ඇමෙරිකාවෙන් වීසා ඉල්ලන්නෙත් නැහැ

ඇමෙරිකාවෙන් වීසා ඉල්ලන්නෙත් නැහැ

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහි ඇමෙරිකා තීරණයට ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළකරනවා. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරන්නේ ශවේන්ද්‍ර සිල්වා මහතාට එල්ලවී ඇති කිසිදු චෝදනාවක් සනාථවී නොමැති පසුබිමක මෙවැනි තහනමක් පැනවීම යුක්තිසහගත නොවන බවයි. ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ අවසන් අදියර ක්‍රියාත්මක වූ 2009 වසරේ දී ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රධානත්වය…

සයින්දමරුදු, කල්මුණෙන් වෙන් වෙයි

සයින්දමරුදු, කල්මුණෙන් වෙන් වෙයි

අම්පාර, සයින්දමරුදු බල ප්‍රදේශය නව නගර සභාවක් ලෙස ස්ථාපිත කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පැවැසුවේ 2022 වසරේ මාර්තු මස 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සයින්දමර්දු ලෙස නගර සභාවක නිල කාලය ආරම්භ කිරීමට නියමිත බවයි. කල්මුණේ නගර සභාව 2022 වසරේ මාර්තු 19 වැනිදා විසුරුවා හැර සයින්දමරුදු නගර සභාව ස්ථාපිත කරන…

Dinesh-Gunawardana

යුදහමුදාපතිට එරෙහි අමෙරිකානු තහනම ගැන විශේෂ සාකච්ඡාවක්

යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් ඇමරිකාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිවරිය සමඟ අද දිනයේ සාකච්ඡා කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඔහු කියා සිටියේ ස්වාධීන රටක් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවිය යුතු බවයි.

කොවිඩ් නයින්ටීන් ජීවිත 1483ක් බිලි ගනියි
|

කොවිඩ් නයින්ටීන් ජීවිත 1483ක් බිලි ගනියි

කොවිඩ් නයින්ටීන් ආසාදය වීමෙන් චීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1483 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදේස් පුවත් සදහන් කරයි. මේ වන විට  ආසාදිතයින් සංඛ්‍යාව 65000 කට ආසන්න බවද පැවසේ.  

කඩවත ලී වෙළෙඳසැලක ගින්නක්

කඩවත ලී වෙළෙඳසැලක ගින්නක්

කඩවත, මංකඩපාර ප්‍රදේශයේ පිහිටි ලී වෙළෙඳසැලක අද උදෑසන ගින්නක් හට ගෙන ඇත. ගම්පහ මහ නගර සභාවට අයත් ගිනි නිවීම් රථ, ගින්න මැඩ පැවැත්වීම  පිටත් කර යැවූ බව සදහන් වෙයි.

විජේවීරගේ පුත්‍රයා වුනාට ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නෙවෙයි

විජේවීරගේ පුත්‍රයා වුනාට ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නෙවෙයි

තමා රෝහණ විජේවීරගේ පුත්‍රයා වුවත් ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නොවන බව  රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර සඳහන් කරයි. උවිඳු විජේවීර රට වෙනුවෙන් ඉදිරියට ඒමට සූදානම් බවත්  රට වෙනුවෙන් අනිවාර්යයෙන්ම යුතුකම් ඉටු කිරීමට සූදානම් බවද පවසයි. ජනතා විමුකිති පෙරමුණේ අයිතියක් නොමැති බවත් එම පක්ෂයේ අයිතිය තිබෙන්නේ එම පක්ෂයේ දේශපාලනය කරන අයට පමණක් බවත්  ඔහු සඳහන් කරයි.

කෝවිඩ් ආසාදිතයන් චීනය  මරා දමන බවට පළවන වීඩියෝ අසත්‍යයි

කෝවිඩ් ආසාදිතයන් චීනය මරා දමන බවට පළවන වීඩියෝ අසත්‍යයි

චීනය කෝවිඩ් -19 ආසාදිතයන් මරා දමයි” යනුවෙන් ව්‍යාජ වීඩියෝ පට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. මේ ආකාරයට චීනයට ද්වේෂ සහගත ලෙස පහර දීම තරයේ හෙළා දකින බවත් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයෙ දැක්වෙයි. වෛරසයේ  උප්පත්තිය වන හුබෙයි පළාතට උපකාර කිරීම සඳහා එම පළාතට වෛද්‍ය…

වනජීවී නිලධාරිනියට ඒශියන් චැම්පියන් වෙන්න දෙන්නෙ නෑලු

වනජීවී නිලධාරිනියට ඒශියන් චැම්පියන් වෙන්න දෙන්නෙ නෑලු

ආසියානු චැම්පියන් වීම වෙනුවෙන් නිලධාරිනිය කඩොලාන පරිසරය රැක ගැනීමට උත්සාහ කරන බවත් ධීවරයන් මේ නිසා මෙම නිලධාරිනිය සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බව ඇමතිවරයා පවසා සිටියේය. ඇගේ ක්‍රියා කලාපය නිසා රු.මිලියන 700ක ව්‍යාපෘතියක් නතර වී ඇති බව ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා  මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කරයි. වනජීවී නිලධාරිනියක් නිසා මීගමු කලපු සංවර්ධන…

වැලන්ටයින් සැමරුමට තහනම් නියෝගයක්
|

වැලන්ටයින් සැමරුමට තහනම් නියෝගයක්

වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දිනය සැමරීම මුස්ලිම් සංස්කෘතියේ කොටසක් නොවන බවට ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව වැලන්ටයින් දින සැමරුම් උත්සව පැවැත්වීම පාකිස්ථාන අධිකරණයක් තහනම් කර තිබෙනවා.  ඉස්ලාම්බාද් අගනුවර වැලන්ටයින් දිනය හා සම්බන්ධ සැමරුම් කිසිවක් පොදු ස්ථාන තුළ පැවැත්වීමට නොහැකි බවත්  වැලන්ටයින්  වැඩසටහන් ප‍්‍රචාරණය හෝ ආවරණය කිරීමෙන් වැළකී සිටින ලෙස අධිකරණය මාධ්‍ය වෙතද උපදෙස් ලබා දී…

රුසියානු මුහුදේ ප්‍රබල භූකම්පනයක්

රුසියානු මුහුදේ ප්‍රබල භූකම්පනයක්

රුසියානු දකුණු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 6.9 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව ඇති අතරමේ දක්වා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි. මෙම භූකම්පනය මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 143 ක් ගැඹුරින් සිදුව ඇති බවයි අමෙරිකානු භූ සමීක්ෂණ ඒකකය සඳහන් කරයි.