tamil news
|

තේරු උත්සවය මේ මස 09, 10, 11 යන දිනවලදි

හැටන් කතරගම දේවාලයේ වාර්ෂික තේරු උත්සවය මේ මස 09, 10, 11 යන දිනවලදි පැවැත්විමට පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දැක්වු එම දේවාලයේ ප්‍රධාන පුජක බලා සර්මා පුජකතුමන් පවසන ලද්දේ හැටන් නගරයේ පැරනිතම දේවාලය වන හැටන් කතරගම දේවාලයේ වාර්ෂික තේරු උත්සවය මේ මස 09වන දින සිට 11වන දින දක්වා පැවැත්විමට පියවර ගෙන ඇති බවත්ය. ඒ…

sinha-kodiya
|

77 වැනි අභිමානවත් නිදහස් දිනය අදයි

77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත් ලෙස සැමරීමට මේ වනවිට සියල්ල සුදානම් කර තිබේ. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙවර නිදහස් දින සැමරුමේ තේමාව, ජාතික පුනරුදයට පෙළගැසෙමු යන්නයි. මෙවර නිදහස් දින සැමරුම් උත්සවය නැරඹීමට සාමාන්‍ය ජනතාවට වැඩි අවස්ථාවක් ලබාදීම විශේෂත්වයකි. නිදහස් දින සැමරුම හේතුවෙන් නිදහස් මාවතේ හා නිදහස්…

දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ නිදහස් සැමරුම් උත්සවයක්
|

දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ නිදහස් සැමරුම් උත්සවයක්

ශ්‍රිලංකාවේ 77වන නිදහස් දිනය නිමිති කර ගෙන හැටන් දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ නිදහස් සැමරුම් උත්සවයක් එම පෙර පාසල් භුමියේදි පවත්වන ලදි. එම පෙර පාසලේ විදුහල්පතිනි චන්ද්‍රනි ද සිල්වා මහත්මියගේ උපදෙස් මත එම පෙර පාසලේ ගුරු මහත්මින් විසින් මෙම නිදහස් සැමරුම් උත්සවය සංවිධානය කර තිබු අතර එහිදි එම සිගිති දරුවන් නිදහස් උත්සවය මෙසේ සමරන…

සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, සියළුම දෙනා එකම කොඩියක් යටතේ එකට ජිවත් වියයුතුයි – ඉලංගෝ ගාන්ධි
|

සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, සියළුම දෙනා එකම කොඩියක් යටතේ එකට ජිවත් වියයුතුයි – ඉලංගෝ ගාන්ධි

ශ්‍රිලංකාවේ 77වන නිදහස සමරන මෙම අවස්ථාවේ ශ්‍රිලංකාවේ ජිවත්වන සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, සියළුම දෙනා එකම කොඩියක් යටතේ එකට ජිවත් වියයුතුයි කියන එකයි අපගේ එකම පැතුම බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක ‍පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඔහුගේ හැටන් කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. 77වන නිදහස් දිනය වන…

දිවංගත ඩි. කේ. වීරතුංග මහතාගේ පිළිරුවක් නිරාවරණය කරයි
|

දිවංගත ඩි. කේ. වීරතුංග මහතාගේ පිළිරුවක් නිරාවරණය කරයි

හැටන් තරුණ බෞද්ධ සංගමය, හැටන් වීර ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවහන, ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රය නිර්මාතෘ හා වෙළද ව්‍යාපාරිකව දිවංගත ඩි. කේ. වීරතුංග මහතාගේ පිළිරුවක් නිරාවරණය කිරිම හැටන් ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේදි සිදු කරන ලදි. හැටන් ශ්‍රි නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල නායක හිමියන් ඇතුළු සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනාවන් මධ්‍යයේ මෙම…

school
|

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට මුදල්ගත් විදුහල්පතිලාගේ ලැයිස්තුවක්

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට මුදල් හා වෙනත් ද්‍රව්‍ය ලබාගත් විදුහල්පතිවරුන් පිළිබඳව කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් තොරතුරු එක්රැස් කරමින් සිටින බව වාර්තා වේ. දිවයින පුරා සියලු පාසල්වලට පසුගිය 30 වන දා සිසුන් ඇතුළත් කරගැනීම සිදුවූ අතර ඊට සතියක පමණ කාලයක සිට විදුහල්පතිවරුන්ගේ තොරතුරු ලබාගැනීම ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. මුදල් හා…

මහ කන්නයේ වී අස්වැන්න ප්‍රමාණවත් වන්නේ මාස 7කට පමණයි – ඇමති වසන්ත සමරසිංහ
|

මහ කන්නයේ වී අස්වැන්න ප්‍රමාණවත් වන්නේ මාස 7කට පමණයි – ඇමති වසන්ත සමරසිංහ

මෙවර මහ කන්නයේ වී අස්වන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 3 කින් පමණ පහළ යනු ඇති බවට උපකල්පනය කර ඇතැයි, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා සදහන් කළේ, මහ කන්නයේ වී අස්වැන්න මාස 7ක කාලයක් සඳහා ප්‍රමාණවත් වනු ඇති බවයි. රජයේ සහතික වී මිල මේ සතියේ ප්‍රකාශයට පත්කරන බවද අමාත්‍යවරයා…

නිදහස් දිනය වෙනුවෙන් රාජ්‍ය ආයතනවල විදුලි අලෝක සැරසිලි අත්හිටුවන්න – රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
|

නිදහස් දිනය වෙනුවෙන් රාජ්‍ය ආයතනවල විදුලි අලෝක සැරසිලි අත්හිටුවන්න – රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය

77 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සංවිධානය කළ සර්ව රාත්‍රික පිරිත්‍රාණ ධර්ම දේශනාව ඊයේ(02)රාත්‍රියේ නිදහස් චත්‍රරශ්‍රයේදී පැවැත්විණ. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු පිරිසක් සහභාගී විය. මේ අතර, ජාතික නිදහස් දිනය වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතන වල සතියක කාලයක් ජාතික ධජය ඔසවා තබන්නැයි, රාජ්‍ය…

අද ප්‍රදේශ කිහිපයකට හවසට වැසි
|

අද ප්‍රදේශ කිහිපයකට හවසට වැසි

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

hiv hiv what is aids and hiv hiv test price
|

HIV සහ ලිංගාශ්‍රිත රෝග ඉහළ යාමේ අවදානමක්

තරුණ ප්‍රජාව තුළ HIV සහ ලිංගාශ්‍රිත රෝග ඉහළ යමින් පවතින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරන්ගේ සංගමය පවසයි. එම සංගමයේ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය පැවසුවේ මේ සඳහා ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍ය භාවිතය හේතුවක් වී ඇති බවය. විශේෂඥ වෛද්‍යවරිය මෙම අදහස් පලකළේ පසුගිය දා කොළඹ විජේරාම පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.