කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට  අර්ධ  ලොක්ඩවුන්’  සීමා  පැනවීමට පියවර ගෙන ඇත.

චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ බිය තවත් වැඩි වී තිබේ.ඒ කොරෝනා ආසාදිත පොකුර හඳුනාගැනීමත් සමඟයි.

මෙසේ අර්ධ වශයෙන් වසා දමා ඇත්තේ ජිලින් පළාතේ, දෙවැනි විශාලතම නගරය වන ජිලින් නගරයයි. ජිලින් පළාත උතුරු කොරියාවේ සහ රුසියාවේ දේශසීමාවට මායිම් වේ.

මේ අතර චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන්ද ආසාදිතයන් වාර්තා වීමත් සමඟ එම නගරයේ ලක්ෂ 110ක් දෙනා ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු කිරීමට චීන බලධාරීහු පියවර ගත්හ.

Similar Posts