corona

කොවිඩ් ආසාදිතයින් නැවතත් 1000 ඉක්මවයි

කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1137 දෙනකු ඊයේ (1) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. විදේශයන්හි සිට පැමිණි 5 දෙනෙක් ද ඒ අතර වෙති. ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 612,322 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

5000
|

පෞද්ගලික අංශයටත් රුපියල් 5000

ජීවන වියදම ඉහළ යෑම පිළිබඳව අවධානය යොමුකර රාජ්‍ය සේවකයන්ට ලබාදුන් රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ද ලබාදීමට රජය මැදිහත් වියයුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් අන්තර් සමාගම් සේවක සංගමය ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි. රටේ ජීවන වියදම ඉහළ යන විට වැඩකරන ජනතාවට ලබාදෙන සහන සියලුම වැඩකරන ජනතාවට ලැබිය යුතු බවත් රාජ්‍ය අංශයේ සේවකයාට ජීවත්වීමට අපහසුව…

ragama

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට ප්‍රහාරයක්

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අද (02) පෙරවරුවේ දී යි. මෙලෙස ප්‍රහාරය එල්ල කර ඇත්තේ, පිටතින් පැමිණි පිරිසක් විසින් බවයි පොලීසිය පවසන්නේ. මෙම ප්‍රහාරයෙන් වෛද්‍ය ශිෂ්‍යයින් සිව්දෙනකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

powercut

අදත් විදුලි කප්පාදුවක් සිදු කරයිද?

අද (02) දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි. ඔහු පවසන්නේ නඩත්තු කටයුත්තක් සඳහා අත්හිටුවා ඇති නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රය අද දිනයේ යළි ක්‍රියාත්මක කළ හැකි වනු ඇති බවයි. ඊයේ (01) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා මේ බව කියා සිටියි. මේ අතර ඉන්ධන අර්බුදය හමුවේ හටගෙන ඇති ගැටලු…

corona-ennath

ෆයිසර් එන්නත ලබා ගන්නට ආ පිරිස් අපහසුතාවයන්ට

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ  අවුරුදු 20න් ඉහල පුද්ගලයන්ට කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දිම පැය ගණනක් පමාවිමත් සමග එම එන්නත ලබා ගැනිමට පැමිනි පිරිස් විවිධ අපහසුතාවයන්ට පත් විය. මෙම එන්නත 01වන දින උදේ 8.30 සිට ලබා දෙන බව ප්‍රචාරය කිරිමත් සමග මෙම ප්‍රදේශයේ විශාල පිරිසක් තුන්වන මාත්‍රාව ලබා ගැනිම සදහා…

බුද්ධි අංශ නිලධාරින්ට රන් පලදනාවක් හමුවෙයි

බුද්ධි අංශ නිලධාරින්ට රන් පලදනාවක් හමුවෙයි

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පතන ශ්‍රිපාද ජාතික අධ්‍යාපන විද්‍යා පිටය අසල මාර්ගයේ වැටි තිබු රන් අත් පලදනාවක් සමග මුදල් පසුම්බියක් අසුලා ඇති හැටන් බුද්ධි අංශ නිලධාරින් එම මුදල් පසුම්බිය අදාල අයිතිකරුට ලබා දිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දැක්වු හැටන් වීශේෂ කාර්යාංශයේ කොට්ඨාශ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩි. ඒ. ඩික්සන් දෙයියාගල මහතා පවසන…

school bags in sri lanka

පාසල් වසා දැමීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ දී ප්‍රාථමික පාසල් සඳහා නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අතිරේක ලේකම් ඊ.ඩබ්ලිව්.එල්.කේ.එගොඩවෙල සඳහන් කළේ, 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන 2022 වසරේ පෙබරවාරි 07 දින සිට මාර්තු මස 05 වැනි දින තෙක් කාලය…

power plant norochchole

නොරොච්චෝලේ යළි අක්‍රිය වෙයි

නොරච්චෝලේ බලාගාරයේ පසුගිය දා අලුත්වැඩියා කළ ජනන යන්ත්‍රය නැවතත් අක්‍රිය වී තිබේ. යන්ත්‍රයෙහි හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය අක්‍රිය වූ බවත් ඒ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 270ක් අහිමිව යන බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

economy

උද්ධමනය තවදුරටත් ඉහළට

මෙරට උද්ධමනය ජනවාරි මාසය තුළ යළිත් ඉහළ ගොස් තිබේ. ජනවාරි මාසයේ උද්ධමනය සියයට 14.2ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. දෙසැම්බර් මාසයේ උද්ධමනය සටහන් වූයේ සියයට 12.1 ක් ලෙසය. ජනවාරි මාසය තුළ සහල්, පළතුරු, කිරිපිටි සහ පාන් මිල ඉහළ යාම උද්ධමනය ඉහළ යාමට හේතුව බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.

oil

රුපියල් ගෙවා තෙල් ගන්න සාකච්ඡාවක්

විදුලිබල අමාත්‍යාංශය විසින් ඩීසල් මෙට්‍රික් ටොන් 15,000 ක ප්‍රමාණයක් ඉන්දියානු කෙල් සමාගමෙන් මිලදීගැනීමට සාකච්ඡා කරන සිටියි. විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරන්නේ රුපියල් වලින් ගෙවීම් සිදු කරමින් මෙම මිලදී ගැනීම් සදහා සාකච්ඡා කරමින් සිටින බවය. සාමාන්‍ය ආකාරයට ඩීසල් මිළ දී ගන්නා ලෙසින් මෙම මිලදී ගැනීමට නියමිත බවත් ඒ සඳහා මුදල් අමාත්‍යාංශය සමග කටයුතු…