දුම්රිය 10ක් අදත් අවලංගුයි
දුම්රිය සේවක හිඟය හේතුවෙන් අද (3) මධ්‍යහන 12.00වන විට දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. එම තත්වය හේතුවෙන් පස්වරුවේ ද දුම්රිය රැසක් අවලංගු වීමේ අවදානමක් ද ඇති බව එම සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.









