uk

සන්නද්ධ කණ්ඩායමක් යුක්රේනයේ සිට රුසියාවේ බෙල්ගොරොඩ් ප්‍රදේශයට ඇතුළු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී එම සන්ද්ධ කණ්ඩායම සහ රුසියානු හමුදාව අතර හටගත් ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් රැසක් තුවාල ලබා ඇති බවයි රුසියානු බලධාරීන් සඳහන් කළේ.

ජනාධිපති ව්ලැදිමීර් පුටින් බලයෙන් පහ කිරීම සඳහා රුසියාව තුළ ක්‍රියා කරන බව පවසන යුක්රේනය පදනම් කරගත් සන්නද්ධ කණ්ඩායමක් මෙම ප්‍රහාරය එලල් කර ඇති බවයි වාර්තා වෙයි.

රටට ඇතුළු වූ කඩාකප්පල්කාරී කණ්ඩායම කවුරුන්ද යන්න සොයා බලමින් සිටින බව ද රුසියානු බලධාරීන් පවසයි.

Similar Posts