”රට ඉස්සරහට යන්න දේශපාලන ප්‍රතිසංස්කරණ අනිවාර්යයි” – මුජිබර් රහුමාන්

rahuman

”රඹුක්කන සිද්දියේ දී අපි දකිනවා නීතියේ ආධිපත්‍ය තුළ තියන වෙනස. නීතියේ ආධිපත්‍ය කියන එක ජාතීන් අනුව භාෂාව අනුව දේශපාලන පක්ශ අනුව වෙනස් වෙනවා. ඒ වගේම රටේ පාලකයන්ගේ උවමනා අනුවත් නීතියේ ආධිපත්‍ය වෙනස් වෙනවා.

අපි අරගලයේ ප්‍රචණ්ඩත්වය ගැන කතා කරනවා, නමුත් ප්‍රචණ්ඩත්වයට හේතු වූ කාරණා කතා කරන්නේ නැහැ. දරුවොන්ට කන්න නැතුව පාරට බැහැපු මිනිස්සුන්ව අල්ලා හිරේ දානවා නමුත් කෝ පාස්කු ප්‍රහාරයට යුක්තිය..? සහරාන් සමඟ සමීප සම්බන්ධතා පවත්වපු අය නිදොස්කොට නිදහස්.

ස්වාධීන ආයතන කියලා බෝඩ් ගහලා තිබුණට ඒවගේ ඇති ස්වාධිනත්වයක් නැහැ.ස්වාධීන ආයතන ඇති කරන්න පාලනයක් ඇති කරන්න 19න් පස්සෙ සංශෝධන ගණනාවක් ගේනවා ඇති උන ස්වාධීනත්වයක් නැහැ. තමන්ගේ වරප්‍රසාද වෙනුවෙනේ හැම එකකටම අත උස්සන මන්ත්‍රීවරු කීපයක් ඉන්නවා. අන්න එහෙම අය සමඟයි අපිට දූෂණ වංචා ගැන,සිස්ටම් චේන්ජ් ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න වෙලා තියෙන්නේ.

අරගලයේ කාළයේ දී හැමෝම දේශපාලන ප්‍රථිසංස්කරා ගැන කතා කරා දැන් කවුරුත් ඒ පිළිබඳව කතා කරන්නෙ නැහැ. අඩුම තරමේ වර්ථමාන ජනාධිපතිවරා දේශපාලන ප්‍රතිසංස්කරන ගැන කතා කරා එවකට ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී. ඔහු කිව්වා අපි තරුණයන්ට ඇහුම්කන් දිය යුතුයි දේශපාලන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි නැතිනම් පාර්ලිමේන්තුව ගිනි තියයි කියලා නමුත් රනිල් ව්ක්‍රමසිංහ දැන් ජනාධිපති දැන් කෝ ඒ කිව්ව කතා?

අපේ රට ඉස්සරහට යන්න අනිවාර්යෙන් දේශපාලන ප්‍රතිසංස්කරණ තිබිය යුතුයි. අවු.74ක් ගිහින් තිබුණත් තවමත් අපි එකතැන පල් වෙන්නේ මේ නිසා. ඒ වගේම ඉස්සරහට යන්න නීතියේ ආධිපත්‍ය සහ සංහිදියාව පිළිබඳව අපේ මිනිස්සුන්ගේ ආකල්ප දියුණු වෙන්න ඌනි. නැතිනම් තව අවුරුදු ගණනාවකට අපිට ඉස්සරහට යන්න බැහැ.”

අද(30) දින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් පවත්වන ලඳ ‘2022’ ආපසු හැරී බැලීම යන වැඩසටහන ට එක් වී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙම අදහස් පළ කළේය.

මේ සඳහා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරියක් වන අනුෂ්‍යා ශන්මුගනාදන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන්,ජනාධිපති වෘතීය සමිති අධ්‍යක්ෂක ජෙනරාල් සමන් රත්නප්‍රිය සහ රයිට් ටු ලයිෆ් හි විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

එසේම මෙහි දී අප්‍රේල් 19 රඹුක්කන ප්‍රචණ්ඩත්වය සහ මැයි 09 ගෝල්ෆේස් ප්‍රති ප්‍රතිප්‍රචණ්ඩත්වය පිළිබඳව සැකසුණු සිද්ධි අධ්‍යන වාර්ථා එළි දැක්වීම සහ මැයි 09 ගෝල්ෆේස් ප්‍රහාරය පිළිබඳව නිර්මාණය වූ වාර්ථාමය චිත්‍රපටය එළි දක්වන ලඳි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….