coronadeha

කොරෝනා දේහ ආදාහනයට සමූහ ආදාහනාගාර

මෙරට තුළ දිනකට මළසිරුරු 150-200ක් අතර ප්‍රමාණයක් ආදාහනය කළ හැකි ආදාහනාගාරයක් ඉදි කිරීමට කාලය පැමිණ ඇතැයි මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා සඳහන් කරයි. රජය විසින් කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයට අභියෝග කිරීමට ගත් තීරණය සමග මෙම තත්ත්වය උදාවී ඇතැයි ඔහු පවසයි. රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ප‍්‍රජාරෝග අංශයේ මහාචාර්යවරයා වන ඔහු වසංගත රෝග විද්‍යාඥයෙකු හා පර්යේෂකයෙක් ලෙස…

corona

පිළියන්දල වැඩිහිටි නිවාසයක සියලු දෙනාටම කොරෝනා

පිළියන්දල  වැඩිහිටි නිවාසයක  වැඩිහිටියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට  කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය . වැඩිහිටි නිවාසයේ සිටින වැඩිහිටියන් 20 සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු ට මෙලෙස වෛරසය ආසාදිත වී ඇත

corona

කොරෝනා හැදුනු අයට අතුරු අබාධ 200ක්

කොවිඩ් හේතුවෙන් රෝගීවූවන් දීර්ඝකාලීනව පීඩාවිඳින පශ්චාත් රෝග ලක්ෂණ 200ක් පමණ පවතින බවත් ඒවා අතුරින් හුස්ම හිරවීම, මතකය හා අවධානය අඩුවීම මෙන්ම තෙහෙට්ටුව බහුලව දක්නට ලැබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. එම සංවිධානයේ ‘සයන්ස් ඉන් 5’ (Science in 5) වැඩසටහන සමග එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන සායනික කළමනාකරුවන වෛද්‍ය ජැනට් ඩයස් මෙලෙස පශ්චාත් කොවිඩ් තත්ත්වය…

corona

කනගාටු තත්ත්වයක් සංචරණ සීමා ලිහිල් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්තවීමත් සමග මෙරට රෝගීන් වැඩි සංඛ්‍යාවක් හමුවන බවත් ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ඉතා දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙවැනි තත්ත්වයක් යටතේ සංචරණ සීමා වැනි කරුණු ලිහිල් කිරීම “ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්” වැනි බවය. මෙම තත්ත්වය තවදුරටත්…

ragamahospital

රත්නපුර රෝහලේ හදිසි තත්ත්වයක් – රාගම රෝහලේ වාට්ටුවල ඉඩ නෑ

රත්නපුර ශික්‍ෂණ මහ රෝහලේ  හදිසි ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර ඇති බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රෝඞ්රිගෝ මහතා පවසයි. මෙම ආපදා තත්ත්වය යටතේ ඒ අනුව සැලසුම්කළ ශල්‍යකර්ම, වෛද්‍ය වාර්තා ලබාදීම, සායන සේවා ඇතුලූ අත්‍යවශ්‍ය නොවන සියලූ සේවාවන් කල් දැමීමට සිදු වන බව අධ්‍යක්ෂකවරයා පවසයි. රෝහලේ බාහිර ප‍්‍රතිකාර අංශය සහ රෝගීන් ඇතුළත් කිරිම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන…

ennathkaranaya
|

මාරාන්තික ඩෙල්ටා COVID ප්‍රභේදය රටවල් 132ක‍‍‍

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පසුගිය බදාදා නිවේදනය කළ පරිදි රටවල් 132 ක් මේ වන විට ඩෙල්ටා ප්‍රභේදයේ නව ආසාදිතයින් වාර්තා කර ඇත. රටවල් අටක් එම ලැයිස්තුවට අලුතින් එකතු වී තිබේ. පසුගිය සතිය තුළ ගෝලීය COVID-19 සිදුවීම් 8% කින් ඉහළ ගොස් ඇති අතර නව ආසාදිතයින් මිලියන 3.8 කට වඩා වාර්තා වී තිබේ. ඒ අතරම, මරණ සංඛ්‍යාව…

Chandraguptha Thenuwara Blinds
|

ඇවිළීම කළේ නිවන්න

චන්ද්‍රගුප්ත තේනුවර වාර්ෂිකව පවත්වන දෘශ්‍ය කලා ප්‍රදර්ශනය මෙවරත් කොළඹ 7, හෝට්න් පෙදෙසේ සස්කියා ප්‍රනාන්දු කලාගාරයේදී පැවැත්වේ. මෙවර එය ‘බ්ලයින්ඩ්’ ලෙස නම් කර තිබේ. ජූලි 24 වන දා සිට අගෝස්තු 20 වන දා වනතුරු පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා එම ප්‍රදර්ශනය මහජනතාව වෙනුවෙන් විවෘතව පවතිනු ඇත. 83 කළු ජූලිය ස්මරණය කරමින් වාර්ෂිකව පවත්වන ප්‍රදර්ශනය ඔබ…

වී අලෙවි මණ්ඩලයෙන් වී කිලෝ ලක්ෂ 10ක් මිලට ගනියි

වී අලෙවි මණ්ඩලයෙන් වී කිලෝ ලක්ෂ 10ක් මිලට ගනියි

වී අලෙවි මණ්ඩලය දිස්ත්‍රික්ක 19 ක වී මිලදී ගැනීම ආරම්භ කර ඇති බවත් කිසිදු බාධාවකින් තොරව ඕනෑම ප්‍රමාණයක් රජයේ සහතික මිලට ලබා දිය හැකි බවත් මේ වනවිට කිලෝ ලක්ෂ 10ක් පමණ මිලට ගෙන ඇති බවත් වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර් ශන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  පොලොන්නරුවේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල…

akshi
|

අක්ෂි සායනයට යන රෝගින් කබලෙන් ලිපට

දෑස් පෙනීම අඩුවිමත් සමග ප්‍රතිකාර ලබා ගැනීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අක්ෂි සායනයට යන තමන්ට පෞද්ගලික අක්ෂි රෝහල් වෙත ගොස් මුදල් ගෙවා විවිධ පරික්ෂණ සිදුකර පැමිණෙන ලෙස දන්වමින් තුන්ඩු නිකුත් කිරීම නිසා තමන් අන්ත අසරණවි ඇති බව අක්ෂි රෝගින් පිරිසක් පෙන්වා දුන්හ. වයස් ගතවීමත් සමග ඇසේ සුද මතුවීම නිසා අක්ෂි කාච පළදා ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට…

කොවිඩ් වසංගතය දුරුකරන්න බෝධි පුජා

කොවිඩ් වසංගතය දුරුකරන්න බෝධි පුජා

රට පුරා පැතිර යන කොවිඩ් වසංගතය දුරුවේවායිද රටතුල සිටින සියලුම කොවිඩ් රෝගින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින්ද හැටන් තරුණ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද බෝධි පුජාවක් 03වන දින රාත්‍රියේ හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේ පවත්වන ලදි. හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල නායක හිමියන් විසින් මෙම බෝධි පුජාව පවත්වන ලදි….