සරසවි සිසු කර්මාන්ත ව්‍යවසායකත්ව දැවැන්ත වැඩපිළිවෙළ ඇරඹේ
මෙරට විශ්වවිද්‍යාල සිසුන් කර්මාන්ත ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයට යොමු කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක සමාරම්භය පසුගියදා රුහුණ විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස රුහුණු විශ්වවිද්‍යාල සිසුන් කටුබැද්ද කර්මාන්ත සංවර්ධන මණ්ඩලයෙන් සිය ව්‍යවසායකත්ව ප්‍රායෝගික අත්දැකීම් ගැනීමේ ක්ෂේත්‍ර චාරිකාව ආරම්භ කරනු ලැබීය. රට තුළ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීමේ කාර්යභාරයට දායක වීමේ අරමුණින් ව්‍යවසායකත්ව සංස්කෘතියක් ගොඩනැඟීමට කර්මාන්ත අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන…