යුපුන් අවසන් මහා තරගයට
ඉතාලියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියක මීටර් 100 අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්විය. 12° MEETING INTERNAZIONALE “CITTÀ DI SAVONA” මලල ක්‍රීඩා තරගාවලියේ පළමු වටයේ තරගයකින් දෙවන ස්ථානය හිමිකරගනිමින් ඔහු මෙලෙස එහි අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේය. එහිදී යුපුන් වාර්තා කළ කාලය තත්ත්පර 10.04කි.









