coronaupdates

මෙරට 12 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

කොරෝනා ආසාදනය වීමෙන් ඉන්දියාවේ සිට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඇය IDH රෝහලේ දී මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

චැටල් වත්තේ පාලකයින් කම්කරුවන්ගේ මුලික අයිතින් කඩකරයි

චැටල් වත්තේ පාලකයින් කම්කරුවන්ගේ මුලික අයිතින් කඩකරයි

වසර 15 ක් වතු කම්කරුවකු ලෙස සේවයකර රෝගිව එක්තැන්වු පසු පාසල් වයසේ ගැහැණු දරුවන් දෙදෙනෙකු ඇතුළු දරුවන් තිදෙනෙකු සමග දරු පවුලම මහ මගට ඇද දැමු හොරණ වතු සමාගමේ නිව් චැටල් වත්තේ අහිංසක දරු පවුලක් හිසට සෙවනක් තනා ගන්නට බිම් කඩක් ඉල්ලා හඩා වැටෙති. හොරණ වැවිලි සමාගමේ නිව් චැටල් නෑබඩ 11 කොටසේ අගුරුවාතොට කෝවිල අසල ලැයිමේ…

මෙරට බෞද්ධ විශ්වවිද්‍යාල 02 අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

මෙරට බෞද්ධ විශ්වවිද්‍යාල 02 අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අද්‍යාපන අමාතයංශය යටතට ගැනීමට ජාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. එම විශ්වවිද්‍යාල දෙක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත්කිරීමේ හැකියාව පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී තිබේ.

අනවසර ගංජා වගා රැසක් විනාශ කරයි

අනවසර ගංජා වගා රැසක් විනාශ කරයි

උඩවලව රක්ෂිතය තුළ අනවසරයෙන් සිදුකරගෙන ගිය ගංජා වගා රැසක් අද විනාශ කෙරිණ. ගුවන් හමුදාව, යුද හමුදාව සහ පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව කළ විශේෂ මෙහෙයුමකිනි. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම දියත් කර තිබිණ.

දික්ඔය ඇල මාර්ගයේ පිරිමි මල සිරුරක්

දික්ඔය ඇල මාර්ගයේ පිරිමි මල සිරුරක්

දික්ඔය ඇල මාර්ගයේ පිරිමි මල සිරුරක් ඇති බවට ලද දැනුම් දිමක් මත එම මල සිරුර පිලිබදව හැටන් පොලිසිය විසින් පරික්ෂන ආරම්භ කර ඇත. දික්ඔය ඇල මාර්ගයේ දික්ඔය තේ කර්මාණ්ත ශාලාව අසල 21වන දින 2.30ට පමන මෙම මල සිරුර එම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් දැක ඇති අතර පසුව ඔහු විසින් මේ පිලිබදව හැටන් පොලිසියට දැනුම් දි ඇත….

elec dailyreporter

හෙට සිට විදුලිය කපන්නේ නෑ

කෙරවලපිටිය හා නොරොච්චෝලේ විදුලි බලාගාරයන්හි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක කළ තාවකාලික විදුලි විසන්ධි කිරීම හෙට (22) සිට සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. අලුත්වැඩියා කළ නොරොච්චෝල විදුලි බලාගාරය අද (21) දින ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතය. ඒ අනුව එළඹෙන සෙනසුරාදා සිට විදුලි විසන්ධි කිරීමක් සිදු…

නාඋල වාහනවල සහ දුරකතන කුලුනුවල බැටරි ගලවන කල්ලියක්

නාඋල වාහනවල සහ දුරකතන කුලුනුවල බැටරි ගලවන කල්ලියක්

නවතා ඇති වාහනවල සහ දුරකතන කුලුනුවල මෙන්ම අලි වැටට යොදා ඇති බැටරි ගලවන සංවිධානාත්මක කල්ලියක් සිය ප්‍රදේශ වලට බලවත් ගැටලුවක් වී ඇතැයි නාඋල – දෙකේ කනුව හා තුනේ කනුව ප්‍රදේශවාසිහු කියා සිටිති. කලක සිට සංවිධානාත්මකව සිදු කරනු ලබන බැටරි ගැලවීමේ ක්‍රියාව හේතුවෙන් කුමාරගල හා තුනේ කණුව ප්‍රදේශයේ අලි වැටද අක්‍රීය වී ඇතැයි ඔවුහු චෝදනා කරති….

covid infections and deaths

කොරෝනා ආසාදිතයින් 16ක්

ඊයේ (20) දිනය තුල තවත් කොවිඩ්-19 රෝගීන් 16 දෙනෙකු හඳුනාගෙන තිබේ. චෙන්නායි නුවර සිට පැමිණි 16 දෙනෙකු එලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2918 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

කහ කන්ටේනර් 62ක් රාජසන්තකයි

කහ කන්ටේනර් 62ක් රාජසන්තකයි

ආනයනය කරන ලද කහ කන්ටේනර් හැට දෙකක් රාජසන්තක කර තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ කහ මෙරටට ගෙන්වීම තහනම් කර තිබියදී පසුගිය මාස 3 ක කාලය තුළ එම කහ කන්ටේනර් මෙරටට ගෙන්වා ඇති බවයි.

පාර්ලිමේන්තුව අසලට බෝට්ටුවක්

පාර්ලිමේන්තුව අසලට බෝට්ටුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා අද ආරම්භ වූ 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු දිනය සඳහා බෝට්ටුවකින් පැමිණීම විශේෂත්වයකි. කොළඹ ආශ්‍රිත මාර්ග වල ඇති දැඩි රථවාහන තදබදය මගහරවා ගැනීමට ජල මාර්ග වල ප්‍රවාහන මාධ්‍ය කෙරෙහි ජනතාව උනන්දු කරවීමට ඉදිරියේදී කටයුතු කරන බව ඔහු කියා සිටියේය. මින් පෙර මෙවන් අත්දැකීම් මදකම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක අංශ මෙහිදී යම් කලබලයකට…