ඇල්ල පහල පාලම අනතුරකට අත වනයි

ඇල්ල පහල පාලම අනතුරකට අත වනයි

දොඩන්ගොඩ, තුඩුගල මාර්ගයේ ඇල්ල පහල පාලම දිරා අබලන්ව රථ වාහන ගමනා ගමනය සීමාකර ඇතත් එය නොතකා බර වාහන ගමන් කිරිමෙන් බරපතල අනතුරක් අත ළගයැයි, ප්‍රදේශයේ ජනතාව අනතුරු අගවති. යටතේ විජිත සමයේ ඉදිකල බව කියැවෙන මෙම පාලමේ යකඩ ගරාදි දිරාපත්ව අවස්ථා කිපයකදි තාවකාලික ප්‍රතිසංස්කරණ මුක්කු යොදා තිබේ. පාලම අබලන් නිසා බර වාහන ගමනා ගමනය තහනම් කරමින්…

ජල මණ්ඩලයේ කඹ ඇදිල්ලෙන් දික්ඔය මාර්ගය නවිකරණය කල නොහැකි තත්වයක්

ජල මණ්ඩලයේ කඹ ඇදිල්ලෙන් දික්ඔය මාර්ගය නවිකරණය කල නොහැකි තත්වයක්

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ මාර්ග පද්දති කාපට් යොදා නවිකරණය කිරිමට සැලසුම් කලද ජල මණ්ඩලයේ හැටන් කාර්යාලයේ සමහර නිලධාරින්ගේ  අත්තෝමතික ක්‍රියා හේතුවෙන් එම කටයුතු කල් දැමිමට සිදුව ඇති බව හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එස්. බාලචන්ද්‍රන් මහතා දිවංගත හිටපු ඇමති ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ඉල්ලිමක් මත…

coronaupdates

මෙරට 12 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

කොරෝනා ආසාදනය වීමෙන් ඉන්දියාවේ සිට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඇය IDH රෝහලේ දී මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

චැටල් වත්තේ පාලකයින් කම්කරුවන්ගේ මුලික අයිතින් කඩකරයි

චැටල් වත්තේ පාලකයින් කම්කරුවන්ගේ මුලික අයිතින් කඩකරයි

වසර 15 ක් වතු කම්කරුවකු ලෙස සේවයකර රෝගිව එක්තැන්වු පසු පාසල් වයසේ ගැහැණු දරුවන් දෙදෙනෙකු ඇතුළු දරුවන් තිදෙනෙකු සමග දරු පවුලම මහ මගට ඇද දැමු හොරණ වතු සමාගමේ නිව් චැටල් වත්තේ අහිංසක දරු පවුලක් හිසට සෙවනක් තනා ගන්නට බිම් කඩක් ඉල්ලා හඩා වැටෙති. හොරණ වැවිලි සමාගමේ නිව් චැටල් නෑබඩ 11 කොටසේ අගුරුවාතොට කෝවිල අසල ලැයිමේ…

මෙරට බෞද්ධ විශ්වවිද්‍යාල 02 අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

මෙරට බෞද්ධ විශ්වවිද්‍යාල 02 අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අද්‍යාපන අමාතයංශය යටතට ගැනීමට ජාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. එම විශ්වවිද්‍යාල දෙක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත්කිරීමේ හැකියාව පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී තිබේ.

අනවසර ගංජා වගා රැසක් විනාශ කරයි

අනවසර ගංජා වගා රැසක් විනාශ කරයි

උඩවලව රක්ෂිතය තුළ අනවසරයෙන් සිදුකරගෙන ගිය ගංජා වගා රැසක් අද විනාශ කෙරිණ. ගුවන් හමුදාව, යුද හමුදාව සහ පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව කළ විශේෂ මෙහෙයුමකිනි. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම දියත් කර තිබිණ.

දික්ඔය ඇල මාර්ගයේ පිරිමි මල සිරුරක්

දික්ඔය ඇල මාර්ගයේ පිරිමි මල සිරුරක්

දික්ඔය ඇල මාර්ගයේ පිරිමි මල සිරුරක් ඇති බවට ලද දැනුම් දිමක් මත එම මල සිරුර පිලිබදව හැටන් පොලිසිය විසින් පරික්ෂන ආරම්භ කර ඇත. දික්ඔය ඇල මාර්ගයේ දික්ඔය තේ කර්මාණ්ත ශාලාව අසල 21වන දින 2.30ට පමන මෙම මල සිරුර එම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් දැක ඇති අතර පසුව ඔහු විසින් මේ පිලිබදව හැටන් පොලිසියට දැනුම් දි ඇත….

elec dailyreporter

හෙට සිට විදුලිය කපන්නේ නෑ

කෙරවලපිටිය හා නොරොච්චෝලේ විදුලි බලාගාරයන්හි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක කළ තාවකාලික විදුලි විසන්ධි කිරීම හෙට (22) සිට සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. අලුත්වැඩියා කළ නොරොච්චෝල විදුලි බලාගාරය අද (21) දින ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතය. ඒ අනුව එළඹෙන සෙනසුරාදා සිට විදුලි විසන්ධි කිරීමක් සිදු…

නාඋල වාහනවල සහ දුරකතන කුලුනුවල බැටරි ගලවන කල්ලියක්

නාඋල වාහනවල සහ දුරකතන කුලුනුවල බැටරි ගලවන කල්ලියක්

නවතා ඇති වාහනවල සහ දුරකතන කුලුනුවල මෙන්ම අලි වැටට යොදා ඇති බැටරි ගලවන සංවිධානාත්මක කල්ලියක් සිය ප්‍රදේශ වලට බලවත් ගැටලුවක් වී ඇතැයි නාඋල – දෙකේ කනුව හා තුනේ කනුව ප්‍රදේශවාසිහු කියා සිටිති. කලක සිට සංවිධානාත්මකව සිදු කරනු ලබන බැටරි ගැලවීමේ ක්‍රියාව හේතුවෙන් කුමාරගල හා තුනේ කණුව ප්‍රදේශයේ අලි වැටද අක්‍රීය වී ඇතැයි ඔවුහු චෝදනා කරති….

covid infections and deaths

කොරෝනා ආසාදිතයින් 16ක්

ඊයේ (20) දිනය තුල තවත් කොවිඩ්-19 රෝගීන් 16 දෙනෙකු හඳුනාගෙන තිබේ. චෙන්නායි නුවර සිට පැමිණි 16 දෙනෙකු එලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2918 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.