Ceylon Blue Sapphire Price in Sri Lanka
|

‘ආසියාවේ රැජිණ’ නිල් මැණික ට (Blue Sapphire) රුපියල් කෝටි 2000ක්

ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම මැණික වන ‘ආසියාවේ රැජිණ’ලෙස නම් කර ඇති නිල් මැණික Blue Sapphire ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් හෙවත් රුපියල් කෝටි 2000 කට අධික මුදලකට මිලදී ගැනීමට ඩුබායි සමාගමක් යෝජනා කර ඇතැයි වාර්තා වේ. ‘කොරන්ඩම්’ වර්ගයේ  මෙම මැණික රත්නපුර, බලංගොඩ ප්‍රදේශයේ පතලකින් සොයාගෙන තිබේ. එහි බර කිලෝග්‍රෑම් 310ක් පමණ වන අතර එය කැරට්…

susi

සුසිල් ත්‍රීරෝද රථයකින් නිවසට

රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව සිය අමාත්‍යාංශයෙන් පිටත පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ත්‍රීරෝද රථයකින් නිවස බලා පිටව ගියේය. තමා සතුව තිබු සියලු වාහන හා භාණ්ඩ අමාත්‍යාංශයට භාරදුන් බව ඒ මහතා පැවසීය. “දැන් මං වාහන ඔක්කෝම භාරදීලා තියෙන්නේ. බඩු භාරදීලා තියෙන්නේ. දැන් මං ත්‍රීවිල් එකෙන් තමා යන්නේ. උසාවි ගිහින් ටික දවසක් යද්දි වාහනයක්…

මට මේවා ලොකු දේවල් නෙවෙයි – සුසිල් ප්‍රේමජයන්ත

මට මේවා ලොකු දේවල් නෙවෙයි – සුසිල් ප්‍රේමජයන්ත

රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ බඩු බාහිරාදිය ලේකම්වරයාට භාර දී සිය කාර්යාලයෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ පැනයන්ට පිළිතුරු දෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසී ය. ”රාජ්‍ය ඇමති ධුරයන් ඉවත් කළා කියලා, ආරංචියි. මේවා ලොකු දේවල් නෙවෙයි. ඇමතිවරයෙක් වුණේ 2000. ජනාධිපතිවරු 3…

unusum puwath

සුසිල් ප්‍රේමජයන්ත වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමතිකමින් ඉවත් කෙරේ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාව එම අමාත්‍ය තනතුරින් ඉවත් කර තිබෙනවා. ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල අනූව මෙම ඉවත්කිරීම සිදුකර ඇති බව වාර්තා වෙයි. සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

5000

ගෙවතු වගාවේ නියැලෙන ගොවියන්ට රුපියල් 5,000ක දීමනාවක්

පර්චස් 20ක ගෙවතු වගාවේ නියැලෙන ගොවියන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත. එසේම අක්කරයට අඩු පර්චස් 20ට වැඩි ගෙවතු සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. මේ අතර එසේම වී කිලෝවක් සඳහා ගොවීන්ට රුපියල් 75ක් ලබාදීමට ද තීරණය කර ඇත. මෙම දෙපාර්ශවයටම මාස 6කට පසු නැවතත් එම මුදලම ලබාදීමටත් රජය තීරණය…

5000

රාජ්‍ය සේවකයින්ට රුපියල් 5000ක දීමනාවක්

රාජ්‍ය සේවකයින්ට රුපියල් 5,000ක අතිරේක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසීය. මේ අතර විශ්‍රාමිකයින් ලෙස සිටින 666,480 දෙනාට ද රුපියල් 5,000ක් මාසිකව අතිරේක දීමනාවක් ලෙසින් ලබාදීමට ද තීරණය කර තිබේ. සමෘද්ධි ලාභීන්ගේ රුපියල් 3,500 මාසික දීමනාවට ජනවාරි මාසයේ සිට අතිරේකව රුපියල් 1,000ක දීමනාවක් ලබාදීමට ද තීරණය කර ඇති බව…

vat

ඖෂධ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බදුවලින් නිදහස්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සියලු බදුවලින් නිදහස් කිරීමට රජය විසින් තීරණය කර ඇත. ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය. වී ගොවිතැන් සිදුකරන ගොවීන්ට පොහොර හිඟය හේතුවෙන් ඇතිවිය හැකි අස්වැන්න පාඩුව නිසා ඉදිරියේදී වී කිලෝවක් සඳහා රුපියල් 75ක මිලක් නියම කිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදුන්…

sinhala news

කිඹුලෙක් දෙහිවල මුහුදේ යකා නටයි – අයෙකු මරුට

දෙහිවල මුහුදේ කිමිදෙමින් සිටි විසිතුරු මසුන් අල්ලන්නෙකු කිඹුලකුගේ ගොදුරක් බවට පත්ව ජීවිතක්ෂයට පත් ව ඇතැයි දෙහිවල පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මලානේ පදිංචිව සිටි පනස් තුන් හැවිරිදි ජයන්ත පීරිස් නමැති විවාහක එක්දරු පියෙකි. අඩි 14ක් පමණ දිගකින් යුත් කිඹුලකු විසින් මොහු ඩැහැගෙන යන ආකාරය ධීවරයන් පිරිසක් දැක මොහු බේරා ගැනීමට උත්සාහ කර ඇතත් පපු…

earthquake
|

තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයකින් යුත් ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි.  

corona-vaccine

කඩිනමින් බුස්ටර් එන්නත ලබා ගන්නැයි දැනුම් දෙයි

කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 03 ක් ගතවී ඇත්නම් කඩනමින් බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට යළි දැනුම් දෙනවා. බූස්ටර් මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා තොග මේවනවිටත් දිවයිනට රැගෙවිත් ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් සඳහන් කළේ. මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ බූස්ටර් මාත්‍රාව…