corona

තරබාරු නම් කොවිඩ් අවදානමත් වැඩියි

සිරුරේ තරබාරු බව අධික පුද්ගලයන්ට කොවිඩ් වෛරසය මාරාන්තික වියහැකි බවට පර්යේෂණයකින් හෙළි වී ඇති බව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙස්ටර්න් රෝහලේ ස්නායු රෝග ඒකකයේ අංශ ප්‍රධානී මහාචාර්ය තිස්ස විජේරත්න මහතා පවසනවා. ඇමරිකාවේ නිව්යෝක් නගරයේ වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇති බව සදහන් වෙයි.

ග්‍රාම නිලධාරීවරුන් යළිත් සුපුරුදු රාජකාරියේ

ග්‍රාම නිලධාරීවරුන් යළිත් සුපුරුදු රාජකාරියේ

චක්‍රලේඛ ගැටලුවක් මුල්කරගනිමින් අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5000ක දීමනාව ලබාදීමේ රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ගත් ක්‍රියාමාර්ගය අත්හැර දැමීමට එම සංගමය තීරණය කර තිඛෙනවා. ඒ ඊයේ පස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

රාජ්‍ය ආයතන යළි ආරම්භ කිරීමට විශේෂ චක්‍රලේඛයක්

රාජ්‍ය ආයතන යළි ආරම්භ කිරීමට විශේෂ චක්‍රලේඛයක්

රාජ්‍ය ආයතනවල රාජකාරී ආරම්භ කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක් ලබන සතියේ නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. ලබන සඳුදා (20) සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපති කාර්යාලයට කැඳවා රට තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සමාලෝචනයක යෙදි  රාජ්‍ය ආයතනවල රාජකාරී යළි ආරම්භ කළ යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනු ඇති.

කොරෝනා පරදන්න ලංකාවෙන් සොයාගත් දුම් හට්ටිය
|

කොරෝනා පරදන්න ලංකාවෙන් සොයාගත් දුම් හට්ටිය

කොරෝනා වෛරසයෙන් අත්මිදීම සදහා පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා විවිධ දේශීය වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම්, දේව මෙහෙයන්, අත් බෙහෙත් ඇතුලු විවිධ ප්‍රථිකාර ක්‍රම පිළිබදව ප්‍රචාරය විය. මින් වැඩියෙන්ම සමාජ අවධානය යොමු වුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ළමා රෝග පිළිබදව විශේෂ්‍ඥ වෛද්‍ය අනුරැද්ධ පාදෙනිය මහතා විසින් සිදු කළ දුම් හට්ටි ප්‍රථිකාර ක්‍රමය පිළිබදව ලොවට හෙලි…

චීනය නව කොරොන වයිරස වසං කිරීම ගැන නව තොරතුරු මතුවෙයි
|

චීනය නව කොරොන වයිරස වසං කිරීම ගැන නව තොරතුරු මතුවෙයි

ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) නම් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ලබා ගන්නා ලද චීන ආණ්ඩුවේ අභ්‍යන්තර ලියකියවිලි වලට වසංගතය ඇරඹී දින ගණනාවක් යන තුරුම ඒ පිළිබඳව ලෝකයට දැනුම් නොදුන් බව සනාථ වී තිබේ. නව කොරොන වයිරසය නිසා වසංගත තත්වයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි චීනයේ ඉහළ නිලධාරීන් රහසින් තීරණය කිරීමෙන් ගත වූ දින හය තුළ, වුහාන් නගරයෙහි දස දහස්…

ඇඳිරි නීතිය ඉවත් කළයුතු ආකාරය ගැන විශේෂඥයින්ගේ යෝජනා ජනපතිට

ඇඳිරි නීතිය ඉවත් කළයුතු ආකාරය ගැන විශේෂඥයින්ගේ යෝජනා ජනපතිට

කොරෝනා වෛරසයෙන් මිදීමේ මඟ යනුවෙන් වාර්තාවක් ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදී තිබේ. “අදියර තුනකට තමයි මේ වැඩපිළිවෙල යෝජනා කරලා තියෙන්නෙ. මේකෙදි අපි ප්‍රධානකොට සලකලා බලලා තියෙනවා මේ ඇඳිරි නීතිය කොහොමද පවත්වාගෙන යන්නෙ, ඒක ලිහිල් කරන්නෙ කොහොමද, නිවසකින් එළියට ඒම එක් පුද්ගලයෙකුට පමණක් සීමා කරන්න, ඔහුට…

badweather

කාළගුණය අයහපත් වෙයි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ දකුණු පළාත්වලත් මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් නැත අද (17) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමෙන්තුව පවසනවා.

rt-pcr

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයෙන් කාර්යක්ෂම PCR උපකරණ

PCR පරීක්ෂණයේ සාම්පල ලබාගැනීමේදී වඩා කාර්යක්ෂම සහ ඉහළ නිරවද්‍යතාවක් සහිත නව නිර්මාණයක් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය විසින් හඳුන්වාදී තිබෙනවා. කොවිඩ් 19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා කෙරෙන මූලිකම පරීක්ෂණය වන්නයේ PCR පරීක්ෂණයයි. හෝමාගම පිහිටි ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය මෙම ජෛව සාම්පල ලබාගැනීමේ උපකරණය සකස් කර ඇත්තේ රජයේ සහ පෞද්ගලික ආයතන කිහිපයක සහයෝගය ඇතිවයි. මෙහි විශේෂත්වය…

Local government elections

වසංගතය මැද හදිසි මැතිවරණයක් ප්‍රජාතන්ත්‍රවාදයට ‌ගැලපෙන්නේ නැහැ – මැතිවරණ නිරීක්ෂන සංවිධාන

එළඹෙන අප්‍රේල් මස 25 වැනි දින පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මහා මැතිවරණය, මැතිවරණ කොමිෂන් සභාව මගින් තම බලතල ප්‍රකාරව කල්දමා ඇති පසුබිමක, ඒ පිළිබඳව ගොඩනැගෙමින් පවත්නා තියුණු සමාජ කථිකාව කෙරෙහි, මෙහි පහත අස්සන් කොට ඇති මෙරටේ සියලු ක්‍රියාකාරී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තම බලවත් අවධානය හා සැලකිල්ල යොමුකරමින් සිටී. ඒ හා සමඟ විපත්තිදායක වාතාවරණයක නිරායාසයෙන් ගතහැකි…

paskupaharaya

පාස්කු විමර්ශනය අවසන් කිරීමට යයි

ඉදිරියේදී තවත් “සාර්ථක පියවර” කිහිපයක් ගෙන පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන අවසන් කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජාලිය සේනාරත්න මහතා පවසයි. ඒ මහතා පැවසුවේ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රේගු නිලධාරියකු, නීතීඥයකු, රිෂාඩ් බදූර්දීන් මහතාගේ සොහොයුරෙකු ඇතුළු කිහිපදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි. මේ වනවිට පොලිසිය විසින් ප්‍රසිද්ධ චරිත කිහිපයක් අත් අඩංගුවට…