watercut

විදුලිය ඇණහිටීම නිසා ජලය බෙදා හැරීමේ කටයුතු ද අඩාල වෙයි

මුළු දිවයිනේම විදුලි බලය ඇණහිටීම නිසා ජලය බෙදා හැරීමේ කටයුතු ද අඩාල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. විදුලි බලය හදිසියේ ඇණ හිටීම ජල සැපයුමට සෘජුවම බලපා ඇති බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ. විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වුව ද ඇතැම් ප්‍රදේශවලට සාමාන්‍ය පරිදි ජලය බෙදා හැරීමට කිසියම් කාලයක් ගත…

පෘතුවියේ ඉහළම උෂ්ණත්වය වාර්තාවෙයි
|

පෘතුවියේ ඉහළම උෂ්ණත්වය වාර්තාවෙයි

පෘථිවියේ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රන්තයේ පිහිටි ඩෙත් නම් ජාතික උද්‍යානයෙන් වාර්තා වෙයි. ඇමරිකාවේ කාලගුණ වාර්තා අනුව එහි ෆැරන්ෆයිට් 130ක් හෙවත් සෙල්සියස් අංශක 54.4ක උෂ්ණත්වයක් වාර්තා වී තිබු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කැටයම් නැති පළමු පාර්ලිමේන්තු මංගල සැසිය

කැටයම් නැති පළමු පාර්ලිමේන්තු මංගල සැසිය

පාර්ලිමේන්තු මංගල සැසිය ආරම්භ කිරීමේ උත්සවය චාම් අන්දමින් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මහලේකම් වෙත දැනුම් දී ඇත. ඒ අනුව ත‍්‍රිවිධ හමුදා ආචාර පැවැත්වීම, ආචාර වෙඩිමුර පැවැත්වීම හා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග දෙපස සිට ආචාර කිරීම් ආදිය සිදු නොකරන ලෙස දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.  

Mahara prison

වැලිකඩ STF යටතට

ඉදිරි දින කිහිපය තුළ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය හා වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස් පවසයි. රැඳවූවන් බැලීමට පැමිණෙන අය පරික්ෂා කිරීමට හා රැඳවූවන්ට ලබා දීමට ගෙන එන පාර්සල් පරික්ෂා කිරීමට මෙන්ම බන්ධනාගාරයේ අවට ආරක්ෂාවටද පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ලබා ගැනීමට අවධානය යොමුව ඇතැයිද  සඳහන් වේ. බන්ධනාගාර තුළ…

රැකියාලාභීන්ගේ නම් වෙබ් අඩවියේ පළ වෙයි

රැකියාලාභීන්ගේ නම් වෙබ් අඩවියේ පළ වෙයි

රැකියාලාභී උපාධිධාරීන්ගේ 50,000ගේ නාම ලේඛනය නිකුත් කර තිබේ. රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ මේ වනවිට පළ කර තිබෙනවා. මේ අතර තෝරාගත් අඩු ආදායම්ලාභීන් ලක්ෂය රැකියා සඳහා නියුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය විසින් සැප්තැම්බර් 02 වැනි දා සිට ක්‍රියායාත්මක කිරීමට සැලසුම් කර…

දිඹුලාගල අනවසර කැණීම් සිදුකළ පුද්ගලයින් අත් අඩංගුවට

දිඹුලාගල අනවසර කැණීම් සිදුකළ පුද්ගලයින් අත් අඩංගුවට

දිඹුලාගල ඉද්ද පිච්ච වැව් ඉස්මත්තේ පුරාවිද්‍යා රක්ෂිතයට ඇතුළු වී අනවසර කැණීම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු  අත් අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි. අත් අඩංගුවට ගත් සැකකරුවන්   ළඟ තිබී ව්‍යාජ මැණික් ගල් තුනක් සහ සෙම්බුවක් ද පූජා භාණ්ඩ සහ ත්‍රිරෝද රථයක් ඇතුළුව නඩු භාණ්ඩ රැසක් අත් අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි. අරලගංවිල පොලිසියේ  දූෂණ මර්දන ඒකකයේ…

government information center

මාස 6ක් ඇතුළත වැඩ නොපෙන්වන ඇමතිවරු දොට්ට

අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මාස 6ක් ඉක්ම ගිය තැන වාර්තාවක් කැදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව වාර්තා වේ. මාස 6 ඇතුළත අමාත්‍යවරයා සිය අමාත්‍යංශය තුළ සිදු කර ඇති වැඩ කොටස, ඉලක්ක සපුරාලීම, ආණ්ඩුවේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේද යන්න  සොයා බැලීමට නියමිතය. අදාළ ඇමැතිවරයා නිසි අයුරින් ක්‍රියා කොට නොමැති නම් එම තනතුරුවලින් ඉවත් කිරීමට හෝ…

electionns

ඉදිරි මාස කිහිපයදි තවත් මැතිවරණයක්

වසර ගණනාවක් තිස්සේ කල් දමා ඇති පළාත් සභා මැතිවරණය ඉදිරි මාස කිහිපය ඇතුළත පැවැත්වීමට රජය තීරණය කර තිබේ. බොහෝ දුරට එය ලබන ජනවාරි මාසයේ දී පමණ පැවැත්වීමට ඉඩ තිබේ. මෙම මැතිවරණය මෙයට පෙර පැවැත්වූ දිස්ත්‍රික් මනාප ක්‍රමය යටතේ පැවැත්වෙනු ඇති අතර ඒ සදහා මැතිවරණ පනතට සංශෝධනයක් ගෙන ඒමට රජය සැලසුම් කර ඇත.

දහම් පාසල් අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹේ

දහම් පාසල් අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹේ

දහම් පාසල් අධ්‍යයන කටයුතු අද (16) සිට නැවත ආරම්භ කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. අදියර දෙකක් ඔස්සේ එම කටයුතු ආරම්භ කෙරෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේය. ඒ අනුව 6 සිට 13 ශ්‍රේණි දක්වා අද දිනයේ සිට ද ද 1 සිට 5 ශ්‍රේණි දක්වා අගෝස්තු 23 වැනිදා ද වශයෙන් දහම්…

බන්ධනාගාරගත රැඳවියන් හමුවීම අද සිට

බන්ධනාගාරගත රැඳවියන් හමුවීම අද සිට

බන්ධනාගාරගත රැඳවියන් හමුවීම සඳහා අද සිට අමුත්තන්ට අවස්ථාව ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.   වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ය. සියලු බන්ධානාගරවල රැඳවියන් බැලීමට අමුත්තන් පැමිණීම පසුගිය 11වැනිදා සිට තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ ය.