කොරෝනා සමයේ බාල වයස්කාර දැරියන්ට සිදුවන අපයෝජන හා හිංසාවන් ඉහළට

lama-apayojana

සුහුරු ජංගම දුරකථන පරිහරණයත් සමග කොරෝනා වසංගත සමයේ  උතුරු මැද පළාතේ බාල වයස්කාර දැරියන් පෙම්වතුන් සමග පැනයාමේ සිද්ධීන් ඇතුළු ළමයින් ට සිදුවන අපයෝජන  හා  හිංසාවන් ඉහළ ගොස් ඇතැයි  පොලිස් කාන්තා හා ළමා කාර්යංශය සහ පරිවාස දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.

ගත වූ මාස 7 තුළ පමණක් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් පෙම්වතා සමග රහසින් පලා යාම,ළමා අපයෝජන ඇතුළු ළමා හිංසන පිළිබදව පැමිණිලි 150ක් පමණ අධිකරණය ට ඉදිරිපත් කිරීමට සිදු වූ බව පරිවාස දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.මෙම අගය දෙගුණයක් පමණ විය හැකි බවත් පොලිස් කාන්තා හා ළමා කාර්යංශ තොරතුරු සමග ගැලපීමෙන් පෙනී යන බව ද එම ආරංචිමාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි.

මෙම තත්ත්වය නිසා උතුරු මැද පළාතේ ළමා නිවාස හා පාළක මණ්ඩල යටතේ ‍රැකවරණය සලසන ‍රැදවුම් මධ්‍යස්ථානවල රදවා සිටින ළමයින් සංඛ්‍යාව ද 400 ඉක්මවා ගොස් ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් හෙළි කරයි.

“ළමයින් නිවෙස්වලට ම කො‍ටු වී සිටීම නිසා තමන්ගේ ළමග ඥාතීන්ගෙන් සිදුවන අතවර හා හිංසන ඉහළ ගිහින් තියෙනවා.ඒ වගේම ඔන්ලයින් අධ්‍යාපන කටයුතු කියලා ළමයින් ට ස්මාර්ට් ජංගම දුරකථන ලැබීමෙන් ද ගොඩක් අපයෝජනයන්ට ලක්වෙලා තිබෙන සිද්ධීන් වාර්තා වෙලා තියෙනවා.මේ නිසා අඩු වයස් ගැහැණු ළමයින් භාර කාරත්වයෙන් අපහරණය කිරීම් ඒකියන්නේ බාලවයස්කාර ගැහැණු ළමයින් පෙම්වතුන් එක්ක පැනලා ගිය සිද්ධීන් ටිකක් වැඩි වෙලා තියෙනවා.අධිකරණයට වාර්තා කළ සිද්ධීන් මේ ගත වෙච්ච  මාස 07ක පමණ කාලයට 150ක් පමණ වෙනවා.එය පසුගිය වසරවලට වඩා ගොඩක් වැඩි වීමක් විදිහට සලකන්න පුළුවන්.”යැයි ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් හෙළි කරයි.

බාලවයස්කාර දැරිවියන් හොර රහසේ පෙම්වතුන් සමග පැන යාම ඇතුළු ළමා හිංසනයන් ඉහල යෑම පිළිබදව  උතුරු මැද පළාත් පරිවාස කොමසාරිස් ටී..එස්.සී.පෙරේරා මහත්මියගෙන් විමසීමක් කළෙමු.එහි දී ඒ මහත්මිය මෙසේ පැවසුවා ය.

“සමහර කොට්ටාශවල ගැටලු තිබුණත් කොට්ටාශ වශයෙන් ගත්තාම එහෙම යම් වැඩි වීමක් පෙන්නුවත් සමස්තය ගත්තාම එහෙම ලොකු වැඩි වීමක් පෙන්වන්නේ නැ.නමුත් අපට වාර්තා වන තොරතුරුවලට වඩා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත,පොලිස් ස්ථාන වෙත ලැබැන තොරතුරු හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත ලැබෙන තොරතුරු අනුව තමයි මේ වැඩි වීම බලන්න ඕන.අපේ යටතේ පවතින ළමානිවාස හා පාළක මණ්ඩල යටතේ පවතින ළමා නිවාසවල රදවා සිටින ළමයින් සංඛ්‍යාව අද වෙනකොට 429ක් වෙනවා.පොලොන්නරුවේ එම සංඛ්‍යාව 98ක් වෙනවා.

අපේ නිලධාරින් මේ අමයින් ගේ සුභ සාධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා.ගරු අධිකරණයේ නියමයන් මත අප භාරයේ සිටින ළමයින් වගේම සමහර සිද්ධීන්වල දී භාරකාරත්වයෙන් අපහරණය වූ දරුවන් දෙමවුලියන්ගේ කැමැත්ත මත දෙමවුපියන් භාරයට පත් වෙනවා.එහෙම භාර කළත් අපේ නිලධාරින්ගේ අධීක්ෂණය හා සුපරික්ෂණය සිදුවෙනවා.” යැයි ද ඒ මහත්මිය පැවසුවා ය.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….