මතුගම , වලගෙදර ගොවිජනසේවා බල ප්‍රදේශයට අයත් වලගෙදර කදුරුවත්ත ඇළ වසර දහයක කාලයක් තිස්සේ වල් බිහිව ,අබලන්විම හේතුවෙන් ගොවි පවුල් 300 කට පමණ බත සැපයු කුඹුරු අක්කර 200 කට ගැටළු මතුව ඇතැයි ප්‍රදේශයේ ගොවින් කියති.

වලගෙදර,ගල්මත්ත, කුරුදිප්පිට, වලගෙදර උතුර ග්‍රාමසේවා වසම් හතරක වතුරාව වෙල් යාය, මැටි මුල්ල, හීන් උඩුමුල්ල,වලගෙදර මිල්ල ගහවත්ත යාය ඇතුළු කුඹුරුයාය රැසක ට ජලය ලබා ගැනිම සහ ජලය බැසයාම ට ඇත්තේ කදුරුවත්ත ඇළ බව ගොවි සංවිධාන නියෝජිතයින් කියති.


වලගෙදර බොකෑව ගොවි සංවිධානයේ ලේකම් එච්. ගුණසිරි මහතා

මේ ප්‍රශ්නය පිළිබදව දිගු කලක සිට අදාල බලධාරින්ට ලිඛිතවත්, වාචිකවත් අවස්ථා ගණනාවකදි දැනුම්දි ඉල්ලිම් කර තිබෙනවා. වලගෙදර ගොවි ජනසේවා කාර්යාලයට, මතුගම ප්‍රාදේශී කෘෂිකර්ම කමිටුවට,මතුගම ප්‍රාදේශීය ලේකම්තුමියට, කළුතර දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලයට ඇතුළු බලධාරින් සියළු දෙනාට ලිඛිතව දන්වා ඉල්ලිම් කළා. මේක අයත්වන්නෙ වාරිමාර්ග දෙපාර්තමේන්තුවටයි.මේ ඇළ අඩි හැටත්, අනුවත් අතර පළලයි මිනිස් ශ්‍රමයෙන් කරන්න බැහැ.

ගල්මත්ත ගොවි සංවිධානයේ සභාපති එස්.ඩී.සී. සිසිර කුමාර මහතා

මේ ඇළ කිලෝමිටර් අටක් විතර දිගයි කොස් ගහකන්ද කුරුදිප්පිට සිට බෙන්තර ගගට ගලා බසින ඇළේ කිලෝමිටර හතරක් විතර වල් බිහිවෙලා වතුර නොබැසිමෙන් මේ වන විට අස්වැන් නෙළන කුඹුරු අක්කර සියයක පමණ අස්වැන්න විනාශවෙමින් තියෙනවා.ඇළ ගොඩවෙලා දියපර වැවිලා, දිය මතපාවෙන බැකෝ යන්ත්‍රයක්යොදා ඇළ ප්‍රතිසංස්කරණය කළ යුතුයි.

ගල්මත්ත ගොවි සංවිධානයේ ලේකම් දයාරත්න වික්‍රමසිංහ මහතා

මේ ප්‍රශ්නය නිසා අස්වැන්න නෙළන කුඹුරු ජලයෙන් යටවෙලා. ගොයම් කපන්න බැහැ. කුඹරේම ගොයම පැළවෙලා. කුඹුරට යන්ත්‍ර – සූත්‍ර යොදන්න බැහැ. රුපියල් ලක්ෂ ගණනක් වැයකර වගා කළ කුඹුරු ජලයෙන් යටවෙලා විනාශ වෙනවා.

සෝමරත්න පොද්දෙණිය – මිගහතැන්න

Similar Posts