දුම්වැටි සහ මත්පැන් බදු ජනතාවට දරාගන්න බෑ

දුම්වැටි සහ මත්පැන් බදු ජනතාවට දරාගන්න බෑ

රටේ සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි අන්දමින් මේ වනවිට දුම්වැටි සහ මත්පැන් බදු ඉහළ නංවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි. අනෙකුත් භාණ්ඩ හා සේවාවලට සාපේක්ෂව මත්පැන් සහ දුම්වැටි බද්ද ලෙස ජනතාවගෙන් උපරිම බද්දක් අයකරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි. එම බදු ඉහළ නැංවීම හේතුවෙන් ජනතාව නීත්‍යනුකූල නොවන මත්පැන් සදහා…

eggs

බිත්තර හිඟ වුණු හේතුව

බිත්තර සඳහා පනවා ඇති පාලන මිල වෙළදපලේ පවතින බිත්තර හිගයට හේතුව බව සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසුවේ බිත්තර ආනයනය කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් ව්‍යාපාරිකයින් රැසක් එම කර්මාන්තයෙන් ඉවත්වෙමින් සිටින බවයි. කෙසේවෙතත් ඇතැම් පාර්ශව චෝදනා කරන්නේ උත්සව සමයේ වැඩි මිලට අළෙවි කිරීම සදහා ඇතැම් බිත්තර නිෂ්පාදකයින් බිත්තර තොග…

gov

රාජ්‍ය සේවකයින්ට විශේෂ චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයින්ට අතිකාල සහ අනෙකුත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කළේ, ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශය මගින් ඊයේ (26) නිකුත් කර ඇති බවය. මේ අතර මාර්තු සහ අප්‍රේල් මාසවල රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා ගෙවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල්වලින් කොටසක් ලබාගැනීමට සිදුව ඇති…

බීමත් රියදුරන්ට ඇප නැති වෙයි

බීමත් රියදුරන්ට ඇප නැති වෙයි

බීමත් රියදුරන්ට පොලිස් ඇප ලබා නොදී ඔවුන්ට එරෙහිව අධිකරණ හමුවේ නඩු පවරන ලෙස රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇතැයි වාර්තාවෙයි. බීමත් රියදුරන් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ක්‍රම දෙකක් යටතේ ඔවුන් පරීක්ෂණ සඳහා යොමු කෙරෙනවා. ඉන් අනතුරුව පොලිස් ඇප මත එම රියදුරන් නිදහස් කිරීමට පොලිස් මූලාස්ථානාධිපතිවරුන් සහ…

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා  ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න
|

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඊයේ (25) සිය ධුරයේ වැඩ ආරම්භ කළේය. එහිදී ඔහු සඳහන් කළේ, පක්ෂ දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව නීතිඥ සංගමයේ ඉදිරි කටයුතු කරගෙන යාමට පියවර ගන්නා බවය. 2023 – 2024 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඡන්ද…

imf lanka c news sinhala

IMF ශ්‍රී ලංකාවේ දූෂණ ගැන වාර්තාවක් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අල්ලස් නතර කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිසංස්කරණ ඇතුළත් වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලක් රජය ඒකාබද්ධව සකස් කිරීම ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය ලබා ගැනීමේ දී අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය පොරොන්දු වී ඇත. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය…

light

කුරුණෑගල ආගමන විගමන කාර්යාලයේ විදුලිය කපයි

ඊයේ (24) පෙරවරුවේ කුරුණෑගල ආගමන විගමන කාර්යාලයේ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් එහි සේවා කටයුතුවලට බාධා මතු වී ඇත. පෙරවරුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරින් එහි විදුලිය විසන්ධි කර ඇති බව ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය සදහන් කරයි. ලංකා විදුලි බල මණ්ඩයේ සාමාන්‍යාධිකාරි රෝහාන් සෙනෙවිරත්න මේ සම්බන්ධයෙන් සදහන් කළේ, විදුලි බිල නොගෙවීම හේතුවෙන් එම කාර්යාලයේ…

සේවා දායකයෙක් අපි ගාවට ආවොත් සීමිත හේතූන් මත මිස ප්‍රතික්ෂේප කරන්න බෑ – සාලිය පීරිස්
| |

සේවා දායකයෙක් අපි ගාවට ආවොත් සීමිත හේතූන් මත මිස ප්‍රතික්ෂේප කරන්න බෑ – සාලිය පීරිස්

හරක් කටා වෙනුවෙන් පෙනී සිටින ගමන් පොලිස්පති වෙනස් කරන්න උපදෙස් ලබාදෙන බව කියමින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඩීවී චානක මන්ත්‍රීවරයා නම නොකියා විවේචනයක් සිදු කළ නීතීඥවරයෙකු ගැන කථාබහක් මතුවිය. මේ අදහස් අතරේ ශ්‍රී ලංකා නීතීඥ සංගමේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මාධ්‍ය හමුවකට සහභාගී වී මෙසේ පැවසීය. “අපි ජනාධිපතිතුමාට ලිව්වා නිකැලැල් පුද්ගලයෙක් පොළිස්පති ධූරයට පත් කරන්න…

mandaposanaya
|

ළමා මන්දපෝෂණය ගැන සෙවීමට විශේෂ කාරක සභාවක්

මෙරට ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න පිළිබඳව සොයාබැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් නම්කර තිබෙනවා. එම කමිටුව හරහා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ ගතයුතු කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබැලීම නියමිතයි. මීට අමතරව එම කාරක සභාව හරහා හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කෙරෙනු ඇති. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නම් කරන ලද සාමාජිකයින් වන්නේ., වඩිවේල් සුරේෂ්…

ජයතිලක හේරත් දිවි රඟ මඩලට සමුදෙයි

ජයතිලක හේරත් දිවි රඟ මඩලට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මෙතුමා රූපවාහිනී, සිනමා සහ වේදිකාව යන මාධ්‍ය ත්‍රිත්වයෙන්ම රසික හදවත් පිනවීමට සමත් වූ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වනවා. එමෙන්ම ආධුනික ශිල්පීන් ගණනාවකට ගුරුහරුකම් ලබාදුන් ඒ මහතා අද උදෑසන දිවි මඩලට සමු දී තිබෙනවා. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.