පසුගිය දිපවාලී උත්සව සමයේදි බිම වැටි තිබු රුපියල් පනස් දාහාක් සහිත මුදල් පසුම්බියක් අහුලා අයිතිකරුට බාර දුන් කම්කරුවකුට උපහාර දැක්විමක් අද 27වන දින හැටන් සිරිකුරුස දේවස්ථානයේදි සිදු කරන ලදි.
හැටන් දික්ඔය නගර සභාවේ මාර්ග අතුගාන කම්කරුවකුලෙස සේවය කරන දරු හය දෙනකුගේ පියකු වන ජේ. සෙල්වම් (අවුරුදු 43) යන අය වෙනදා මෙන් නගරයේ මාර්ග අතුගාමින් සිටින විය යම් පසුම්බියක් දැක එය රැගෙන බලන විට එහි රුපියල් පනස්දාහාක මුදලක් තිබි ඇත.

පසුව එම මුදගල් පසුම්බිය රැගෙන ගිය සෙල්වම් හැටන් දික්ඔය නගර සභාවේ එවකට නගර සභාපති ලෙස කටයුතු කල එස්. බාලචන්ද්‍රන් යන අයට ලබාදිමෙන් අනතුරුව බාලචන්ද්‍රන් මහතා විසින් එය අයිතිකරු සෙයා සෙල්වම්ද සමග අයිතිකරුට බාර දිමට පියවර ගෙන ඇත.

මෙම සිද්දිය පිලිබදව විස්තර දැනගැනිමෙන් පසු එවන් උදාර සේවයක් කල එම කම්කරුවා වන සෙල්වම්ට උපහාර දැක්විමක් කල යුතු බවට හිතට ගත් හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පියතුමන් ඒ පිලිබදව අදාල අංශ දැනුවත් කිරිමෙන් අනතුරුව සිටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක එස්. නිකලස් මහතාගේ සම්බන්ධිකරනයෙන් මෙම උපහාර උත්සවය පැවැත්විම සිදු කරන ලදි.

මෙහිදි අදහස් දැක්වු නියුමන් පිරිස් පියතුමන් පවසන ලද්දේ මුදල් පසු පස හබා යන මෙවන් යුගයක මාර්ග අතුගාන කම්කරුවක් ලෙස සේවය කරන ජේ. සෙල්වම් යන අය මෙම ප්‍රදේශයට පමනක් නොව මුලු රටටම ආඩම්බරයක් බවත්ය.
ද්‍රවිඩ හිංදු පුද්ගලයකු වන මොහු ඔවුන්ගේ අති උත්කර්ෂවත් උත්සවයක් වන දිපවාලි සමයක මෙසේ අහුලා ගත් මුදලින් දිපවාලිය සැමරිම පසේක තබා එම මුදල අදාල අයිතිකරුට ලබා දිමට පියවර ගැනිම උදාරතර කට යුත්තක්.
වෙනත් අයෙක් නම් මෙසේ අසුලා ගන්නා ලද මුදලින් විවිධ දේ කිරිමට පෙලබෙන බවත් එහෙත් අහිංසක කම්කරුවකු වන මෙම සෙල්වම් යන අය කරන ලද එම උදාරතර කටයුත්ත ඇගයිමට තමන් සිතට ගත් බවත් ඒ අනුව එම කටයුත්ත අද දිනයේ පැවැත්විම මෙසේ සිදු කරන බවද නියුමන් පිරිස් පියතුමන් වැඩි දුරටත් පවසන ලදි.

මෙහිදි කරන ලද විමසිමකදි අදහස් දැක්වු ජේ. සෙල්වම් යන අය පවසන ලද්දේ තමන් වසර 14ක් හැටන් දික්ඔය නගර සභාවේ කම්කරුවකු ලෙස සේවය කරන බවත්ය.
වෙනදා මෙන් සුපුරුදු ලෙස තමන් මාර්ග අතුගා සුද්ධ පවිත්‍ර කිරිමේ කටයුතුවල යෙදි සිටින විට කසල ගොඩේ යම් පසුම්බියක් තිබෙනු දැක එය රැගෙන බලන විටදි එහි රුපියල් පනස් දාහාක මුදලක් තිබෙනු දැක එම මුදල් සහිත පස්ම්බිය එවක නගර සභාවේ සභාපති ලෙස කටයුතු කල බාලචන්ද්‍රන් මහතාට ලබා දිමට පියවර ගත් බවත්ය.
පසුව සභාපති තුමන් විසින් එම මුදල් පසුම්බියේ නියම අයිතිකරු සොය නගර සභාවට එම අයිතිකරු කැදවා තමන් ඉදිරියේදි එම මුදල් පසුම්බිය අයිතිකරුට බාර දිමට පියවර ගත් බවද ඔහු පැවසිය.

දිපවාලි උත්සව සමයේ තම දරුවන්ට ඇදුම් ලබා දිමටවත් අඩු තරමින් බුලත් විටක් කැමටවත් තමන් සන්තකයේ මුදල් නොතිබුන බවත් එහෙත් අනුන්ගේ දෙයකු තමන් සතු කර ගෙන එම මුදලින් දිපවාලිය සැමරිමට වඩා එම මුදල එහි අයිතිකරුට ලබා දිම සුදුසු බවට හැගුන නිසා එම මුදල් පසුම්බිය අදාල පුද්ගලයාට ලබා දිමට තමන් පියවර ගත් බවද ඔහු පැවසිය.

තමන් කල එම කටයුත්ත පිලිබදව තමන්ව මෙසේ ඇගයිමට ලක් කිරිමට පියවර ගත් හැටන් ක්‍රිෂ්තු දේවස්ථානයේ ප්‍රධාන පුජක තුමන් ඇතුළු සියළුම දෙනාට තමන් මෙම අවස්ථාවේදි ස්තුතිය පුද කරන බවද ඔහු වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts