kuruwita
|

රට ගැන නොහිතන ජාතියක් සිටින තාක් ඒ රට දියුණුවක් නොමැත

තමන් ගැන පමණක් සිතන මිනිසුන් මේ සමාජයේ කොතෙකුත් සිටිද යන්න මෙම ජායාරුපයෙන්ම ඔබට තේරුම් ගත හැකිය. කුරුවිට ප්‍රධාන බස් රථ නැවතුම් පොළට ආසන්නයේ ප්‍රදර්ශනය වන සේ සකසා ඇති මෙම බැනරය හා එහි ඇති පොලිස් නිවේදනය පිළි නොපදිමින් බැනරය ඉදිරිපිටම විශාල කසළ ගොඩක් රැස් කර ඇති ආකාරයයි මේ. ප්‍රාදේශීය සභාවේ කම්කරුවෝ දහවල් වන විට මෙම කසළ…

korea

කාන්තාවන් සවිබල ගැන්විමේ පස් අවුරුදු ව්‍යාපෘතියක්

කොරියාවේ සෙමාවුල් පදනම මගින් නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක කිරිමට යෝජිත කාන්තාවන් සවිබල ගැන්විමේ පස් අවුරුදු ව්‍යාපෘතිය ආරම්භ කිරිමට සමගාමිව සහභාගිත්ව වැඩ සටහන් මාලාවක් පැවැත්විම සදහා පැමිනි කොරියානු විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් සමග නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා අතර හමුවක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විනි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණි එම නියෝජිත පිරිස පිලිගැනිමෙන්…

කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළට

කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළට

මධ්‍යම කදුකරයට පවතින වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහල බසිමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. ඒ අනුව මෙම ජලාශයේ ජල මට්ටම 27වන දින උදැසන වන විට පිටාර මට්ටමට වඩා අඩි 44ක් පහලින් පවතින බවත් පවතින වියළි කාලගුණික තත්වයන් මත ඉදිරියේදි මෙම ජල මට්ටම තවත් පහල බසිනු ඇති බවද…

school3

දෙවන පාසල් වාරයේ 02වන අදියර අද(28) සිට

රජයේ පාසල්වල මෙම වසරේ දෙවන පාසල් වාරයේ 02වන අදියර අද (28) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි. අද  ආරම්භවන දෙවන පාසල් වාරයේ 02වන අදියර ඔක්තෝබර් 27 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. දෙවන පාසල් වාරයේ පළමු අදියර පසුගිය ජූලි මස සිට 24 වැනිදා ආරම්භ වී අගෝස්තු 16 වනදා අවසන් විය.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉන්දියාවත් කියයි

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉන්දියාවත් කියයි

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලය බෙදීමට නම් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඉන්දීය විදේශ අකටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසයි. ඉන්දීය ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම සහ මෙරට දේශපාලන පක්ෂ නායකයන් අතර ඉකුත් දා පැවති හමුවක දී මේ බව ඔහු සඳහන් කර තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ…

මුදල් පසුම්බියක් අහුලාදුන් කම්කරුවකුට උපහාර දැක්විමක්
|

මුදල් පසුම්බියක් අහුලාදුන් කම්කරුවකුට උපහාර දැක්විමක්

පසුගිය දිපවාලී උත්සව සමයේදි බිම වැටි තිබු රුපියල් පනස් දාහාක් සහිත මුදල් පසුම්බියක් අහුලා අයිතිකරුට බාර දුන් කම්කරුවකුට උපහාර දැක්විමක් අද 27වන දින හැටන් සිරිකුරුස දේවස්ථානයේදි සිදු කරන ලදි. හැටන් දික්ඔය නගර සභාවේ මාර්ග අතුගාන කම්කරුවකුලෙස සේවය කරන දරු හය දෙනකුගේ පියකු වන ජේ. සෙල්වම් (අවුරුදු 43) යන අය වෙනදා මෙන් නගරයේ මාර්ග අතුගාමින් සිටින…

මොරගහකන්ද ජලාශයත් හිඳෙයි

මොරගහකන්ද ජලාශයත් හිඳෙයි

පවතින වියලි කාලගුණික තත්ත්වයත් සමග මේ දිනවල මහවැලි කලාපයන්හි ප්‍රධාන ජලාශවල ජලමට්ටම සීග්‍රයෙන් පහල බසිමින් පවති. මොරගහකන්ද ජලාශ ද ඉතා වේගයෙන් සිඳෙමින් පවතින අතර ජලාශයට බොහෝ ආයතන දැන් මතුවෙමින් පවති. ඇලගමුව කනිෂ්ඨ විදුහලේ ගොඩනැගිලි ද මේ වන විට මතුව ඇති ආකාරයයි මේ. වර්ග කිලෝමීටර් 28.8 කි. පුරා පැති ඇති මොරගහ කන්ද ජලාශයේ සමස්ත ජල ධාරිතාවය…

derana news today

අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා හෙට සිට

අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම හෙට(28) සිට ආරම්භ කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කරයි. ඒ අනුව සියලු ගැටලු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට මෙම දීමන පළමු අදියරේ දී ම ලබා ගැනීමට හැකිය. මුදල් මුදා හැරීමේ ගැටලු මතුවීමත් සමඟ ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාදයන් සිදු විය. කෙසේ වෙතත් මේ වනවිට සුබ සාධක මණ්ඩයට නව සභාපතිවරයෙකු පත් වීමත් සමඟ එම…

ශානි අබේසේකර වසර තුනකට පසු නිදොස් කොට නිදහස් කෙරේ

ශානි අබේසේකර වසර තුනකට පසු නිදොස් කොට නිදහස් කෙරේ

ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ පිහිටි නිවසක පිටුපස තිබූ දර මඩුවක ටී 56 වර්ගයේ ගිනි අවි සහ ක්ලේමෝ බෝම්බයක් ඇතුළු ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය සඟවා තබා එම අවි සහ පුපුරන ද්‍රව්‍ය හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන්ට අයත් යැයි කියමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට බොරු සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින…

වන ගිනි තැබීම් ඉහළට

වන ගිනි තැබීම් ඉහළට

වන ගිනි ගැනීම් මැඩපැවැත්වීම හා ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මක බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය දිනවල ඇති වූ ගිනි ගැනීම් හේතුවෙන් හෙක්ටයාර් 2600ක පමණ වනබිම් විනාශ වී ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිනෙන් දින වනාන්තර ගිනි ගැනීම් ඉහළ යමින් පවතින බවයි. රක්වාන, ගල්පාය ප්‍රදේශයේ එලෙස සිදු කළ…