UAE තානාපති කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසාදමයි

UAE තානාපති කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසාදමයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසාදමා තිබේ. තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, හදිසි අවස්ථාවක් හේතුවෙන් තානාපති කාර්යාලය වසා දමා ඇති බවය.

බුලත්සිංහල පහත්බිම් මාර්ග රැසක්  ජලයෙන් යට වෙයි

බුලත්සිංහල පහත්බිම් මාර්ග රැසක්  ජලයෙන් යට වෙයි

කළු ගඟේ ජල මට්ටම ඉහළ  ගොස් බුලත්සිංහල  ප්‍රදේශයේ  පහත්බිම් සහ මාර්ග රැසක්  ජලයෙන්  යටව ප්‍රදේශ කීපයක  ජනතාව පීඩාවට පත්ව  තිබිණි . මිල්ලකන්ද ප්‍රදේශයේ  ජල මට්ටම අඩි 06.28 කින්ද , ඇල්ල ප්‍රදේශයේ  ජල මටිටම අඩි 08 කින්ද ඉහළ ගොස් ඇති අතර කුකුළේ ගඟ ජලාශයේ  වාන් දොරටු විවෘත  කිරීමෙන් තත්පරයට ජලය ඝණ මීටර් 250 ක් පිට කරන …

weather

‘අම්පන්’ බලපෑම අඩු වෙයි – 7000ක් පීඩාවට

අද සිට ‘අම්පන්’ සුළි කුණාටුව මගින් දිවයිනේ කාලගුණය කෙරෙහි වන බලපෑම අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි. දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 50 ට වැඩි…

රතු එළි මැද මැතිවරණය පැවැත්වීම අපහසුයි – මැ.කො

රතු එළි මැද මැතිවරණය පැවැත්වීම අපහසුයි – මැ.කො

ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී  මෙම දැනුම්දීම සිදු කළේය. සෞඛ්‍ය අංශ වලින් කොළ එළියක් එන තුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම වෙනුවෙන් පිටි පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා…

වැස්සෙන් මාතලේ නිවාස 54 කට හානි

වැස්සෙන් මාතලේ නිවාස 54 කට හානි

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන්  මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස 54 කට හානි සිදුව  ඇති බව  මාතලේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. කදු බැවුම් ආශ්‍රිතව ජිවත් වන පිරිස් අවදානයෙන් පසුවන ලෙසත් හදිසි අවස්ථාවකට මුහුණදීමට සූදානමින් සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

jaredpogi123kaba maconline whatsapp 网页 版 xvideos search

අවදානම් ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනයට අවසර

අධි අවදානම් හා අවදානම් ලෙස හඳුනාගත් ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනයට අද සිට (20) අවසර ලබා දීමට පියවර ගත් බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. පොදු ප්‍රවාහනය තවමත් විවෘත කර තිබෙන්නේ රාජකාරි සඳහා පැමිණෙන රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයින් සඳහා පමණි. සාමාන්‍ය මහජනතාව සඳහා…

පවතින වර්ෂාවත් සමග මධ්‍යම කදුකරයේ  සමන්‍ය ජන ජිවිතයට බාධා

පවතින වර්ෂාවත් සමග මධ්‍යම කදුකරයේ සමන්‍ය ජන ජිවිතයට බාධා

මධ්‍යම කදුකරයේ පලාත් තුල පවතින වර්ෂාවත් සමග හැටන් ආශ්‍රිත ප්‍රදේශවල සමන්‍ය ජන ජිවිතයට විවිධ බාධා එල්ලවෙමින් පවති. 18වන දින උදැසන සිටම පවතින මෙම වර්ෂාවත් සමග හැටන් කොළඹ හා හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගවල ස්ථාන කිපයක පස් කදු කඩා වැටිමක්ද සිදුව ඇති අතර හැටන් හා අවට ප්‍රදේශ කිපයක තැන තැන විටින් විට මද මී දුම් තත්වයන්ද පවතින…

මහින්ද සමරසිංහ ශ්‍රීලනිපයෙන් දොට්ට
|

මහින්ද සමරසිංහ ශ්‍රීලනිපයෙන් දොට්ට

ශ්‍රීලනිපයේ උප සභාපතිවරයකු ලෙස ද කටයුතු කළ හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම පක්‍ෂයෙන් දොට්ට දමා  ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව ඔහු ශ්‍රී.ල.නි.ප කළුතර දිස්ත‍්‍රික් නායක ධූරයෙන් සහ පානදුර ආසන සංවිධායකධූරයෙන් ද ඉවත් කරනු ලැබ ඇතැයි එම පක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් පැවසීය. පක්‍ෂයේ හිටපු තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ඇතුළු තිදෙනකු සම්බන්ධයෙන් ද ඉදිරියේදී විනය…

covid infections today

මෙරට කොරෝනා ආසාධිතයින් 1000 පනී

කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන ආසාදිතයින් ගණන 1020 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් අද දිනය තුළ පුද්ගලයින් 10 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු පුද්ගලයින් ගණන 569 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවැසුවා. අද දින සවස වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 28…

කළු ගග පිටාර මට්ටමට

කළු ගග පිටාර මට්ටමට

කළු ගග පිටාර මට්ටමට පැමිණීම නිසා රත්නපුර, කුරුවිට, අයගම, නිරිඇල්ල, ඇලපාත යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත්බිම් වල ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.