world health organization latest news

ලෝකය අවධානම් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නව අනතුරු ඇඟවීමක්

නව කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් පහව නොගොස්, HIV වැනි නිශ්චිත පුද්ගලයින් කොට්ඨාසයක පැතිරෙන වෛරසයක් ලෙස හෝ පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. නව කොරෝනා වෛරසය කොපමණ කලක් ලොව තුළ සංසරණය වේදැයි ඉදිරිපත් වන සමීක්ෂණ වාර්තා පිළිගත නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. රෝගය සමග සාර්ථකව කටයුතු කිරීමට නම් ලෝකයට යම් පාලනයක් අවශ්‍ය බව ලෝක…

සමාජශාලා වලින් දකුණු කොරියාවේ දෙවෙනි වටය ඇරබේ
|

සමාජශාලා වලින් දකුණු කොරියාවේ දෙවෙනි වටය ඇරබේ

දකුණු කොරියාවේ සියෝල් අගනුවර සමාජශාලාවලින් මතු වූ කොරෝනා  පොකුර හේතුවෙන් ආසාදනය වී ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව  119ක් දක්වා ඉහළ ගොස් ඇත. සියෝල් නගරයේ “හෙවොන් “ප්‍රදේශයේ පිහිටි සමාජශාලා හා තැබෑරුම් පහකට ගිය 29 හැවිරිදි අයෙකු කොරෝනා වෛරසය පතුරුවා ඇති බව සදහන්. දකුණු කොරියාව තුළ  කොරෝනා මරණ සංඛ්‍යාව 259 දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ නගරයක් ලොක්ඩවුන්
|

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ නගරයක් ලොක්ඩවුන්

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට  අර්ධ  ‘ලොක්ඩවුන්’  සීමා  පැනවීමට පියවර ගෙන ඇත. චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ බිය තවත් වැඩි වී තිබේ.ඒ කොරෝනා ආසාදිත පොකුර හඳුනාගැනීමත් සමඟයි. මෙසේ අර්ධ වශයෙන් වසා දමා ඇත්තේ ජිලින් පළාතේ, දෙවැනි විශාලතම නගරය වන ජිලින් නගරයයි. ජිලින් පළාත උතුරු කොරියාවේ සහ රුසියාවේ දේශසීමාවට මායිම් වේ. මේ අතර චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන්ද ආසාදිතයන් වාර්තා වීමත් සමඟ එම නගරයේ ලක්ෂ 110ක්…

rajithe

රාජිත රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ඊයේ පස්වරුවේ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

නිවසේ සිට වැඩ කිරීමේ සාර්ථකත්වය නිසා ට්විටර් සේවකයින්ට ඇති තරම් කාලයක් නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව
|

නිවසේ සිට වැඩ කිරීමේ සාර්ථකත්වය නිසා ට්විටර් සේවකයින්ට ඇති තරම් කාලයක් නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ හඳුන්වාදුන් “නිවසේ සිට වැඩකිරීමේ” ක්‍රමවේදය සිය සමාගමේ සේවකයින් සඳහා අඛණ්ඩව ක්‍රියාත්ම කිරීමට සමාජ ජාල වෙබ් අඩවියක් වන ට්විටර් සමාගම තීරණය කර ඇත. නිවසේ සිට වැඩ කිරීමේ සාර්ථකත්වය නිසා  කැමති තරම් කාලයක් නිවසේ සිට සේවය කිරීමට ට්විටර් ආයතනය එහි සේවකයන්ට අවසර දී ඇත. ට්විටර් සමාගමේ සේවකයින් 5000 ක් පමණ පසුගිය මාර්තු මාසයේ…

මත්පැන් විකිණීමට අවසර

මත්පැන් විකිණීමට අවසර

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල පිහිටි සුරාසැල් අද (13) සිට විවෘත කිරීමට ඉඩ ලබාදී තිබෙනවා. කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල පිහිටි බලයලත් සුපිරි වෙළදසැල් වල පිහිටි මත්පැන්හල් වල මත්පැන් විකිණීමට අවසර හිමිව ඇත. කෙසේ වුවත් මෙලෙස මත්පැන් අලෙවි කිරිමට අවසර හිමිව ඇත්තේ දැඩි කොන්දේසි වලට යටත්වයි.

වලවේ ගඟේ ජල මට්ටම ඉහල යාමෙන් ගංවතුර තත්ත්වයක්

වලවේ ගඟේ ජල මට්ටම ඉහල යාමෙන් ගංවතුර තත්ත්වයක්

වලවේ ගඟේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් අම්බලන්තොට වාඳුරුප්ප ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ. මේ හේතුවෙන් නිවාස 10 ක් පමණ ජලයෙන් යට වී ඇත. ප්‍රදේශයේ ජනතාව කියා සිටින්නේ උදැසන 4.30 පමණ මෙම ගංවතුර තත්වය ඇතිවූ බවයි.

ජනපතිගෙන් ජනතාවට විශේෂ පණිවුඩයක්

ජනපතිගෙන් ජනතාවට විශේෂ පණිවුඩයක්

තම මාධ්‍ය අංශය බවට හඟවමින් සාවාද්‍ය පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය පිටුවළ පළකර ඇති බවත් එම ක්‍රියා තරයේ හෙළා දකින බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවෙන් සඳහන් කරයි. ‘මහජනතාව වෙත කරන කෙරෙන විශේෂ නිවේදනයයි’ යනුවෙන් සඳහන් කරමින් එම නිවේදනය නිකුත් කර ඇති අතර තම නිල වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය පිටුවල පළකරන තොරතුරු පමණක්…

ජංගම දුරකථනය හරහා කප්පම් ඉල්ලන කණ්ඩායමක් පිලිබඳ අනාවරණය වේ

ජංගම දුරකථනය හරහා කප්පම් ඉල්ලන කණ්ඩායමක් පිලිබඳ අනාවරණය වේ

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව පරික්ෂණ පැවැත්වෙන සැකකරුවන්ගේ නාම ලේඛනයේ නම ඇති බව බය ගන්වා ඉන් නම ඉවත් කිරිමට යැයි පවසා ජංගම දුරකථන හරහා කප්පම් ලබා ගන්නා කණ්ඩායමක් පිලිබඳ තොරතුරු අනාවරණය වි ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය කියයි. ඒමෙන්ම රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් කප්පම් ලබාගැනීම සඳහා බන්ධනාගාර සිරකුටිවල සිටින සිරකරුවන් විසින් පොලීසිය ලෙස පෙනී සිටිමින්ද මෙලෙස…

සියලුම හෝටල් නැවත දැනුම් දෙන තුරු වසා දමයි

සියලුම හෝටල් නැවත දැනුම් දෙන තුරු වසා දමයි

හැටන් නගරයේ විවෘත කර තිබු සියලුම හෝටල්  වසා දැමිමට හැටන් පොලිසිය හා හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා විසින් ලබා දෙන ලද උපදෙස් මත හැටන් පොලිසියේද සහාය මත 12වන දින සිට නැවත දැනුම් දෙන තුරු හැටන් දික්ඔය නගරවල…