curfew

දිස්ත්‍රික්ක 19 ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර , යාපනය දිස්ත්‍රික්කවල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියලු දිස්ත්‍රික්කවල අද(09) උදේ 06.00 ට ඇඳිරි නීතිය ලිහිල් වු අතර, එදිනම සවස 04.00 ට…

විදුලි සැපයුම අඛණ්ඩව

විදුලි සැපයුම අඛණ්ඩව

පවතින තත්වය හමුවේ කිසිදු විදුලි කප්පාදුවක්, හදිසිම අවස්ථාවක හැර විදුලි බිදවැටීමක්, විදුල මිල වැඩි කිරීමක් මෙන්ම ඛනිජ තෙල් මිල වැඩි කිරීමට කිසිම සුදානමක් නැති බව විදුලි බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකර ආමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මේ මොහොතේ සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදාව පොලීසය විශාල කටයුත්තක් සිදු කරණ බවත්, ඔවුගේ කටයුතු සාර්ථකව කරගෙන යාමට දිවයින පුරා අඛන්ඩ…

තීරණාත්මක දෙසතියක් – උපදෙස් නිසි ලෙස පිළිපදින්න

තීරණාත්මක දෙසතියක් – උපදෙස් නිසි ලෙස පිළිපදින්න

කෝවිඞ් 19  වෛරසයේ ව්‍යාප්තිය සලකා බැලීමේදී ඉදිරි දෙසතිය ශී‍්‍ර ලංකාවට තීරණාත්මක බව ජාතික බෝවන රෝග විද්‍යායතනය සදහන් කරයි. එම කාල සීමාව තුළ රෝගීන් වාර්තා වීම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවයි විශේෂඥ වෛද්‍යවරුන් කියා සිටියේ. වෛද්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කළහොත් මෙරට තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිය යුතු මට්ටමකට පාලනය කිරීමට හැකි වනු ඇති…

ඖෂධ තිබුණත් ප්‍රතිකාර කිරීමට අවස්ථාවක් නෑ

ඖෂධ තිබුණත් ප්‍රතිකාර කිරීමට අවස්ථාවක් නෑ

කොරෝනා වසංගතය දුරු කිරීමේ හැකියාව දේශීය වෛද්‍ය ක්‍රමය සතුව පවතින බව දේශීය වෛද්‍ය ක්‍රමය සුරැකීමේ සංවිධානයේ නියෝජිත වෛද්‍ය ඩී.බී.රත්නායක මහතා පවසනවා. ඔහු ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා අවදානම මැඩපැවැත්වීමේ කාර්ය සඳහා ආයුර්වේද වෛද්‍යවරුන්ද දායක කරගන්නා ලෙසයි.  

බ්‍රිතාන්‍ය අගමැතිට ටිකක් විතර සනීපයි
|

බ්‍රිතාන්‍ය අගමැතිට ටිකක් විතර සනීපයි

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතාගේ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බව ආරංචි මාර්ග සදහන් කරයි. 55 හැවිරිදි වියේ පසුවන අගමැතිවරයා  යහපත් මානසික මට්ටමක පසුවන බවත්  ශ්වසන අපහසුතාවකින් පෙළීම හේතුවෙන් ඔහුට ඔක්සිජන් ලබා දී ඇතත්, ඊට ශ්වසන ආධාරක යන්ත්‍රයක් භාවිත කර නොමැති…

කොරෝනා මැඩලීමට හෙළ වෙදදුරන්ගේ සහය

කොරෝනා මැඩලීමට හෙළ වෙදදුරන්ගේ සහය

නව කොරෝනා වෛරසය සදහා දේශීය ඖෂධ ක‍්‍රම යොදාගත හැකි දැයි විශේෂ සාකච්ඡාවක් කොවිඞ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේදී සිදුකර තිබෙනවා. ඉදිරියේදී ශී‍්‍ර ලංකාව තුළ කොරෝනා අධි වසංගත තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සදහා තවදුරටත් දැඩි පියවර ගතයුතු බව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කිසිදු ප‍්‍රදේශයක් අවදානම් රහිත ප‍්‍රදේශ ලෙස නම් කළ නොහැකි බවද රජයේ වෛද්‍ය…

බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාරයට
|

බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාරයට

කොරෝනා වෛරසය ආසාදනය වී සිටින 55 හැවිරිදි වියේ පසුවන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි. අගමැතිවරයාගේ කොරොන වෛරස් රෝග ලක්ෂණ “නරක අතට හැරීම” හේතුවෙනි. බ්‍රිතාන්‍ය අගමැතිවරයාට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට පළමුවරට තහවුරු කර ගනු ලැබුවේ පසුගිය මාර්තු 27වැනිදාය.

නිව්යෝක් නාඩියාට කොරෝනා වැළදෙයි
|

නිව්යෝක් නාඩියාට කොරෝනා වැළදෙයි

නිව්යෝක්හි බ්‍රොන්ක්ස් සත්ත්ව උද්‍යානයේ  “නාඩියා” නම් කොටියාට කොවිඩ් 19 වෛරසය වැළදී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. “නාඩියා” නම් මෙම සත්වයා වයස අවුරුදු 4 වන අතර වියළි කැස්සකින් අනතුරුව සිදු කළ පරීක්‍ෂණයකදී මෙය අනාවරණය වී ඇත. නාඩියා ට මෙය වැළදී ඇත්තේ සත්ව උද්‍යානයේ සේවකයෙකුගෙන් බව අනාවරණය වී තිබෙනවා. මීට පෙරද සුනඛයෙකුට හා බළල් පැටවෙකුට කොරෝනා…

වික්ටර් රත්නායකගේ පුත් අභාවප්‍රාප්ත වෙයි

වික්ටර් රත්නායකගේ පුත් අභාවප්‍රාප්ත වෙයි

වික්ටර් රත්නායක මහතාගේ පුත් ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඔහු 51 හැවිරිදි වියේ පසුවිය.

ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් ලබාදීම අද සිට

ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් ලබාදීම අද සිට

ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් ලබාදීම අද සිට ආරම්භ කිරීමට නියමිතයි. තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ග්‍රාම සේවක වසම් මට්ටමින් තැපැල් කාර්යාල වෙත කැදවා අදාළ පිරිස් වෙත විශ්‍රාම වැටුප් ගෙවීමට සැලසුම් කර ඇති බවයි. බොහෝමයක් ලිපිනයන් සොයා ගැනීමේ අපහසුතාවය සැලකිල්ලට ගනිමින් ගොවි විශ්‍රාම වැටුප් තැපැල් කාර්යාල වෙත කැඳවා සිදුකිරීමට සැලසුම් කර ඇති අතර, ලිපිනයන්…