කොරෝනා ව්‍යාප්ත කිරීමේ කුමන්ත්‍රණයක්
|

කොරෝනා ව්‍යාප්ත කිරීමේ කුමන්ත්‍රණයක්

ධීවර සංස්ථා නිලධාරින් 07ක්  මින්නේරියේ නිවාඩු නිකේතනයට  හොර රහසේ ම පැමිණ සැගව සිටීමෙන් හා ඒ අතර ආසාධිතයන් සිටිමෙන්  කොරෝනා වෛරසය පොලොන්නරුව දිස්ත්‍රික්කයට ද ව්‍යාප්ත කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට සැකයක් මතුව ඇතැයි පොලොන්නරුවේ සෞඛ්‍ය අංශ චෝදනා කරයි. ඉකුත් (05) දා සවස 4.30 ට පමණ  මෝදර ප්‍රදේශයෙන් පිටත්ව එදින රාත්‍රී වන විට මින්නේරිය ධීවර සංස්ථා…

diwali 2020 india

දිපවාලී උත්සවය පැමිණෙන සියලුම දෙනා ස්වයං නිරෝධානයට

ලග එන දිපවාලී උත්සවය සදහා හැටන් පොලිස් කොට්ඨාශ බල ප්‍රදේශයට බාහිර ප්‍රදේශවලින් පැමිණෙන සියලුම දෙනා ස්වයං නිරෝධානය ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු විජිතද අල්විස් මහතා පවසන ලද්දේ ලග එන දීපවාලී උත්සවය සැමරිමට බස්නාහිර ඇතුළු විවිධ ප්‍රදේශවල සිට හැටන් පොලිස් කොට්ඨාශයට විශාල…

post office agent

මධ්‍යම තැපැල් හුවමාරුව විවෘත වෙයි

කොරෝනා වෛරස ව්‍යාප්ත තත්ත්වය හේතුවෙන් පසුගිය 5 වැනි දා සිට මුළුමණින් අත්හිටුවා දමා තිබූ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි කටයුතු අද (09) සිට යළි විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සදහන් කළේ ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ සීමිත රාජකාරී කිහිපයක් සඳහා පමණක් එය විවෘත කෙරෙන බවයි. ඒ අනුව, ජාත්‍යන්තර…

death

5000 ගන්න ගොස් ඇද වැටී මරුට

රුපියල් පන්දහසේ දීමනාව ලබා ගැනීමට කටාන, කදිරාන ග්‍රාම නිලධාරී කාර්යාලයේ පෝලිමේ සිටි කාන්තාවක් ඊයේ (08) ඇදවැටී මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ ඇටඹගහවත්ත, උතුරු කදිරාන පදිංචි උඩුගම කෝරාළලාගේ සෝමාවතී නමැති හැටදෙහැවිරිදි කාන්තාවකි.

corona death count sri lanka

35වන කොවිඩ් මරණය වාර්තා වේ

මෙරට 35 වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි. මෙලෙස මියගියේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර, ඔහු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති අතර, මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

තරුණයෙක්ට කොරෝනා සමග තවත් රෝගයක් පොසිටිව් වෙයි

තරුණයෙක්ට කොරෝනා සමග තවත් රෝගයක් පොසිටිව් වෙයි

කලාතුරකින් වාර්තාවන ඩෙංගු සහ කොවිඩ් – 19 යන වෛරස් දෙකම ආසාදනය වූ රෝගියෙකු මීගමුව රෝහලෙන් හමු වී තිබේ. මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී ඩෙංගු සහ කොවිඩ් – 19 යන රෝග තත්වයන් දෙකම අසාදනය වී ඇති බව වෛද්‍යවරුන් තහවුරු කරගෙන තිබේ. අසාධය තත්වයේ පසුවන ඔහු වහාම කොළඹ IDH රෝහල වෙත යොමු කර…

england army
|

කොවිඩ් සටනට එංගලන්තයත් හමුදාව කැඳවයි

එංගලන්තය පුරා පැතිරයන කොවිඩ් -19 වසංගතය පාලනයට යුද හමුදාව කැඳවීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ. ඒ අනුව යෝක්ෂයර් රෙජිමේන්තුවේ භට කණ්ඩායමක් ඊට කැඳවා ඇතිබව සී එන් එන් පුවත් සේවය වාර්තා කළේය. එම හමුදා සාමාජිකයින් මේ වනවිට ලිවර්පුල් ප්‍රදේශයේ සිදුකරනු ලබන ආසාදිතයින් හඳුනාගැනීමේ ක්‍රියාවලියට දායකත්වය දෙයි.

හෙට ඇඳිරි නීතිය ඉවත් කෙරුණත් හුදෙකලා කොට ඇති ප්‍රදේශ මෙන්න

හෙට ඇඳිරි නීතිය ඉවත් කෙරුණත් හුදෙකලා කොට ඇති ප්‍රදේශ මෙන්න

බස්නාහිර පළාතේ දැනට බලපවත්වන ඇඳිරි නීතිය මින් පෙර දන්වා සිටි පරිදි හෙට (9) උදෑසන ස්ථිරවම ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද උදෑසන පුවත්පත් සිරස්තල වැඩසටහනකට එක්වෙමින් දන්වා සිටියේය. එම ඉවත්කිරීම එසේ සිදුවුවත් ප්‍රදේශ කිහිපයක් තවදුරටත් ලොක්ඩවුන් තත්වයේ පවතින බවද දන්වා සිටි අතර එම ප්‍රදේශ වලින් පිටවීමට ඇතුළුවීමට තහනම් කර ඇති…

american election announcement
|

ඇමරිකාවේ 46 වන ජනපති ලෙස ජෝ බයිඩන් තේරී පත් වෙයි

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් ජෝ බයිඩන් පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් කරමින්. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ බයිඩන් පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජයගැනීමත් සමග ජයග්‍රහණයට අවශ්‍ය “ජන්ද විද්‍යාල” 290 ඉක්මවා ගොස් ඇති බවය. ඔහු ජනාධිපතිධූරයේ 2021 ජනවාරි මාසයේදී රාජකාරි අරඹනු ඇත. ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා වීමට පෙර ජෝ…

coronadead

තවත් කොවිඩ් මරණ හතරක්. දෙදෙනෙක් නිවසේදී මියගිහින්.

කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමගම මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 34ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගොස් ඇති පුද්ගලයින් අතර තිදෙනෙක් කාන්තාවන්ය. ඔවුන්ගේ වයස පිළිවෙලින් 42 (මාලිගාවත්ත), 69 (මාලිගාවත්ත) සහ 88 (ගණේමුල්ල) වේ.පිරිමි පුද්ගලයා 67 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් සිය නිවසේදී මිය ගොස් ඇත….