ranil
|

වත්මන් ආර්බුදයට රනිල්ගෙන් යෝජනා 9ක්

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසදුම් සදහා වූ යෝජනාවලියක් හිටපු අගමැති හා ඒක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. කරුණු 9 කින් යුත් ඒම යෝජනා සභාගත කරමින් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශකර සිටියේ 20 වැනි ව්‍යවස්ථාව සංශෝධනය තුළින් සිදු වූ පාර්ලිමේන්තුව දුර්වල කිරීමේ ප්‍රථිවිපාකයක් ලෙස අද…

police

රඹුක්කනට තවදුරටත් පොලිස් ඇදිරි නීතිය

රඹුක්කන පොලිස් බලප්‍රදේශයට පැනවූ ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකය. රඹුක්කන ප්‍රදේශයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය සලකාබලා පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වනපරිදි එම තීරණය ගත් බව ,පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. රඹුක්කන හරහා ගමන් කරන ජනතාව ඒ සඳහා විකල්ප මාර්ග තෝරාගත යුතු බවද පොලීසිය දැනුම් දෙයි.

bus

අවම බස් ගාස්තුව තවත් ඉහළ‌ට – පාසල් ළමුන් ප්‍රවාහනයත් අඩාලයි

ඉන්ධන මිල ඉහල දැමීම හමුවේ ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 35% කින් ඉහළ දැමිණ. ඒ අනුව රුපියල් 20 ක් ලෙස පැවති අවම බස් ගාස්තුව රුපියල් 27 දක්වා ඉහළ ගියේ ය. පාසල් ළමුන් ප්‍රවාහන කටයුතුවලින් අද දිනයේ ඉවත් වන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන කරන්නන්ගේ සංගමය පවසයි. මේ අතර තිරිඟු පිටි මිල සහ…

strick
|

අද (20) ජාතික කළු විරෝධතාවක්

රාජ්‍ය අංශයේ වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන එක්ව අද (20) දීප ව්‍යාප්ත විරෝධාතා දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ. එය නම් කර ඇත්තේ ‘ජාතික කළු විරෝධතාව’ ලෙසයි. ජනතාවගේ හඬට සවන්දී ජනාධිපතිවරයා හා ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් මෙම විරෝධතාව පැවැත්වෙන බව වෘත්තිය සමිති එකමුතුවේ සාමාජික රවී කුමුදේශ් මහතා සඳහන් කළේ ය.

china
|

චීන නගර වැසියන් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක්

චීනයේ ෂැංහයි නුවර සම්පූර්ණයෙන්ම අගුළු ලා සති තුනක් ගතවෙමින් තිබියදී නගර වැසියන් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් මතු වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. නගරයේ ඇතැම් නිවාස සංකීර්ණ මුළුමනින්ම කොවිඩ් ආසාදිතයන්ගේ නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කිරීම චීනයේ නව කොවිඩ් වසංගතයේ බරපතළ ස්වභාවය මැනවින් පෙන්නුම් කරන බවත් එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි. අනපේක්ෂිත අයුරින්…

curfew

නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවයි

රඹුක්කන ප්‍රදේශයට  නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවයි. ඉන්ධන ගැටළුවට විසඳුම් ඉල්ලා අද අලූයම 1.30 සිට මෙම පිරිස රඹුක්කන නගරයෙන් මහනුවර – කොළඹ දුම්රිය මාර්ගය අවහිර කර විරෝධයේ නිරතවන අතර තවත් පිරිසක් රඹුක්කන – කෑගල්ල, කුරුණෑගල සහ මාවනැල්ල මාර්ග වසා සිය විරෝධයේ උණුසුම්කාරී තත්ත්වය අතර තුර  එක් අයකු මියගොස් 27 දෙනකු තුවාල ලබා කෑගල්ල…

rabukkana

විරෝධතාකරුවන්ට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර – පොලිස් වෙඩි තැබීම්

රඹුක්කන ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක් අවහිර කරමින් පැවති විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ. පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයකදී සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පිරිසෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කෑගල්ල රෝහල තහවුරු කරයි. තුවාල ලද පිරිස 11 ක් බවත් 4 ක් බරපතල බවත් වාර්තා වන අතර බරපතල තත්වයට පත්වූ එක්අයෙකු රෝහලේදී මරණයට…

media
|

”මාධ්‍යවේදීන්ගේ අයිතිය සුරකිනු” මාධ්‍යවේදීහුත් විරෝධතාවයේ

ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් ගාල්මුවදොර, ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පැවැත්වෙන විරෝධතාවට සහාය දක්වමින් එම ස්ථානයේදී මාධ්‍යවේදීහු පිරිසක් ඊයේ (18) පස්වරුවේ විරෝධාතාවක් පැවැත්වූහ. එහිදී විරෝධාකාරුවෝ ”මාධ්‍යවේදීන්ගේ අයිතිය සුරකිනු” සහ “පහරදීම් හෙළා දකිනු” ආදි සටන් පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළහ.  

busstand

බස් ගාස්තු සියයට 50කින් ඉහළ දැමීමට සුදානමක්

ඉන්ධන මිල ඇතුලු වියදම් ඉහළ යාම හේතුවෙන් ජූලි මාසයේදී සිදුවන වාර්ශික ගාස්තු සංශෝධනයේදි අවම බස් ගාස්තුව රුපියල් 40ක් කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. මෙයට අමතරව සියලුම බස් ගාස්තු සියයට 50කින් ඉහළ දැමීමට සිදුවන බවත් විජේරත්න මහතා ප්‍රකාශ කළේය. අයි. ඕ. සී ඉන්ධන පිරවුම් හල් වල පමණක් ඉන්ධන…

vikter-ivon
|

වික්ටර් අයිවන්ගෙන් විශේෂ පණිවුඩයක්

කොළඹ ගාලු මුවදොර විරෝධතාව යෙදෙන විරෝධතාකරුවන් සම්බන්ධයෙන් මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අදහස් පළ කරනවා. ඔහු පෙන්වා දෙන්නේ එම විරෝධතා කරුවන් පළමුකොට ම එහි දැක්වෙන අරාජික ස්වරූපයෙන් වෙනස් විය යුතු බවයි. දේශපාලන පක්ෂයක් හදා ගැනීම හෝ උපදේශක මණ්ඩලයක් පත්කර තම නායකත්වය ඔවුන් විසින් ප‍්‍රසිද්ධ කළ යුතු බවද හෙතෙම පැවසීය. එසේ නොවී පවතින ආණ්ඩුව පෙරළා දැමිය හැකි…