පිරිමින් කරන අවමංගල්‍ය සේවා සපයන කාන්තාවක් දෙයියන්දර සේපාලිකා නිල්මිණ
ශ්‍රී ලංකාවේ අවමංගල්‍ය අධ්‍යක්ෂ සේවාව සාමාන්‍යයෙන් පිරිමි ආධිපත්‍යයෙන් යුත් එකක්. එහි කාන්තාවන් සේවයේ නොයෙදෙන තරම්. එහෙත්, මල් ශාලාවක් පවත්වාගෙන යමින් මළ සිරුරු සැකසීම දක්වා සියලු වැඩ කරන කාන්තාවක පිළිබඳ දකුණු පළාතේ දෙයියන්දරින් වාර්තා වෙනවා. ඇය නමින් රණවක සේපාලිකා නිල්මිණි. පවුලේ උරුමයක් වූ දෙයියන්දර මල් ශාලාව පවත්වාගෙන ගියේ ඇගේ සැමියායි. එහෙත්, 2017දී ඔහුගේ හදිසි අභාවයෙන් පසු,…