corona-death

මෙරට කොරෝනා මරණ 6000 පනී

කොවිඩ් මරණ 161ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ දිනක් තුල වාර්තා වු වැඩිම කොවිඩ් මරණ ගණන වේ.ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 6096 දක්වා ඉහල යයි. එම මරණ අතර කාන්තාවන් 78 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 83 දෙනෙකුද සිටි. මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 122 දෙනෙකු…

curfew

අද සිට නිරෝධායන ඇදිරි නීතිය

16 වන සදුදා දින සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා රාත්‍රී 10.00 සිට පසුදා අලුයම 4 දක්වා රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනැවීමට රජය තීරණය කර තිබේ. යුධ හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා විසින් මේ බව දැනුම් දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  

යතුරු පැදි හා ත්‍රීරෝද රථ සොරකම් කල අයෙකු අල්ලයි

යතුරු පැදි හා ත්‍රීරෝද රථ සොරකම් කල අයෙකු අල්ලයි

කොරෝනා වසංගතය පවතින කාලයේ බොරලැස්ගමුව, තලංගම, බොරැල්ල යන පොලිස්බල ප්‍රදේශවල සහ දිවයිනේ විවිධ ප්‍රදේශයන් වල යතුරු පැදි සහ ත්‍රීරෝද රථ සොරකමේ නියැලෙන පුද්ගලයෙකු සොරකම් කර තිබූ  ස්කූටර් වර්ගයේ යතුරු පැදි දෙකක් හා ත්‍රීරෝද රථයක් සමගින් මාලබේ අරංගල ප්‍රදේශයේ සැඟව සිටියදී  අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. මෙම පුද්ගලයා බොරලැස්ගමුව පොලිස් වසමෙන් සොරාගත් යතුරුපැදියක් ධාවනය කරමින්…

lama-apayojana
|

කොරෝනා සමයේ බාල වයස්කාර දැරියන්ට සිදුවන අපයෝජන හා හිංසාවන් ඉහළට

සුහුරු ජංගම දුරකථන පරිහරණයත් සමග කොරෝනා වසංගත සමයේ  උතුරු මැද පළාතේ බාල වයස්කාර දැරියන් පෙම්වතුන් සමග පැනයාමේ සිද්ධීන් ඇතුළු ළමයින් ට සිදුවන අපයෝජන  හා  හිංසාවන් ඉහළ ගොස් ඇතැයි  පොලිස් කාන්තා හා ළමා කාර්යංශය සහ පරිවාස දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි. ගත වූ මාස 7 තුළ පමණක් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් පෙම්වතා සමග රහසින් පලා යාම,ළමා අපයෝජන ඇතුළු…

coronadelta

මල්වර මඟුල කොරෝනා මල මගුලක් කරයි

නිරෝධායන නීති නොතකමින් පැවති මල්වර උත්සවයක් සඳහා සහභාගීවී සිටි පවුල් 08 පුද්ගලයින් 50 දෙනෙකු දින 14ක ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවරගෙන තිබේ. එම මල්වර උත්සවය නොර්වුඩ් ප්‍රදේශයේ නිවසක සංවිධානය කර ඇත. එම උත්සවයට සහභාගී වූවන් ඔවුන් පදිංචි නිවාසවලම එලෙස නිරෝධායනය සඳහා යොමු කෙරුණු බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී. චන්ද්‍රරාජන් මහතා…

gampaha-corona
|

රැකියා අයදුම්පතට කොරෝනා වැක්සින් සුදුසුකමක් වන ලකුණු

ඔක්තෝබර් මාසයට පෙර කොවිඩ් එන්නත ලබා නොගන්නා රාජ්‍ය සේවකයින්ගේ රැකියා අහිමි විමේ අවධානමක් ඇති බව කැනඩා රජය නිවේදනය කරන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙම නියෝගය රාජ්‍ය සේවකයින්ට අමතරව ගුවන්, දුම්රිය සහ අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා සපයන අංශ වලට ද අදාළ වන බව එරට මාධ්‍ය වාර්තා කරයි. කැනඩාව ලොව වැඩිම කොවිඩ් එන්නත් අනුපාතයක්…

බේස්ලයින් වැසේ

බේස්ලයින් වැසේ

කැලණි පාලමේ ඉදිකිරීම් ව්‍යාප්තියක් හේතුවෙන් ඒ ඔස්සේ කොළඹට ඇතුළුවීමේ මාර්ගය තාවකාලිකව වසාදමා තිබේ. අද (14) අලුයම 05.00 සිට සඳුදා (16) අලුයම 05.00 දක්වා බේස්ලයින් මාර්ගයේ කැලණිතිස්ස වටරවුමේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා වූ කොළඹට ඇතුළුවීමේ මාර්ගය මෙලෙස වසාදමන බව පොලීසිය සඳහන් කළේය. ඊට විකල්ප ලෙස කොළඹට පැමිණීමේදී…, මාර්ගය වසා තැබෙන කාලය තුළදී කොළඹට පැමිණෙන වාහන කැළණිතිස්ස…

karawala

මුදල් ඇමති කරවල වලට විශේෂ වෙළද භාණ්ඩ බද්දක් ගසයි

භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළද භාණ්ඩ බද්දක් පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්. ඒ අනුව හාල්මැස්සන්, කරවල, උළුහාල්, කුරක්කන් පිටි සහ අබ ඇට , ලුණු ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහායි. හාල්මැස්සන් සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 100 ක් ද , කරවල සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 100 ක් ද ,…

corona

ඉදිරි සති දෙකේදී තීරණාත්මක ලෙස රෝගීන් වාර්තා වේවි

ඩෙල්ටා වයිරසයේ ව්‍යාප්තිය රට තුළ ආරම්භ වීමේ පළමු සති හය මේ වන විට ගත වෙමින් පවතින අතර, ඉදිරි සති දෙක තීරණාත්මක ලෙස රෝගීන් වාර්තා වීමේ සති දෙකක් වනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේය. බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වාර්තා…

සති 2 ක් පළාත් අතර සංචරණය තහනම්

සති 2 ක් පළාත් අතර සංචරණය තහනම්

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පළාත් අතර පොදු ප්‍රවාහනය ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ලබන සැප්තැම්බර් මස 15 දායින් පසු පොදු ස්ථානවලට පැමිණීමේදී කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 2කම ගත් බවට සඳහන් කාඩ් පත ළඟ…