යුක්තිය ප්‍රමාදය වළක්වාගන්න මෙන්න විසදුම
නීතිඥ දුලාන් දසනායක

dulan-dasanayake

රටක නීතියෙන් සහ අන්තර්ජාතික නීතිය මගින් නෛතික අයිතිවාසිකම් ලෙස නිරතුරුව පිලිගැනෙන සදාචාරත්මක ප්‍රතිපත්තීන් මානව හිමිකම් හෙවත් මානව අයිතිවාසිකම් නම්වේ. මිනිසාට මිනිසෙකු ලෙස ජිවත්වීමට ඇති අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් ලෙස සරළව හදුන්වාදිය හැකිය.

“මානව හිමිකම් සුරැකීමට වෙනසක්” යන තේමාව යටතේ පැවැති මෙම සම්මන්ත්‍රණය 2024 දෙසැම්බර් 11 වෙනි දින පස්වරු 2.30ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විනි. එය රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලදී.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය 76 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරමින් එහි නීති උපදේශක අධ්‍යක්ෂක නීතිඥ දුලාන් දසනායක මෙසේ අදහස් දක්වන ලදි.

නඩු ප්‍රමාදය ගැන අපි සැලකිලිමත් විය යුතුයි.

ලංකාවෙ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන නඩු කටයුතුවලටත් ඉතාම නරක විදිහට මේ තත්ත්වය උදාවෙලා තියෙනවා. මේ නිසා අධිකරණ පද්ධතිය පිළිබඳ ජනතා විශ්වාසය නැති වෙලා. නඩුවක් දානකොට දෙතුන් පාරක් හිතන තත්ත්වයට පත් වෙලා. පොලිසියට පැමිණිල්ලක් දානවද නැද්ද? මෙයින් අපට තියෙන ප්‍රයෝජනය මොකක්ද? කියල හිතන මට්ටමට මිනිස්සු පත් වෙලා.

විශේෂයෙන් දිසා අධිකරණවල නඩු පවරද්දි මිනිස්සු නැවත නැවත හිතනවා. ඉඩම් නඩුවක්, බෙදුම් නඩුවක් මුදල් නඩුවක් දාගෙන මම කොහොමද විසඳගන්නෙ? කොච්චර කාලයක් යයිද? කියල මිනිස්සුන්ට හිතන්න වෙලා තියෙනවා. ඒ නිසා මිනිස්සුන්ට වෙනත් ක්‍රමවලින් විසඳ ගන්න සිද්ධවෙලා.

අපි මාතෘකාව විදිහට ගත්තු යුක්තිය ප්‍රමාදය , යුක්තිය ප්‍රතික්ෂේප වීම කියන එක ගැන එංගලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය නීතිවේදී විලියම් ග්ලැස්ටෝන් කීවෙ එක්දාස් අටසිය ගණන්වල. අපි ඉන්නෙ 21වන සියවසේ. අපට දැනටත් යුක්තිය ප්‍රමාද වීම ගැන කතාකරන්න සිද්ධ වෙලා තියෙනවා. යුක්තිය ප්‍රමාද වීම නිසා සිද්ධ වුණු විනාශය ගැන කතා කරන්න වෙලා තියෙනවා.

විශේෂයෙන් අතුරුදන් කිරීම් ගත්තොත් දරුවන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවී මවුවරු මිය ගිහින් තියෙනවා. මෙය යුක්තිය ප්‍රතික්ෂේප වීමක්.

සාමාන්‍ය ජනතාව දාන නඩු කටයුතුත් ඒ අයගෙ ජීවිත අවසන් වුණාම අවසන් වන අවස්ථා ඕන තරම් තියෙනවා . මිනිස්සු මියැදිල දරුවන්ගෙ කාලෙ තමයි යුක්තිය ඉටු වෙන්නෙ.

විශෙශ්ෂයෙන් අපරාධ , ළමා අපචාර නඩු ඉතාම ඉක්මනින් අවසන් කළ යුතු නමුත් ඒ ළමයින්ගෙ වයසත් ගිහිල්ල සාක්ෂි දීම ඒ ළමයින්ගෙ ජීවිතවලට නැවත ප්‍රශ්න ඇති කරන මට්ටමට පත් වෙලා තමයි අවසන් වෙන්නෙ. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී දැනට අධිකරණ පද්ධතියේ තියෙන්නේ ඉතාම කනගාටුදායකය තත්ත්වයක් .

සමහර අවස්ථාවලදී මෙරට නඩු වාර්තා ගන්නත් අමාරුයි.නඩු අංක සොයා ගැනීමට පවා අපහසුයි.එම නිසා නඩු ප්‍රමාදය වළක්වාලීමට අධිකරණ පද්ධතිය ඩිජිටල් කරණය කල යුතුයි. එවිට නඩු පමාව පවා මගහරවා ගතහැකියි.

අද  උසාවිය මහජනයාට දුරස් වෙලා තියෙන්නේ.ලංකාවේ මානව ගරුත්වයක් නැහැ.අඩුම තරමින් අදහසක් නැහැ.ඊට වඩා දෙශපාලන අධීකාරී බලය ප්‍රබලයි.ම් සම්බන්දව ආණ්ඩුවේ අවධානය යොමු වියයුතු යි.

දේශපාලන තන්ත්‍රයේ සිදුවූ වෙනස්කම් සතුටුදායක මට්ටමක

– ආචාර්ය ජෙහාන් පෙරේරා

Changes in political governance - Dr. Jehan Perera

ආචාර්‍ය ජෙහාන් පෙරේරා මහතා 76 වන මානව හිමිකම් දින සැමරුමට සහභාගි වෙමින් පැවසුවේ, මෑතකදී දේශපාලන තන්ත්‍රයේ ඉතා වැදගත් වෙනසක් සිදුවූ බවත්, එම වෙනස සිවිල් සමාජය සඳහා සතුටුදායක මට්ටමක පවතින බවත් ය. එමෙන්ම, ඔහු පැවසූ ආකාරයට වර්තමාන වාතාවරණය රටේ ස්ථාවරභාවය පෙන්වමින් යාමට උපකාරී බවත්, මෙම වෙනස්කම් ඉතා සාමකාමී වටපිටාවක සිදුවීම විශේෂ කරුණක් බවත් ඔහු අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, වර්තමාන රජය ජාතිවාදයට එරෙහිව ක්‍රියාත්මක වන අතර අන්තවාදයට ඉඩ නොදෙන බව ප්‍රකාශ කිරීම සතුටට කරුණක් බවයි. මන්ද, අතීතයේ බොහෝ රජයන් ජාතිවාදය ව්‍යාප්ත කරමින් බලය ලබාගත් බව ඔහු ඉඟි කළේය.

LTTE යුද්ධ සමයේ මියගිය ද්‍රවිඩ ජනතාව සිහිකිරීමට මෙතෙක් ඉඩ ලබා නොදුන් පසුබැසීමක් පැවතිනමුත්, වසර 2024 තුළ මෙම වටපිටාව වෙනස් කරමින් මියගිය අයවලුන් පිළිබඳව සිහි කිරීමේ අවස්ථාවක් ලබා දී ඇති බවත්, එය ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සැලකිය යුතු මට්ටමක වෙනසක් බවත් ඔහු පෙන්වා දී තිබේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ජාතීන් අතර ගැටුම් මෑතකාලයේ පටන්ගත් ඒවා නොවන අතර, එය බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට පැවති ගැටුමක් බවයි. ඒ සමය තුළ සුළුතර ජනයා නිදහසින් පසු, තමන් සුළුතර ජාතීන් ලෙස පත්වනු ඇති බවට පවතින මතය නිසා නිදහසට විරෝධය දැක්වූ බවද ඔහු පැවසීය. 1939 වසරේදී G.G. පොන්නම්බලම් මහතා බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබාගත් අවස්ථාවේ, පාර්ලිමේන්තුවේ නියෝජන හැකියාව 50%ක් ලෙස ඉල්ලුමක් ඉදිරිපත් කිරීම මෙම ගැටුමේ ආරම්භකය බව ඔහු තවදුරටත් පැවසීය.

අවසන් වශයෙන්, ආචාර්‍යවරයා පෙන්වා දුන්නේ සංක්‍රාන්තික යුක්තිය සඳහා 13 ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කරගත යුතු බවත්, පළාත් සභා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරගත යුතු බවත් ය.

මානව හිමිකම් කොමිසමෙන් උප කමිටු 08ක්!

– ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පරීක්ෂණ හා විමර්ශන අධ්‍යක්ෂ සුමනලාල් වීරසිංහ මහතා

08 sub-committees from the Human Rights Commission

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පරීක්ෂණ හා විමර්ශන අධ්‍යක්ෂ සුමනලාල් වීරසිංහ මහතා අද (11) පැවති මානව හිමිකම් සැමරුම් උත්සවයට සම්බන්ධ වෙමින් මානව හිමිකම් කොමිසම විසින් මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් ගන්නා ලද ක්‍රියාමර්ග සම්බන්ධව අදහස් පළ කළේය.

ඒ අනුව මානව හිමිකම් කොමිසම විසින් උප කමිටු 08ක් පත් කර ඇති බවට ඔහු විසින් පෙන්වා දීය. ඒ අනුව මෙම උප කමිටු 08 අතර වදහිංසාව වෙනුවෙන්, LGBTQ ප්‍රජාව වෙන්වෙන්, අබාධිත ප්‍රජාව වෙන්වෙන්, වතුකරේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන්, ව්‍යාපාරික අයිතිවාසිකම් වෙනුවෙන්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන්, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධයෙන් යන ආදි වශයෙන් උප කමිටු 08ක් පත් කරගෙන ඇති බවයි. මෙම උප කමිටු තුළින් එදිනෙදා කටයතු සම්බන්ධ කෙටී කාලීන මෙන්ම දිගු කාලින තීන්දු තීරණ ගන්නා බවයි.

එමෙන්ම ඔවුන් ගන්නා ලද තවත් පියවරක් වශයෙන් මාර්ගෝපදේශ 03ක් එළිදක්වා ඇත. විශේෂයෙන් මානව හිමිකම් ආරක්ෂකයින් වෙනුවෙන් මාර්ගෝපදේශයක් නිකුත් කළ බව ඔහු පෙන්වා දීය.

එමෙන්ම මානව හිමිකම් කොමිසම් සභාව විසින් ප්‍රාදේශීය මට්ටමේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධව සාකච්ඡා කොට එම ප්‍රදේශයන්ට අයත් නිලධාරීන් සමඟ එදිනම ගතයුතු දිගු කාලීන හා කෙටි කාලීන පියවරයන් සම්බන්ධව සාකච්ඡා කරන බවයි.

මේ ආකාරයට ඔවුන් විසින් හඳුනාගත් ගැටළු වශයෙන් වතුකරයේ බහුතරයකට උප්පැන්න සහතික නොමැති වීම දක්නට ලැබෙන අතර එම නිසාවෙන් ඔවුන්ට ජාතික හැඳුනුම් පත්‍ර ලබා ගැනීමට නොහැකි වීම, ඒ තුළින් රාජ්‍ය ආධාර ලබා ගැනීමට නොහැකි වීම වැනි ගැටලු රාශියකට මුහුණ දෙන බව හඳුනාගෙන ඇත.

ඒ අනුව මානව හිමිකම් කොමිසම විසින් mobile campaign පවත්වා මේ ආකාරයට ඔවුන්ට පවතින ගැටලු විසඳීමකට ලක් කරන බව පැවසීය. මෙම mobile campaign තුළින් එකම අවස්ථාවේ උප්පැන්න සහතික නොමැති අයවලුන්ට උප්පැන්න සහතික නිකුත් කිරීම ඇතුළු අනෙකුත් සියලුම ලියකියවිලි සකසා දීමට අවශ්‍ය කරන සේවාවන් සපයා දීම සිදුකරනු ලබන බව එතුමා පෙන්වා දුන්නේය.

Dr. Nimalka Fernando (AAL) Chairman, IMADR
Sumanalal Weerasinghe D. Director, HRCSL
Advocacy for Human Rights – Book launch
Lakshan Dias (AAL)
Dulan Dassanayake (AAL)
Dr Jehan Perera Executive Director, NPC
Advocacy for Human Rights – Book launch

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….