වසර දාහතරකට පෙර අභිරහස් අන්දමින් අතුරු දන්වු සිය දියණිය එන මං බලා සිටින අසරණ දෙමාපියන්

abirahas

වසර දාහතරකට පෙර අභිරහස් අන්දමින් අතුරු දන්වු සිය දියණිය සොයමින් තවමත් හැඬූ කඳුලින් දිවි ගෙවන අසරණ දෙමාපියන් යුවලක් සිය දියණියට සිදුවුයේ කුමක්ද යන්න අනාවරණය කරදීමට නීතිය ක්‍රියාත්මක කරනා පොලිසිය අසමත්වි ඇති බව පවසති.

තිරප්පනය පොලිස් වසමේ මරදන්කල්ල මිරිස් කටුකැලියාව ගම්මානයේ මැටියෙන් තැනූ පැල්පතක ජීවත් වන කේ.විජේසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ අදටත් අභිරහස් අන්දමින් අතුරුදන්වූ කථා කිරීමට නොහැකි සිය දියණියගේ ඡායාරූපයක් සන්තකයේ තබාගෙන හඩාවැටෙමින් ඇය එන තෙක් මඟ බලා සිටිති.

වයෝවෘද්ධ මාපිය යුවලට දරුවන් සිව් දෙනෙකි.පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැණූ දරුවන් දෙදෙනෙකු අතර තෙවනි දරුවා වූ ඇය 1987 වර්ෂයේ නොවැම්බර් 13 වන දින උපත ලද මයුරකාන්ති විජේසිංහයි.උපතේ සිටම කථා කිරීමට නොහැකි ඇයට අම්මා තාත්තා ඇතුළු වචන තුනක් පමණක් ඇය කථා කළ බව විජේසිංහ මහතා පැවසීය.

දෙමාපියන්ගේ අසරණකම නිසා ඇය වයස අවුරුදු17න් පසු සිය දෙමාපියන් සමඟ කුලී වැඩ කර සිය සහෝදර සහෝදරියන් රැක බලා ගනිමින් ගුණ යහපත් ලෙස දිවි ගෙවු බව අසල්වාසින්ද පැවසූහ.මල පොතේ අකුරු නොදන්නා මව්පියන් ගව හා එළු පට්ටියක් රැක බලා ගනිමින් සිය දරු පවුල පෝෂණය කර තිබේ.

2006 වර්ෂයේ අවසානයේ දින කිහිපයකට විජේසිංහ මහතාගේ බිරිඳගේ සහෝදරියකගේ දියණියට දරුවකු ලැබී ඇති හෙයින් ඇයට ආවතේව කිරීම‌ට තිරප්පනය තෝඩාමඩුව ගම්මානයට ගොස් තිබේ.ඇය දින ගණනක් එම නිවසේ සිට ඇති අතර ඥාති නිවසක් නිසා දෙමාපියන් ඇයගේ පැමිණිම පිළිබඳ වැඩි අවධානයක් යොමු කර නොමැත.

2007වසරේ ජනවාරි අටවනදා සිට ඇය අභිරහස් අන්දමින් අතුරුදන්විම සම්බන්ධයෙන් පියා පොලිස්ථාන දෙකකට පැමිණිලි කර ඇතත් පොලිස්ථා නිසි විමර්ශනයක් සිදු නොකිරීම නිසා ඇයගේ අතුරුදන්වීම තවදුරටත් අභිරහසක් බවට පත්වි තිබේ.

සිය දියණිය අතුරුදන්වි ඇති බව කියමින් තිරප්පනය හා මිහින්තලය පොලිස්ථාන වෙත ගොස් පැමිණිලි ඉදිරිපත් කර ඇතත් එවකට සිටි නිලධාරින් පැමිණිලි භාර ගැනීමට නොහැකි බව කියමින් ඔවුන් පලවා හැරි බව විජේසිංහ මහතා පැවසීය.

පොලිස්ථාන වලින් තමන්ට සාධාරණයක් ඉටුනොවිම නිසා ඔහු උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ගොස් 2007 වර්ෂයේ ජනවාරි තිරප්පනය හා මිහින්තලය පොලිසි විසින් තමන්ගේ පැමිණිල්ල භාර නොගත් බවත් තමන්ට අසාධාරණයක් සිදුවී ඇති බවත් ප්‍රකාශ කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කළ නියෝගයකට අනුව මිහින්තලය පොලීසිය විසින් 2007පෙබරවාරී මස 07 වන දින පැමිණිල්ල භාරගත් බවට සනාථ කරමින් පැමිණිලි කුවිතාන්සියක් විජේසිංහ මහතාට නිකුත් කර තිබෙනා අතර වසර14ක් පැරණි පැමිණිලි කුවිතාන්සිය තවමත් ඔහු සතුව තිබේ.

මෙම තරුණ කාන්තාව පුද්ගලයෙකු විසින් දූෂණයට ලක්කර ඇයට දරුවෙකු ලැබීමට සිටි නිසා ඝාතනය කළ බවට තොරතුරු තිබෙනා බවත් යම් බලධාරියෙකුගේ අත පෙවීමක් නිසා මිනී මරුම යටගොස් ඇති බව ගම්මානයේ පදිංචි පිරිසක් පවසයි.

පියා ඇය තවම ජීවත්ව සිටින බවට විශ්වාස කරන අතර ඇය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර දියණියට සිදුවූයේ කුමක්ද යන්න අනාවරණය කර දෙන ලෙස පියා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….