රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය 76 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් විශ්ව ප්‍රකාශණය ලොවට හදුන්වා දී 2024 දෙසැම්බර් 10 වන දිනට වසර 76ක් සම්පුර්ණ වේ. 1965 වසරේ දී මෙම විශ්ව ප්‍රකාශනය සදහා ශ්‍රී ලංකා රජයත් අත්සන් තබා එම විශ්ව ප්‍රකාශණයේ සදහන් සමහර කොටස් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට (1978) එකතු කර ඇත්තේ එම අයිතිවාසිකම් කිසිවෙකුට අභියෝගයට ලක්කල නොහැකි ජනතාවගේ මූලික අයිතිවාසිකම් ලෙස සදහන් කරමිනි.

එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනයේ 5 වන වගන්තියේ සදහන් “කිසියම් රාජ්‍ය පාර්ශවයක් විසින් කිසියම් තැනැත්තෙකු වදහිංසාවට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැළකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් කිරීම” යනුවෙන් සදහන් වගන්තිය අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවට මුළුමනින්ම ඇතුලත් කර ඇත්තේ වදහිංසාවට එරෙහිව ශ්‍රී ලංකාවේ රජ්‍ය ද අනෙකුත් රාජ්‍ය මෙන් කටයුතු කරන බවට දුන් සහතිකයක් ලෙසය.

මේ අතර, වදහිංසාවට එරෙහිව තවත් වැදගත් පනතක් 1987 ජුනි 26 වන දින ඒක්සත් ජාතීන් විසින් සම්මත කරන ලදී. එය වදහිංසාවට සහ අනෙකුත් කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුති පනත ලෙස හැදින්වේ.

එම පනතට 1994 ජනවාරි 03 වන දින ශ්‍රී ලංකා රජය ද අත්සන් කර තිබේ. ඉන් නොනැවතුණු ශ්‍රී ලංකා රජය වදහිංසාවට සහ අනෙකුත් කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලට එරෙහි 1994 අංක 22 දරණ ඒක්සත් ජාතීන්ගේ සම්මුති පණත 1994 නොවැම්බර් 25 දින විශේෂ පනතක් ලෙස පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලදී. එම නීතිය 1994 දෙසැම්බර් 20 වන සිට ශ්‍රී ලංකාවේ බලාත්මක වූයේ වදහිංසාවට සහ අනෙකුත් කෲර, අමානුෂික හෝ අවමන් සහගත ලෙස ශරීරිකව හෝ මානසිකව සැලකීම අපරාධ වරදක් බවට පත්කරමිනි. එවැනි ක්‍රියාවකට එරෙහිව හත්අවුරුද්දකට නොඅඩු  සිරදඩුවමකට හා රුපියල් 50,000 කට නොඅඩු දඩයකට යටත්කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකාව රාජ්‍ය තුළ කෲර වදහිංසාව ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවටත්, අපරාධමය වරදක් බවට පත් කර තිබේ. ඒ අනුව මූලික අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් වී දැනට වසර 46 ගතව ඇති අතර, වදහිංසාව අපරාධමය වරදක් බවට පත් කර 2024 දෙසැම්බර් 20 වන දිනට වසර 30 සම්පුර්ණ වේ.

නමුත්, මානව හිමිකම් ආරක්ෂා කර දීම සදහා මෙතරම් සුවිසල් නීති පද්ධතියකට හිමිකම් කියන ශ්‍රී ලාංකිකයින්ට දශක ගනනාවක සිට නීතිඥාණුකූලව ලැබී ඇති තම අයිතිවාසිකම් පූර්ණ වශයෙන් ආරක්ෂාකර ගැනීමට මෙතෙක් නොහැකි වීමට හේතුව කුමක්ද? එය පැවති ආණ්ඩු හෝ පවතින ආයතන පද්ධතින් හා නිලධාරීන්ගේ තිබෙනවා යැයි පැවසෙන ප්‍රශ්ණයක් පමණක්ද? අදට යෙදී තිබෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ සැමරුවේ සිට ඉදිරියට මේ මාතෘකාව පිළිබදව අප පුළුල් සංවාදයක් ආරම්භ කල යුතුය.

මේ අතර, එක්සත් ජාතීන්ගේ 76 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඊයේ දින (10) විශේෂ උත්සවයක් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

එමෙන්ම, අද දෙසැම්බර් 11 දින, මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙනස්වෙමු තේමාව යටතේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය හා වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකික එකමුතුව විසින් සංවිධානය කරන මානව හිමිකම් දින සැමරුමක් හා ප්‍රකාශන එලිදැක්වීමක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිතව තිබේ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….