ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) නම් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ලබා ගන්නා ලද චීන ආණ්ඩුවේ අභ්‍යන්තර ලියකියවිලි වලට වසංගතය ඇරඹී දින ගණනාවක් යන තුරුම ඒ පිළිබඳව ලෝකයට දැනුම් නොදුන් බව සනාථ වී තිබේ.

නව කොරොන වයිරසය නිසා වසංගත තත්වයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි චීනයේ ඉහළ නිලධාරීන් රහසින් තීරණය කිරීමෙන් ගත වූ දින හය තුළ, වුහාන් නගරයෙහි දස දහස් සංඛ්‍යාත ජනකාය සහභාගි වූ උත්සවයක් පවත්වා ඇති අතර මිලියන සංඛ්‍යාත පිරිසක් චන්ද්‍ර අලුත් අවුරුදු සැමරුම් සඳහා ඔවුන්ගේ වාර්ෂික සංචාර පිනිස නරයෙන් පිටතට ගොස් තිබේ. එසේ සිදුව ඇත්තේ වසංගත තොරතුරු චීන ජනතාවගෙන් ද වසං කළ නිසා ය.

ජනාධිපති ෂී ජින් පිං වසංගතය පිළිබඳව මහජනතාවට අනතුරු ඇඟවූයේ ජනවාරි 20 වන දිනය එනම් හත්වන දිනයෙහි ය. එහෙත් ඒ වන විට එම රහසිගත සතියක ආසන්න කාලය තුළ 3,000 කට අධික පිරිසකට වයිරසය ආසාදනය වී තිබුණි.

මෙවැනි ප්‍රමාදයක් දැකිය හැක්කේ චීනයෙහි පමණක් නොවේ. ලොව රටවල් ගණනාවක්ම වයිරසය එම රටවලය කාන්දුවීමෙන් පසුත් ආරක්ෂ පියවර ගැනීමට සති ගණන් ගත කළහ.

එහෙත් නව කොරොන වයිරසයට නිසි කළ  ප්‍රසිද්ධියේ මුහුණදීමට චීනය පියවර ගත්තේ නම් මරණ බෙහෝ සෙයින් අඩුකරගත හැකිව තිබූ බව බොහෝ වෛද්‍ය විශේෂඥයින් විසින්  පෙන්වා දී තිබේ.

ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාවෛද්‍ය සූඕෆෙන් ෂැං පැවසා ඇත්තේ චීනය දින හයකට පෙර අවශ්‍ය පියවර ගත්තා නම්, රෝගීන් ප්‍රමාණය අඩු වන්නටත්. එරවෛද්‍ය පහසුකම් ප්‍රමාණවත් වන්නටත් ඉඩ තිබූ බවයි.”

චීනයේ නායකයින්ගේ මෙම දින හයේ ප්‍රමාදය නිසා සති දෙකකට ආසන්න කාලයක් තුළ චීනයේ ජාතික රෝග පාලන මධ්‍යස්ථානය නව රොගීන් කිසිවකු ලියාපදිංචි නොකළ බව ඇසෝසියේටඩ් ප්‍රෙස් විසින් ලබාගත් අභ්‍යන්තර ප්‍රකාශ මගින් සනාථ වී තිබේ. එම කාලය තුළ රටපුරාම රොගීන් රොහල් කරා පැමිණ තිබුණි.

ප්‍රථම වතාවට චීනයෙන් පිටත ජනවාරි 13 වන දින තායිලන්තයෙහි රෝගියකු වාර්තා විය. චීන දේශපාලන නායකත්වය වයිරසය පිළබඳව වාර්තා කිරීමට තීරණය කළේ ඉන් පසුව ය.

ඒ අනුව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ ප්‍රධානී මා ෂියාඕවේ ජනවාරි 14 වන දින පළාත් සෞඛ්‍ය නිලධාරීන් සමඟ රහසිගතව දුරකථන සාකච්ඡාවක් කරමිින් තත්වයෙහි දරුණුකම පිළිබඳ තක්සේරුවක් කළ බව ඉහත කී ලේඛනවලින් පෙනී ගොස් තිබේ.

වසංගත තත්ත්වය තවමත් දරුණු හා සංකීර්ණ ය. එය 2003 දී SARS ට පසුව ඇති වූ බරපතලම අභියෝගය වන අතර එය ප්‍රධාන මහජන සෞඛ්‍ය ප්‍රශණයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇත” යනුවෙන් මෙම තක්සේරුව සඳහන් කරන බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කරයි.

මේ අනුව චීන ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව විසින් පිටු 63 කින් යුත් උපදෙස් මාලාවක් පළාත් සෞඛ්‍ය නිලධාරීන්ට බෙදා දෙන ලදී. “ප්‍රසිද්ධියේ අනාවරණය නොකළ යුතු” ලෙස සලකුණු කර ඇති මෙම උපදෙස් මගින් රට පුරා සෞඛ්‍ය නිලධාරීන්ට සැක සහිත රෝගීන් හඳුනා ගැනීමටත්, උණ සායන විවෘත කිරීම පිනිස රෝහල්වලටත්, වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට ආරක්ෂිත ආම්පන්න ලබා දීමටත් නියෝග කර තිබේ.

එම වාර්තාව රහසිගතව පවත්වා ගෙන ඇත්තේ ද ලෝකයට වාර්තා වීම වැළැක්වීමට ය.

චීන ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව යටතේ වූ හදිසි මධ්‍යස්ථානයේ ප්‍රධානී ලී කුන් ජනවාරි 15 ​​වන දින චීන රාජ්‍ය රූපවාහිනියට පැවසුවේ “වයිරසය මිනිසුන්ගෙන් මිනිසුනට සම්ප්‍රේෂණය වීමේ අවදානමඅඩු බවය. එනමුත් මේ වන විට රෝගය මිනිසුන්  අතරම බෝවන බවට සාක්ෂි තිබුණි.  එළෙස මිනිසාගෙන් මිනිසාට වයරසය බෝවන බව ප්‍රසිද්ධ කිරීමට චීනය ජනවාරි 20 දින තෙක් සිටියේය. මේ වන විට රෝගය පුළුල් ලෙස පැතිර යමින් තිබූණි.

චීන නිවැරදි දේ ලෝකයට නොකියූ නමුත් නිවරද දේ කරමින් සිටි බව සමහර වෛද්‍ය විශේඥයන්ගේ මතය වේ. නමුත් තවත් අය පවසන්නේ කලින් අනතුරු ඇඟවීමක් කළේ නම් බොහෝ ජීවිත බේරා ගැනීමට ඉඩ තිබු බවයි. සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ පැළඳීම සහ ගමන් බිමන් නතර කිරීම පිළිබඳව සතියකට පෙර චීන මහජනතාවට අනතුරු ඇඟවූයේ නම්, රෝගීන් තුනෙන් දෙකක් දක්වා අඩු කළ හැකිව තිබූ බව ගණනය කර තිබේ.

එමෙන්ම ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ට එතෙකුදුත් ආරක්ෂක පියවර ගැනීමට දෙමසක්ම තිබුණි. ඔහු එම කාලය අපතේ හැරියේ ය. එබැවින් ඔහු චීනයට කරන චෝදනාවන්ගෙන් අඩක් ඔහු විසින්ම බාරගත යුතු බව විචාරකයෝ පෙන්වා දෙති. චීනය පිට දමා ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන ඇමරෙිකානු ප්‍රදානයන් නතර කිරීම හිතුවක්කාර ක්‍රියාවක් බව බොහෝ විචාරකයින් පවසන්නේ ද එනිසා ය.

(Financial Times හි පළ වූ ලිපියක තොරතුරු ද අසුරිණි) by

Similar Posts