powercut what is the most common type of injury from electric shock

අද (02) දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

ඔහු පවසන්නේ නඩත්තු කටයුත්තක් සඳහා අත්හිටුවා ඇති නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රය අද දිනයේ යළි ක්‍රියාත්මක කළ හැකි වනු ඇති බවයි.

ඊයේ (01) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා මේ බව කියා සිටියි.

මේ අතර ඉන්ධන අර්බුදය හමුවේ හටගෙන ඇති ගැටලු සහ ජනන යන්ත්‍රවල පවතින තාක්ෂණික දෝෂ ඉදිරි පැය 24 තුළ යථාතත්ත්යට පත්වනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

More Stories