ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උත්සවය අදයි

ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උත්සවය අදයි

මාසයක් පුරා පැවති රාමසාන් උපවාස සමය අවසන් කරමින් ඉස්ලාම් බැතිමතුන්ගේ ඊදුල් ෆීතර් උත්සවය අද පැවැත්වෙනවා. ඉස්ලාමිය දින දර්ශනයේ නව වන මාසය රාමසාන් මාසයයි. මෙම මාසයේ නව සඳ දැකිමත් සමඟ ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උපවාසය ආරම්භ කළා. රාමසාන් උපවාසය නිමාවට පත්වීමත් සමඟ පළමු සඳ දැකීමෙන් පසු ඊදුල් ෆීතර් රාමසාන් උත්සවය ඉස්ලාම් බැතිමතුන් දැඩි භක්තියෙන්…

මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1089 දක්වා ඉහළට

මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1089 දක්වා ඉහළට

මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1089 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය තුළ ආසාදිතයින් 21 දෙනෙකු හඳුනා ගැණුනි. ඉන් වැඩිම පිරිසක් නාවික හමුදා සාමාජිකයන් වන අතර තවත් දෙදෙනෙකු විදෙස්ගතව සිට පැමිණ මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල රැදීසිටි අය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේය. මේ වන විට රෝගීන් 660 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

ආරෝග්‍යා පරමාලාභ – රාජ්‍ය පොසොන් උත්සවය

ආරෝග්‍යා පරමාලාභ – රාජ්‍ය පොසොන් උත්සවය

පවතින කොරෝනා ගෝලිය වසංගත තත්වයත් සමග සියළුම කටයුතු ආපස්සට යවන්න බෑ.ඒ නිසා රටේ කටයුතු නැවත ජනපති නියමයෙන් ආරම්භ වෙමින් පවතිනවා. ජනාධිපතිතුමන් හා අග්‍රාමාත්‍යතුමන් උපදෙස්මත 2328 වන රාජ්‍ය පොසොන් උත්සවය ආරෝග්‍යා පරමාලාභ යන තේමාව යටතේ පැවත්විමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසුහ. උන්වහන්සේ මේබව අනුශාෂනාකර සිටියේ…

law

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රේෂ්ඨාධිකරණය සෙනසුරාදා

මෙරට අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට සෙනසුරාදා දිනවල නඩු කටයුතු කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් සලකා බැලීමට නොහැකි වූ පෙත්සම් මෙලෙස මැයි මස 30 වන සෙනසුරාදා සහ ජූනි මස 13 සෙනසුරාදා දිනවලදී ද කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

කොරෝනා එන්නත –  වඳුරන් යොදා ගනිමින් සිදුකළ පර්යේෂණයකින් සාර්ථක ප්‍රතිඵල
|

කොරෝනා එන්නත – වඳුරන් යොදා ගනිමින් සිදුකළ පර්යේෂණයකින් සාර්ථක ප්‍රතිඵල

කොරෝනා වෛරසයෙන් ලොවපුරා මියයන ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමගම වෛරසය සදහා එන්නතක් නිෂ්පාදනය කිරීමේ කටයුතු වේගත්වී තිබෙනවා. වඳුරන් යොදා ගනිමින් සිදුකළ පර්යේෂණයකින් මේ වනවිට සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව ඇමෙරිකානු පර්යේෂකයින් සදහන් කරනවා. මේ වනතෙක් එම වදුරන් වෛරසයට සාර්ථකව මුහුණ දෙමින් සිටින බවයි ඔවුන් පවසන්නේ.

5000

5000 දෙන්න මුදල් රජයෙන් ලැබී නොමැති බවට චෝදනා

ඇඳිරිනීති තත්වය මත ජීවනෝපාය අහිමි වු පවුල් මැයි මාසයට අදාල දීමනාව ලබා දීම සඳහා අවශ්‍ය කරන මුදල් සමෘද්ධි බැංකු වෙත ලබා දීම ප්‍රමාදවීම පිළිබඳ සමෘද්ධී සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසනවා. මැයි මාසයට අදාල දීමනා ලබාදීම මැයි 18 වැනි දින සිට ආරම්භ කල යුතු බටව උපදෙස් ලබා දී ඇතත් එය නිසි ලෙස සිදුකිරීමේ අවස්ථාව අහිමිවෙමින් ඇති බවයි…

මුළු දිවයිනටම හෙට( 23) සිට මැයි 26 වන අඟහරුවාදා උදේ 5.00 වන තෙක් අදිරිනීතිය

මුළු දිවයිනටම හෙට( 23) සිට මැයි 26 වන අඟහරුවාදා උදේ 5.00 වන තෙක් අදිරිනීතිය

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බවත් මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට( 23) රාත්‍රී 8.00 සිට බලාත්මක වන ඇඳිරි නීතිය මැයි 26 වන…

ලැගුම්හළක සිටි කොවිඩ් බවට සැක කාන්තාවක් රෝහලට

ලැගුම්හළක සිටි කොවිඩ් බවට සැක කාන්තාවක් රෝහලට

හෝමාගම, කැන්දලන්ද ප්‍රදේශයේ ලැගුම්හළක රැඳී සිටි 45 හැවිරිදි කාන්තාවකට කොවිඩ් බවට සැක කෙරෙන රෝග ලක්ෂණ පෙන්වීම නිසා රෝහල් ගතකර තිබෙනවා. අලව්ව ප්‍රදේශයේ පදිංචිකාරියක්වන ඇය ආරක්ෂක අංශයේ යැයි සැකකෙරෙන පුද්ගලයකු සමඟ එම ලැගුම්හලේ සිට ඇති අතර අදාළ පුද්ගලයා සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙම කාන්තාව සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණ වාර්තාව අද (22)  ලැබීමට නියමිත බවයි. ලැගුම්හල් විවෘත කිරීම මේ…

පළාත් කිහිපයකට අදත් වැසි

පළාත් කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම , වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 60 ත් 65 ත් දක්වා වැඩිවිය…

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia
|

චීනය තවත් අනතුරුදායක තත්වයක

ඊසාන දිග චීනයෙන් වාර්තා වෙමින් පවතින නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් “පොකුර” සහ වුහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ රෝගීන් අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන බව එරට වෛද්‍යවරුන් ප්‍රකාශ කර සිටිනවා. වෛද්‍යවරුන් සඳහන් කර සිටින්නේ ඊසාන දිග චීනයෙන් වාර්තා වන කොරෝනා වෛරසය මිට පෙර දුටු වෛරසයට සාපේක්ෂව වෙනස් වී ඇති බවත් එය මැඩපැවැත්වීම සංකීර්ණ වී ඇති බවයි….