මිරිදිය ධීවර කර්මාන්තයේ වැඩියේ යෙදී සිටින්නන්ගෙන් වැඩිපුරම නීතිවිරෝධී ධීවර කටයුතුවල සිටින්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බවත් තහනම් දැල් භාවිතය ඉතා ඉහළ බවත් ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (10) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

” වැව්වලින් එකතුවන මත්ශ්‍ය තොග විශේෂයෙන් ම පොලොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්කවල වැව්වලින් එකතුවන මත්ශ්‍ය තොග තැන්පත් කිරීමට තැනක් නෑ කියලා.අපි ශීතාගාර පහසුකම් දෙන්න කටයුතු කරන්නම්.

ඒ වගේම පසුගිය කාලය තුළ ධීවර සංස්ථාව මිරිදිය මසුන් මිලදී ගෙන නෑ.අපි ඉදිරි මාසය තුළ ස්ථාවර මිලක් දීලා මිරිදිය මසුන් මිලදී ගන්නම්.ඒවගේම අතිරික්තයක් තියෙන කාලවල මත්ශ්‍ය තොග තැන්පත් කරන්න කලින් තිබුණු ඇසුරුම් මධ්‍යස්ථානය අලුත් වැඩියා කරලා දෙන්නම්.

ඒ වගෙම අලෙවි ජාලයක් හදනවා.සෙවනපිටිය අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකර තියෙනවා.විසිතුරු මසුන් අභිජනනය කරන්නත් ඒ ආශ්‍රිතව කරන්නම්.විසිතුරු මත්ශ්‍ය කර්මාන්තයේ යෙදෙන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ 780ක් ඉන්නවා.අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ පහසුකම් වැඩි කරන්න.

ඒ සඳහා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නිර්දේශ මත ආධාර හා ණය මුදල් ලබා දෙන්න පුළුවන්.නමුත් අපට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි නිලධාරි හිගය.අපි මේ අඩුව පුරවන්න උත්සාහ කරනවා.එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට එක නිලධාරියෙක් වත් පත් කරන්න ඉල්ලලා තියෙනවා අලුත් උපාධිධාරින්ගෙන්.

විශේෂයෙන් ම ඉල්ලීමක් කරනවා  පොලිසියෙන් වනජීවී නිලධාරින්ගෙන් විශේෂ කාර්ය බලකායෙන් මේ දිනවල සීග්‍රයෙන් නීති විරෝධී මසුන් ඇල්ලීමේ කටයුතු සීග්‍රයෙන් සිදු වෙනවා.වැටලීම්වලට අපේ නිලධාරින්ට කතා කරාම ප්‍රමාදයන් නිසා මේ අය අල්ලන්න බෑ.

ඒක නිසා ක්‍රමවේදයක් හදලා දෙන්න අපේ නිලධාරින් එක්ක එකතුවෙලා .මොකද අපි  කොච්චර මත්ශ්‍ය තොග කොච්චර තැන්පත් කරත් වැඩක් නෑ නීති විරෝධී කටයුතු වෙනවා නම්.ඒ නිසා අපේ නිලධාරින්ට සහයෝගය දෙන්න.වනජීවි කලාපවලට අපේ නිලධාරින්ට යන්නත් බෑ.

අපට නිලධාරින් ඉතාම අඩුයි. කිහිප දෙනෙක් ඉන්නේ.ලංකාවේ ගත්තාම වැඩිම නීති විරෝධී ආකාරයට ධීවර කර්මාන්තයේ යෙදෙන අය ඉන්නේ පොලොන්නරුවේ.ඒ වගේම විශාල වශයෙන් තහනම් දැන් භාවිත කරනවා.මේ නීති විරෝධී ක්‍රියා මැඩීමට ඔබ තුමන්ලාගේ සහය දෙන්න.” යැයි ද ඒ මහතා  පැවසීය.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts