් දිගටම පැවැති ජනතා විරෝධය හමුවේ ඔහු අනිවාර්‍ය නිවාඩු ඇරියා. එහෙම කලත් ඔවුන්ට ලැබුණ දඬුවමක් නෑ. සභාපති වරයා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර වරයාගේ ලේකම් වරයෙක් විධියට පත්වීම් ලැබුවා. පුදුමෙට කරුණ මේ තරම් ලොකු විනාශයක් කරලා අයින් කළ අධ්‍යක්ෂ ජ්නරාල් වරයා දකුණේ ප්‍රභල අමාත්‍ය වරයෙකු ගේ ආශීර්වාදයෙන් නැවතත් එම තන තුරේම පිහිටුවීමයි. ”
වැරදි කරුවන්ට දඬුවම් දෙන සිරිතක් බලධාරින්ට නෑ.ඒ අය යෙහෙන් වැජඹෙනවා.මේ මහා පරිමාණ වැලි ජාවාරමට ආශීර්වාදයක් තමයි ඉවත් කරපු වැරෛ කරුවන් නැවත සේවයේ පිහිටුවීම.මේක තව වත් නැවතිලා නෑ. මහ දවල් වාහන ගඟටම දාගෙන වැලි ගහනවා. මෙච්චර විනාශයක් පෙනිපෙනී.මෙසේ කියන්නේ සමාජ ක්‍රියාකාරියෙකු වන පියරත්න මහතා යි .ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ පාලම දැන් දැඩි අවධානමක තියෙන්නේ. තාමත් බලපත්‍ර ඇතුව හෝ නැතුව පුද්ගලයින් වැලි ජාවාරමේ යෙදෙන්නේ කාගේ ආශීර්වාදයෙන් ද. දැන් වෙල්ලනාවල් පාලමේ පාදමක් ඇලවෙලා තියෙන්නේ. මීටර් 300 ක් පමණ මේ පාලම.දිගයි.
මේ සම්බන්ධයෙන් පර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යපා අබේවර්ධන මහතා ද අල්ලස් හා දූෂණ මර්ධන ආයතනයට පෙත්සමක් ඉදිරිපත් කරම්න් පෙරේදා 11 මාධ්‍යට කියා හිටියා වැලිජාවරමේ මහා මොලකරු අනිවාර්‍ය නිවාඩු යවා තිබියදී ඔහු පසුගියදා නැවත එම තනතුරට පත් කර ඇති බව. උසාවියකින් වරදකරුවෙකු වූ පුද්ගලයා නැවත සේවයේ පිහිටෙව්වේ කාගේ වුවමනාවටද කියලා අපි අහනවා. මේකෙන් මේ වැලිජාවාරම නැවතත් වැඩිවෙනවා මිසක අඩුවෙන්නේ නම් නැති බව අපිට තේරෙනවා.
බලධාරින්ට අපි බල කරලා කියනවා වහාම මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්න කියලා.යි ඔහු පැවසුවේ ය.

සුමිත්‍රා කුමාරිහාමි

Similar Posts