පිටරට මස් රජරට ගොවියන් අසරණ කරයි
මහපරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විදේශ රටවලින් මස් ආනයනය කිරිම නිසා රජරට ලියාපදිංචි සත්ව ගොවියන් අන්ත අසරණ භාවයට පත්වි ඇති බවත් මස් ආනයනය සීමා සහිතව සිදුකර රජරට ගොවියන් රැකගන්නා ලෙසත් ඉල්ලමින් සත්ව පාළන ගොවින් පිරිසක් අනුරාධපුර උතුරුමැද පළාත් සභා වටරවුම ඉදිරිපිට අද (21දා) උදෑසන දැවැන්ත විරෝධතාවයක නිරතවුහ. විරෝධතාවයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය රඹෑව කහටගස්දිගිලිය හොරොව්පොතාන ගලෙන්බිදුණුවැව තන්තිරිමලය…