dengue treatment DengueAwareness FightDengue DenguePrevention StopDengue DengueSymptoms HealthEducation MosquitoControl PublicHealth StaySafe DengueOutbreak
|

ගංවතුර බැස ගියත් ඩෙංගු හිස ඔසවයි

ගංවතුර ආපදා තත්ත්වයට මුහුණ දුන් උතුරු – නැගෙනහිර ප්‍රදේශවල විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා ජනතාවට දැනුම් දෙන්නේ, මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කර දමන ලෙසයි. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 45,448ක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් 19,487ක්…

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 479,871ක් පීඩාවට
|

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 479,871ක් පීඩාවට

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පවුල් 142,624ක පුද්ගලයින් 479,871ක් අවතැන් වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. එමෙන්ම ආපදාවෙන් මේ වන විට පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබේ. නිවාස 103 ක් සම්පූර්ණයෙන් හානි සිදුව ඇති අතර තවත් නිවාස 2,635 ක් අර්ධ හානි වී ඇති බව…

නැවතත් වැසි සහ සුළං
|

නැවතත් වැසි සහ සුළං

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 29 වැනි දින පෙ. ව. 05.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 260 ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 305 පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබුණි. එය වයඹ දෙසට ගමන් කර සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් තමිල්නාඩු වෙරළට දක්වා ගමන් කිරීමට වැඩි හැකියාවක් ඇත….

income-tax
|

ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අදයි

2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද (30) බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ සඳහන් වන්නේ ආදායම් බදු වර්තා මාර්ගගත ක්‍රමයට පමණක් ලබා ගන්නා බවයි. ඒ සඳහා තාක්ෂණික සහය ලබාදීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය හා නගර කාර්යාල සාමාන්‍ය රාජකාරී දිනයක් මෙන් හෙට…

gold
|

රත්තරන් මෙට්‍රික් ටොන් 1,000ක රන් නිධියක් හමුවෙයි – භූ විද්‍යා කාර්යාංශය

රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන් නිධිය ලෙස සැලකෙන බවත් හුනාන් පළාතේ භූ විද්‍යා කාර්යාංශය පසුගියදා ප්‍රකාශ කළේය. එහි ඇති රත්තරන් වල වටිනාකම ආසන්න වශයෙන් යුවාන් කෝටි 60,000 ක් පමණ වන බව (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර්…

නාවලපිටියේ පස් කන්දක් කඩා වැටෙයි
|

නාවලපිටියේ පස් කන්දක් කඩා වැටෙයි

නාවලපිටිය – දොළොස්බාගේ මාර්ගයට විශාල පස් කන්දක් සමඟ ගසක් අද (29) අලුයම 02ට පමණ කඩා වැටී තිබේ. නාවලපිටිය පොලීසිය සඳහන් කළේ එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය මේ වන විට සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බවයි. එමෙන්ම පස් කන්ද සමඟ ගස්වල අතු කිහිපයක් විදුලි රැහැන් මතට කඩාවැටීම හේතුවෙන් නාවලපිටියේ ප්‍රදේශ රැසකට විදුලියද මේ වන විට ඇණහිට තිබේ.

dailyreporter
|

නායයෑම් රතු නිවේදන: ගැඹුරු පීඩන අවපාතය ගැන නවතම නිවේදනය

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. අද පස්වරු 04 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනයෙන් මහනුවර, කෑගල්ල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25ක් සඳහා ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබෙන බව සඳහ්න්. මහනුවර දිස්ත්‍රික්කය මැදදුම්බර උඩුදුම්බර උඩුනුවර…

මධ්‍යම කදුකරයේ ජලාශ වල ජල මට්ටම
|

මධ්‍යම කදුකරයේ ජලාශ වල ජල මට්ටම

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට පවතින වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ලගාවි ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහල ගොස් ඇති බවත්ය.එම තත්වයන් මත මේ වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර…

law-college
|

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය කල්දමයි

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. අද (28) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඒ බව සඳහන් කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජ්‍යේෂ්ඨ සංඛ්‍යාලේඛනඥ සහ සංඛ්‍යාලේඛනඥ නිලධාරීන් සඳහා වන…

ශ්‍රී ලංකාව දිළිදුකම පිටුදැකීම, ඩිජිටල්කරණය සහ ආර්ථික වර්ධනය කෙරෙහි අවධානය යොමු කරයි
| |

ශ්‍රී ලංකාව දිළිදුකම පිටුදැකීම, ඩිජිටල්කරණය සහ ආර්ථික වර්ධනය කෙරෙහි අවධානය යොමු කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) අතර සාකච්ඡාවක් සිදුව තිබේ. ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ එම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ. නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ඉදිරි සංවර්ධන අභියෝග ජය…