national-hospital-colombo

කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු පිරේ

කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකවල ධාරිතාවය ද අවසන් වි ඇතැයි වාර්තා වේ. කොරෝනා ආසාදිතයන් රෝගීන් 250 දෙනකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද පැවැසේ. ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඊයේ(26)  වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 566 දෙනෙකු වාර්තාවී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ…

weather satellite view

තද සුළං සහ තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (27) දිනයේත් වැසි සහ සුළං සහිත කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශකයෙක් සඳහන් කළේය. මධ්‍යම කඳුකරයේ බටහිර…

delta coronavirus variant

කොළඹ 30%ක් ඩෙල්ටා

දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් සිටියහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය. ඩෙල්ටා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් 30% ක පමණ ප්‍රමාණයක් සිටිය හැකි යැයි ද ඔහු පැවසීය. මෙම තත්ත්වය මත ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවද සෞඛ්‍ය මාර්ගඋපදේශ නිසි ලෙසම පිලිපැදිය යුතුව ඇතැයිද ඔහු අවධාරණය කරයි. සෞඛ්‍ය…

keheliya

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා සාර්ථකයි

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා සමඟ පැවති සාකච්ඡා සාර්ථක මට්ටමක පැවති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නම් ලබන සදුදා දින කැබිනට් පත්‍රිකාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාව සාර්ථක මට්ටමට පත් වුණු බව අමාත්‍ය ජී එල් පීරිස් මහතා…

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia
|

COVID-19 සම්භවය අධ්‍යයනය කිරීමේ ලෝක සෞඛ්‍ය සංවිධාන සැලැස්ම, චීනය ප්‍රතික්ෂේප කරයි

කොරොනා වයිරසයේ මූලාරම්භය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දෙවන අදියර සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සැලැස්මක් චීනය පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රතික්ෂේප කළේය. එයට හේතුව වන්නේ චීන රසායනාගාර නිසි ක්‍රමවේද (ප්‍රොටෝකෝල) උල්ලංඝනය කිරීම නිසා පර්යේෂණ අතරතුරදී වෛරසය කාන්දු වීමට හේතු වී ඇතැයි යන උපකල්පනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැලැස්ම තුළ ලැයිස්තුගත කර තිබීමයි. වසංගතය වුහාන්හි ආරම්භ වූ බවට වන…

චූන් පාන් සහ සතිපොළ ඉවරයි

චූන් පාන් සහ සතිපොළ ඉවරයි

කොවිඩ් වසංගතයත්  සමග බිහිවු අළුත් වෙළද සංස්කෘතිය හේතුවෙන්  පලාත්පාලන ආයතවල ආදායම් මාර්ග රැසක අහිමිව  ඇතැයි පලාත් පාලන ආයතන නියෝජිතයින් කියති. කළුතර දිස්ත්‍රික්කය ඇතුළු රටේ බොහෝ ප්‍රදේශවල පලාත්පාලන ආයතනවල ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව ඇත්තේ  සතිපොළ බදු ආදායමය. නමුත් කොවිඩ් වසංගතයත් සමග  සතිපොළ වැසිගොස් ජංගම වෙළද රථ නිරිමාණය විමෙන් සතිපොළ ආදායම අහිමිවන තත්වයක් උදාවි ඇතැයි පලාත්…

abirahas
|

වසර දාහතරකට පෙර අභිරහස් අන්දමින් අතුරු දන්වු සිය දියණිය එන මං බලා සිටින අසරණ දෙමාපියන්

වසර දාහතරකට පෙර අභිරහස් අන්දමින් අතුරු දන්වු සිය දියණිය සොයමින් තවමත් හැඬූ කඳුලින් දිවි ගෙවන අසරණ දෙමාපියන් යුවලක් සිය දියණියට සිදුවුයේ කුමක්ද යන්න අනාවරණය කරදීමට නීතිය ක්‍රියාත්මක කරනා පොලිසිය අසමත්වි ඇති බව පවසති. තිරප්පනය පොලිස් වසමේ මරදන්කල්ල මිරිස් කටුකැලියාව ගම්මානයේ මැටියෙන් තැනූ පැල්පතක ජීවත් වන කේ.විජේසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ අදටත් අභිරහස් අන්දමින් අතුරුදන්වූ කථා…

delta corona variant

ඩෙල්ටා කම්හලක් වසයි – පාසල් සිසුවකුට ඩෙල්ටා

ඩෙල්ටා කොවිඩ් ආසාදිත රෝගීන් හයදෙනකු හමුවූ කැස්බෑව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් දින 10 කට තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී තිබේ. එසේම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත සේවක සේවිකාවන්ට අමතරව කොරෝනා වෛරස ආසාදිත සේවක සේවිකාවන් 121කු එම කර්මාන්ත ශාලාවෙන් මේ වන විට හමුවී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පවසයි. බේරුවල හිරිගොඩැල්ල ප්‍රදේශයේ 11 හැවිරිදි පාසල් සිසුවකුට…

teacher

විදුහල්පතිවරුන්ට පත්විම් ලබාදිම අයතා අන්දමින් සිදුකිරීම වහාම නතර කිරීමට ඉල්ලීක්

උතුරු මැද පළාතේ රජයේ පාසල් වල පුරප්පාඩු සදහා විදුහල්පතිවරුන්ට පත්විම් ලබාදිම ස්ථානමාරු සිදුකිරීම අයතා අන්දමින් සිදුකිරීම වහාම නතර කිරීමට නියෝගයක් නිකුත් කරනා ලෙස ඉල්ලමින් ලංකා ගුරු සංගමය ගොනුකළ පෙත්සමේ නඩු විභාගය අවසන් වීමටත් පෙර අධ්‍යාපන බලධාරින් විදුහල්පති පත්වීම් සම්බන්ධයෙන් එකගතාවක් ඇති කර ගෙන තිබෙනා බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය. නඩුවේ වග…

keheliya
|

වාහන අංක තහඩු තැපැල් මගින් නිවසට ලැබෙන නව වැඩසටහනක්

රථ වාහන ලියාපදිංචි කිරීමේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන අංක තහඩු තැපැල් මගින් නිවසටම ලබාදීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජනමාධ්‍ය හා තැපැල් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කොට ලාභ ඉපයීමේ වැඩපිළිවෙළ යටතේ මෙම නව වැඩසටහන සැලසුම් කර ඇතැයි හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ ස්ථාපිත වැරල්ලගම නව තැපැල් කාර්යාලය…