badumila

භාණ්ඩ මිල පහත හෙලන ලෙස බලකරමින් අරලගංවිල දී උද්ඝෝෂණයක්

පොහොර ටික කලට වේලාවට ලබා දෙන ලෙසත් ඉන්ධන මිල ඇතුළු අහස උසට නැග ඇති භාණ්ඩ මිල පහත හෙලන ලෙසත් බලකරමින් ජාතික ජනබල වේගයේ පාක්ෂිකයන් පිරිසක් ඊයේ (27) දහවල් අරලගංවිල නගරයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළ හ. ජාතික ජනබලවේගයේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් කුමාර නෙල්සන් මහතා සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විජේතුංග යන…

piyalnisantha
| |

දුමින්ද සම්බන්ධයෙන් මහ කොමතාරිස්තුමිය සිදුකර ඇති ප්‍රකාශය හෙළා දකියි

“මෙරට නීතියේ ආධිපත්‍යය ගැටළුවකට ලක්ව ඇතැයි’   දුමින්ද සිල්වා  මහතාව නිදහස්  කිරිම  සම්බන්ධයෙන්  අමෙරිකානු  මහ කොමතාරිස්තුමිය සිදුකර ඇති ප්‍රකාශය පිළිකුළෙන්  යුතුව  හෙළා දකින බව කාන්තා  හා ළමා  සංවර්ධන  පෙර පාසල්, ප්‍රාථමික ,අධ්‍යාපන, පාසල්  යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය  අමාත්‍ය  පියල්  නිශාන්ත ද සිල්වා මහතා කීවේය . ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිව තිබු  හිටපු මන්ත්‍රී  දුමින්ද …

pallekale
|

බලගොල්ලේදී පැහැරගෙන දළුක්ගොල්ලේදී ඇණ ගසයි

පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන  ගාල්තැන්න දළුක්ගොල්ල ප්‍රදේශයේ කඳු මුදුනකට රැගෙන ගොස් කොටයකට තබා ඔවුන් දෙදෙනාගේ දෙයත් වලට පරාල ඇණ ගසා අමානුෂික ලෙස වධ හිංසා කළ බව කියන  සිද්ධියක් සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කපුවෙකු ඇතුළු 11 දෙනෙකු ගෙන්  සමන්විත කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට මහනුවර සහ බලගොල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි. සැකකරුවන් පිරිස වෑන් රථයකින් පැමිණ බලගොල්ල ප්‍රදේශයේදී 25 දින…

ස්මාට් දුරකථන නොමැතිවීමෙන් පාසල් දරුවන් අන්ත අසරණ භාවයට
| |

ස්මාට් දුරකථන නොමැතිවීමෙන් පාසල් දරුවන් අන්ත අසරණ භාවයට

පවතින කොරෝනා වෛරසය හේතුවෙන් රජයේ පාසල් වසාදමා තිබෙන අවධියක අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්බදව ජීවත් වන දරුවන්ට ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය සංඥා පහසුකම් ස්මාට් වර්ගයේ දුරකථන නොමැතිවීමෙන් ඔවුන් අන්ත අසරණ භාවයට පත්වි සිටින අතර අනුරාධපුර මහවිලච්චිය අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් දරුවන් අධ්‍යාපනය ලබාගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත්වි සිටිති. අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර් 50ක පමණ දුරින් පිහිටි මහවිලච්චිය…

corona

අඹගමුවේ ගතවු පැය 24 තුලදි කොවිඩ් ආසාදිතයන් 75ක්

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ගතවු පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 75 දෙනකු හමුව ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු  ගිය දිනවලදි ගන්නා ලද අහඹු හා පසු ගිය දිවලදි හමුවු කොවිඩ් ආසාදිතයන්ගේ පලමු පෙළ ආශ්‍රිතයන්ගේ පි. සි. ආර්. වාර්ථා…

chinawawa
|

වැව හාරන චීන්නූ ගැන අසද්දී මහින්දානන්ද ගොළුවෙයි

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ චීන ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින් ආරම්භ කළ තිස්සමහාරාම වැවේ රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. එහි අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, අදාළ ව්‍යාපෘතිය සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිසි අවසරය ලබා ගන්නා තෙක් වැඩකටයුතු නතර කිරීමට කටයුතු කළ බවයි. ඓතිහාසික වටිනාකමක්…

වධහිංසාවලට ගොදුරු වූ වින්දිතයින්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය
|

වධහිංසාවලට ගොදුරු වූ වින්දිතයින්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය

වධහිංසාවලට ගොදුරු වූවන්ට සහයෝගය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ලෙස අද දිනය අපි සනිටුහන් කරන අතර, ශ්‍රී ලංකාවේ වධහිංසා පැමිණවීම වැඩිවීම පිළිබඳව පහත  අත්සන් සහිතව අපගේ  ප්‍රකාශය මෙසේ ඉදිරිපත් කරමු. පසුගිය වසර තුළදී, කොවිඩ් – 19  වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට අනපේක්ෂිත  අභියෝගයන් රැසකට මුහුණ දීමට සිදුවූ බව අපි දුටුවෙමු. රටතුළ ගැඹුරු අස්ථාවරත්වයක් සහ අවිනිශ්චිතතාවයක් සහිත  මෙම සන්දර්භය…

1994 අංක 22 වදහිංසාව වැලැක්වීමේ පනත යටතේ අද නඩු පවරන්නේ නැත්තේ ඇයි? – නන්දන මනතුංග පියතුමා
|

1994 අංක 22 වදහිංසාව වැලැක්වීමේ පනත යටතේ අද නඩු පවරන්නේ නැත්තේ ඇයි? – නන්දන මනතුංග පියතුමා

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙකු ඝාතනය වු විට ඝාතනයට ලක් වුණු පුද්ගලයාගේ චරිතය සහ ඔහු කොතරම් දරුණු පුද්ගලයෙක් ද යන්න සඳහන් කරමින් එම ඝාතනය සාධාරණීයකරණය කිරීමට පොලිසීය උත්සහ කරන බව ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පිරීස් මහතා පවසයි. එසේම ඉහළ  පොලිස් නිලධාරීන්ගේ අණට පොලිසීයේ පහළ නිලධාරීන්  විසින් සිදු කරන ඝාතනයකදී කිසි විටෙකත් ඉහළ නිලධාරියා පහළ…

lock

පළාත් අතර සංචරණ සීමා දිගටම

පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. එම සීමා ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි පැවසූ යුද හමුදාපතිවරයා ඒ සම්බන්ධයෙන් පැතිරෙන කට කතාවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය. කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශ හඳුනාගෙන…

පොලීසියෙන් මහජනතාවට පණිවුඩයක්

පොලීසියෙන් මහජනතාවට පණිවුඩයක්

සංචරණ සීමා ඉවත් කර රට විවෘතව පැවතියත් නිරෝධායන රීතිවලට අනුගතව ජනතාව කටයුතු කළ යුතු බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ නිවෙස්වලින් පිටතට පැමිණෙන ජනතාව කොවිඩ් වෛරස අවදානම් තත්ත්වය පිළිබදව අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි. විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවා, කඩ සාප්පු පවත්වාගෙන යෑම සහ ආයතන පවත්වාගෙන යෑමේදි නිසි සෞඛ්‍ය…