mice-sound

විකාශන අධිකාරි පනත් කෙටුම්පත ගැන අධ්‍යනයට කමිටුවක්

යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත ඇතුළු ඉදිරියේදී ආණ්ඩුව ගෙන ඒමට යෝජිත ‍පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ එකමුතුව කමිටු කිහිපයක් පත් කර තිබේ. ඒ අනුව යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා වන කමිටුව පත් කර ඇත්තේ, මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ය. එහි සෙසු සාමාජිකයින් ලෙස ඉම්තියාස් බාකිර් මාකර්, ගයන්ත…

train schedule train booking today train time table train schedule sri lanka train booking sri lanka tomorrow train time table train schedule new sri lanka train

පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර 10ක්

පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර 10ක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අනිද්දා (02) සිට ලබන 5 වැනි දා දක්වා එම දුම්රිය ගමන්වාර ක්‍රියාත්මකයි. ඒ අනුව බෙලිඅත්ත, ගාල්ල හා කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රිය අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙනු ඇති. අනුරාධපුරයේ සිට ද කොළඹ කොටුව ඇතුළු ගමනාන්ත කිහිපයක් වෙත විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනයට…

vannila-aththo
|

ආදීවාසීන්ගේ වේලක වියදම මිහින්තලයට දෙයි

මගේ ගමේ මගේ පරම්පරාවේ මිනිස්සු එක වේලක වැය කරන මුදල් එකතු කරලා මිහින්තලේ පොසොන් සැමරුම සැමරීමට ආධාර කරන්න සූදානම් වෙලා ඉන්නවා යැයි ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පවසයි. රටේ අර්බුදයක් අහේනියක් තියෙනවා කියලා රජයට මිහින්තලේ පොසොන් සැමරුම මග ඇර ඉන්න බෑ. මේ සිද්ධිය ලෝකයට ගියාම අපිට ලොකු අපකිර්තියක්. මෙවර පොසොන් ජාතික උත්සවය…

ol-exam

සමත් නැති ගොඩට දැමූ පහේ 146 ඉහළින්ම පාස්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදී විභාගය අසමත්ව සිටි සිසුන් 146 දෙනකු කඩඉම් ලකුණු අභිබවා විභාගය සමත්ව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා සිංහල මාධ්‍ය සිසුන් 20334 දෙනකු සහ දෙමළ මාධ්‍ය සිසුන් 4823 දෙනකු වශයෙන් සිසුන් 25157 දෙනකු ඉල්ලුම් කර තිබූ බවද අමිත්…

arrack

ජුනි 19 සිට ජුලි 04 වැනි දා දක්වා සුරාසැල් වැසේ

කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් සුරාසැල් ජුනි 19 වැනි දා සිට ජුලි 04 වැනි දා දක්වා කාලය අතරතුර වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය ලැබී තිබේ. ඵෙතිහාසික රුහුණු කතරගම දේවාලයෙහි ඇසළ උත්සවය සදහා සහභාගී වීමට පැමිණෙන බැතිමතුන් කිසිවෙකුටත් මත්පැන් හා මත්ද්‍රව්‍ය මෙම පූජාභූමිය තුලට ගෙන ඒම සපුරා තහනම් වන අතර…

විශේෂ කලා ප්‍රදර්ශනයක් අද කොළඹදී

විශේෂ කලා ප්‍රදර්ශනයක් අද කොළඹදී

ද ටැලන්ට් ටුවෙන්ටි ෆෝ නමින් විශේෂ කලා ප්‍රදර්ශනයක් කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේදී අද පස්වරුවේ ආරම්භවෙයි. එම කලා ප්‍රදර්ශනය අද සිට ජුනි 01 වනදා දක්වා පැවැත්වෙයි. ඉරංගා වෙදගේ විසින් රචනා කළ සහ ඇය විසින් තනු නිර්මාණය කරන ලද ගීතයක් එළි දැක්වීමද එහිදී සිදුකිරීමට නියමිතයි.

jaica

LRT ව්‍යාපෘතිය ගැන සාකච්ඡා ඇරඹීමට අනුමැතිය

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පසුගිය දා ජනාධිපතිවරයා ජපානයේ සිදුකළ සංචාරයට පෙර එම තීරණය ගෙන ඇත. අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය. යළිත් ශ්‍රී ලංකාව පිළිබඳව අන්තර්ජාතික වශයෙන් විශ්වසනීයත්වයක් ඇති කිරීම සඳහා එම තීරණය ගත් බවද…

weather

උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සඳහා එම අවවාදාත්මක නිවේදනය වලංගු වේ. ඒ අනුව එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමුකළ මට්ටමන පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

slparli
|

පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව කාර්යක්ෂම නැතැයි ජනාධිපතිට පැමිණිලි

පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව කාර්යක්ෂම නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි ලැබී තිබේ. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු ස්වාධීන කොමිෂන් සභා අලුතින් පිහිටුවිය යුතු වුවත් තවමත් මානව හිමිකම් කොමිෂන් සභාවට නව නිලධාරීන් පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අපොහොත්වී ඇතැයි ජනාධිපතිවරයා වෙත ලැබුණු පැමිණිලි වල සඳහන් වන බව වාර්තා විය. මානව හිමිකම් කොමිසමට පත් කිරීම…

police

ආගමික සංහිදියාවට බාධා කරන්නන් සොයන්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිදියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා ක්‍රියාත්මක වීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. පසුගිය කාලය පුරාම මෙවැනි කණ්ඩායම් රටේ තැන් තැන් වලින් මතුවූ අතර ඔවුන්ගේ මෙම ක්‍රියා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම වෙනුවෙන් සංවිධානාත්මකව කරන ක්‍රියාවක් මිස අහඹු ක්‍රියා නොවේයැයි ජනාධිපතිවරයා වෙත ලැබුණු…