audit1

සියලුම දේශපාලඥයින් විගණනයට ලක් කළ යුතුයි

තමන් විගණනයට සූදානම් බවත්, සියලුම දේශපාලඥයින් විගණනයට ලක් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පවසයි. දේශපාලඥයින්ට අමතරව සංස්ථා සභාපතිවරුන් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ මෙරට සහ විදේශ රටවල තිබෙන සියලුම වත්කම් විගණනයට ලක් කළ යුතු බවද ඔහු අවධාරණය කරයි. ඒ ආකාරයට සියලුම දේශපාලඥයින්ගේ, සංස්ථා සභාපතිවරු සහ ඉහළ රාජ්‍ය නිලධාරින්ගේ මෙරට සහ විදේශීය වශයෙන් පවතින වත්කම්…

galle

ගෝල්ෆේස් තනිනොකරමු – ගාල්ලේ උද්ඝෝෂණය දිගටම

ගෝල්ෆේස් තනිනොකරමු තේමාව යටතේ ගාල්ල බස් නැවතුම අසල පැවැත්වෙන උද්ඝෝෂණයක කූඩාරමක් ඉවත් කිරීමට පොලිසිය උත්සාහා කිරීමේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. මෙම උද්ඝෝෂණය ඉකුත් 15 වැනිදා ආරම්භ විය.මෙහිදී නීතීඥවරුන් පිරිසක් මැදිහත්වී පොලිසිය සමග සාකච්චා කිරීමෙන් පසු ගැටුම සමතයකට පත් විය. උද්ඝෝෂණය දිගටම පැවැත්වේ.   – ගෝටාගෝගම ගාල්ල ශාඛාවට පොලිසියෙන් බාධා

udgosana

ජනාධිපතිට හා රජයට ඉවත් වන ලෙස වතුකරයේත් උද්ඝෝෂණ

ජනාධිපතිට හා රජයට ඉවත් වන ලෙස ඉල්ලමින් හැටන් මල්ලි අප්පුව මංසන්ධියේදි  උද්ඝෝෂණයක් පවත්වන ලදි. වතුකරය නියෝජනය කරන රාජ්‍ය නොවන සංවිධාන කිපයක් එකට එක්ව මෙම උද්ඝෝෂණය පැවැත්වු අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව සදහා හැටන් පොලිසියේ නිලධාරින්ද යොදවා තිබුනි. මනුර සුදත් සෙල්ලහේවා

yagaya

මාතෘභූමිය බේරාගැනීමට මහා ගම්මඩු ශාන්තිකර්මයක් හා සන්නි යකුමක්

අඛණ්ඩව 09 වැනි දිනටත් මේ වනවිටත් නොනැවතී ඉදිරියට යන ගාලුමුවදොර විරෝධතා භූමියේ දී ඊයේ (16) රාත්‍රියේ දී  ගම්මඩු ශාන්තිකර්මයක් හා සන්නි යකුමක් සිදු කර තිබෙනවා. රට මුහුණපා ඇති විපත්වලින් මාතෘභූමිය බේරාගෙන, දෙවියන්ගේ ආරක්ෂාව මව් බිමට ලබාදෙන ලෙස ඉල්ලමින් සහ දූෂිත පාලනය මෙරටින් අතුගා දමන ලෙස දෙවියන්ට භාර කරමිනුයි මෙම තොවිලය පැවැත්වී ඇත්තේ.

gll

ගෝටාගෝගම ගාල්ල ශාඛාවට පොලිසියෙන් බාධා

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බල කරගෙන ගාල්ලේදී පැවති විරෝධතාවයට අද උදෑසන පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ එහි තිබූ කූඩාරම් ගලවා ඉවත් කර තිබේ. ගාලු මුවදොර පිටියේ දී පැවැත්වෙන විරෝධතාවලට සහාය පළ කරමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබුණි. ‘ගෝටාගෝගම ගාල්ල ශාඛාව’ ලෙස එම විරෝධතාවයන් නම් කිරීමට ද කටයුතු කර තිබිණි.

poya

බක් පුර පසළොස්වක පොහොය අදයි

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූ බක්පුර පසළොස්වක පොහෝ දිනය අදයි. මිණි පළඟක් වෙනුවෙන් චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමතයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කාළේ, අදවන් බක්පුර පසළොස්වක පොහෝ දිනකයි. සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනකය.

oil

ඉන්ධන සැපයීම සීමා කරයි

සිපෙට්කෝ පිරවුම්හලින් ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබේ. යතුරු පැදි සඳහා ඉන්ධන නිකුත් කළ හැක්කේ රුපියල් දහසක උපරිමවකට යටත්වයි. ත්‍රිරෝද රථ සඳහා රුපියල් 1500 ක්ද,කාර් , වෑන් , ජීප් ඇතුළු අනෙකුත් වාහන සඳහා රුපියල් පන්දහසක ද ඉන්ධන නිකුත් කෙරනු ඇති. මෙම සීමා කිරීම් බස්රථ සහ සෙසු වාණිජ කටයුතු සඳහා භාවිත වන ඩීසල් වාහන සඳහා අදාළ…

weather

අද ගිගුරුම් සහිත වැසි

පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි…

sataka

කසල බෑග් වලට රතු සාටක

කොළඹ ගාලුමුවදොර විරෝධතාවේ යෙදෙන විරෝධතාකරුවන් විසින් එවන් විරෝධතා භූමියේ ඉවත දැමිය යුතු කසල සූදානම් කර අමුතු සැරසිල්ලක් සිදු කර ඇත. ඒවා කළු පැහැති කවර වල දමා රතු පැහැති සාටක ආකාරයේ පටි පලදවා ගාල්ල මූවදොර එක පෙළට තබා ඇති ආකාරය දකින්නට ලැබේ.  

police-aragla-bumiya
|

“දරාගන්න බෑ හාමුදුරුවනේ..! සියල්ලන් හැඬවූ පොලිස් නිලධාරියාගේ සංවේදී කතාව

“දරාගන්න බෑ හාමුදුරුවනේ..! මට ජොබ් එක නැතිවුණාට කමක් නෑ, මම පතල් වැඩ කරලා හරි ජීවත් වෙනවා…” සියල්ලන් හැඬවූ පොලිස් නිලධාරියාගේ සංවේදී කතාව නිල ඇඳුමින් ගාලුමුවදොර විරෝධතාකරුවන් අතරට ගොස් ඔවුන්ට සහාය දක්වන ප්‍රකාශයක් සිදු කළ පොලිස් සැරයන්වරයෙකුට විනය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා. මෙම සිදුවීම මත අනාවරණ තොරතුරු මත නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත්, පොලිස් මාධ්‍ය කොට්ඨාසය…