තනිකඩ මවක් ඔන්ලයින් දරුවෙකු බිහිකරයි

online-baby

බ්‍රිතාන්‍ය තනිකඩ මවක් ඔන්ලයින් ඔස්සේ ශුක්‍රානු සහ ශුක්‍රානු ඇතුලත් කිරීමට අවශ්‍ය උපකරණ කට්ටලයක් මිලට ගෙන යූටියුබ් නිබන්ධනබලා දරුවෙකුට උපත ලබාදී තිබෙනවා. එම දරුවාට “ඊඩන්” ලෙස නම තබා ඇති අතර ඇයට තවත් දරුවෙක් සිටිනවා. තවත් දරුවෙකුගේ අවශ්‍යතාවය තිබුනත් සහකරු නොමැතිකමින් සාඵල්‍යතා සායනයක දී පවුම් 1600 ක් ගෙවන ලෙස පැවසූ පසු ඇය මෙම මර්ගයට පිවිස තිබෙනවා ඇය Ebay වෙතින් සංසේචන කට්ටලයක් මිලදී ගත් අතර Just Ebaby යෙදුම හරහා ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකු සොයා ගත්තාය. මෙම යෙදුම පරිශීලකයින්ට දේශීය හෝ ගෝලීය වශයෙන් අනාගත “සංකල්ප සහකරුවන්” සොයා ගැනීමට ඉඩ සලසයි. නිර්නාමිකව සිටීමට කැමති පරිත්‍යාගශීලියා පැවසුවේ “ඇය…

Read More

තලේබාන් සංවිධානය කාන්තාවන් සඳහා වූ අමාත්‍යාංශය ඉවත් කරයි

thaleiban

ඇෆ්ගනිස්ථානයේ නව තලේබාන් පාලකයින් විසින්, මින් පෙර කාන්තා කටයුතු අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ “ගුණවත්කම ප්‍රචාරය කිරීම සහ නරක වැළැක්වීම” සඳහා වූ අමාත්‍යාංශයක් පිහිටුවන ලදී. තලේබාන් නායකයින් කාබුල් අගනුවර අල්ලාගෙන මාසයක් ගතව තිබියදී, ඔවුන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සීමා කරන බවට නවතම ඉඟිය එයයි. 1990 දශකයේ ඔවුන්ගේ පළමු පාලන කාලය තුළ ඔවුන් ගැහැණු ළමයින්ට හා කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි කර ඇති අතර පොදු ජීවිතය තහනම් කළහ. නැගෙනහිර පළාතේ ජලලාබාද් අගනුවර සෙනසුරාදා තලෙයිබාන් වාහන ඉලක්ක කරගත් පිපිරීම් තුනක් සිදු වූ අතර පුද්ගලයින් තිදෙනෙකු මියගොස් 20 දෙනෙකු තුවාල ලැබූ බව සාක්ෂිකරුවන් පැවසීය. වහාම වගකීම…

Read More

එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වූ බ්‍රසීල සෞඛ්‍ය ඇමතිට කොවිඩ්

brasil

බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍ය මාර්සෙලෝ ක්වෙයිරෝගාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින අතරවාරයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යවරයා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමට පැය 19ක පමණ කාලයකට පෙර එරට ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ ද හමු වී ඇති බව සඳහන් වේ.

Read More

ඕස්ට්‍රේලියාවට භූමි කම්පාවක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ආසන්නයේ රිච්ටර් මාපාංක 6.0ක අගයක භූ කම්පනයක් සිදුව තිබෙනවා. භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය මෙල්බර්න් නගරයට ඊසාන දෙසින් කි.මී 200 ක් (සැතපුම් 124 ක්) වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය නගරයක් වන මෑන්ස්ෆීල්ඩ් අසල වූ අතර, එය කි.මී. 10 ක් (සැතපුම් හයක්) ගැඹුරින් ඇති ව තිබෙනවා. කෙසේ වෙතත් මෙම භූකම්පනයෙන් සුනාමි අවධානම් තත්ත්වයක් නොමැති බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඩෙල්ටා ප්‍රභේදය මඟින් ව්‍යාප්ත වන කොරෝනා වයිරස් පැතිරීම පාලනය කිරීමට ඕස්ට්‍රේලියාව විසින් පැනවූ අගුලු දැමීමට එරෙහි විරෝධතා මධ්‍යයේ මෙම භූමිකම්පාව සිදු විය. බලවත් භූමිකම්පාවෙන් පසු සිදුවූ හානි පිළිබඳ ක්‍ෂණික වාර්තා නොමැත. වික්ටෝරියා ප්‍රාන්ත හදිසි ඇමතුම් සේවාව…

Read More

ශ්‍රී ලංකාවට පුර්ණ සහය ලබා දෙනවා – ජගත් මහලේකම්

antonio-guterres

ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබාදෙන බව එහි මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා පවසනවා. ජගත් මහ ලේකම්වරයා ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මැතිතුමා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී හමුවූ අවස්ථාවේදීයි මේ බව සදහන් කළේ. නොවැම්බර් මස අවසන් වීමට පෙර මෙරට වයස අවුරුදු පහලවට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක් කරන බව ද ජනාධිපතිතුමා ජගත් මහ ලේකම්වරයා හමුවේ කියා සිටියා. රටේ අභ්‍යන්තර ගැටලු රට තුළ ක්‍රියාත්මක යාන්ත්‍රණයක් මගින් විසදාගත යුතු බවත් ඒ සදහා දෙමළ ඩයස්පෝරාවට සාකච්ඡා සදහා ඇරයුම් කරන බවත්…

Read More

කොරියානු පසමිතුරෝ මිසයිල අත්හදා බලති

missaila

උතුරු කොරියාව සහ දකුණු කොරියාව  බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම් සිදු කිරීම හේතුවෙන් ලොව වඩාත්ම අස්ථාවර කලාපය ලෙස සැලකෙන කොරියානු කලාපයේ උණුසුම ඉහළ ගියේය. මුලින්ම උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සිදු වූ අතර, ඉන් දෙකක් කොරියානු අර්ධද්වීපයේ නැඟෙනහිර වෙරළට ඔබ්බෙන් මුහුදු තීරයට පතිත වූ බව ජපාන වෙරළාරක්ෂක හමුදාව තහවුරු කළේය. එම අවස්ථාවට දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් සහභාගි වූ බව වැඩි දුරටත් වාර්තා වේ.

Read More

කැන්බරා තවත් සති 04 කට වැසේ

kanbara

ඕස්ට්‍රේලියාවේ කැන්බරා අග නගරය ඇතුළත් ACT ප්‍රාන්තය සඳහා පනවා තිබූ ලොක්ඩවුන් තත්ත්වය තවත් සති 04 කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත. ඒ  ඊයේ (14) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් 22ක් තහවුරු වීමත් සමඟය. එරට ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කරන පරිදි මෙම තීරණය ගෙන ඇත්තේ එළඹෙන 2022 වසර ආරක්ෂාකාරීව උදා කර ගැනීම සඳහාය. මේ අනුව කැන්බරා නගරයේ නව සංචරණ සීමා අවසන් වනුයේ ඔක්තෝම්බර් 15 වනදාය.

Read More

ඇෆ්ගනිස්ථානය ඉස්ලාම් අන්තවාදයේ ගෝලීය මූල කඳවුරක්ද?

පසුගිය අගෝස්තු 15 දින ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය එරට රාජ්‍ය බලය අත්පත් කර ගැනීමෙන් පසුව අල්ජසීරා රූපවාහිනී සේවය ප්‍රකාශ කරනු ලැබුවේ ඇෆ්ගනිස්ථානය ත්‍රස්තවාදීන්ගේ ස්වර්ග රාජ්‍යය බවට පත් විය හැකි බව ය. ඒ අතර සිරියාවේ අයි.එස්. හිතවාදී කල්ලි කණ්ඩායම් තම සහෝදර ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් විසින් ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳව සතුට බෙදා ගැනීම සඳහා ජනතාවට රසකැවිලි බෙදා දුන් බවද වාර්තා විය. ඒ ආකාරයට තලේබාන් නැගිටීම පිළිබඳව ලෝකය පුරා ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් උද්දාමයට පත්වී සිටින නමුත් ඇෆ්ගනිස්ථානයේ ඇමරිකන් රූකඩ ආණ්ඩුවට හිතවාදීව කටයුතු කල පිරිස් එරටින් පැන යාම සඳහා සිතාගත නොහැකි අනතුරුදායක ක්‍රියාවන්හි නිරතවන ආකාරය…

Read More

ශ්‍රි ලංකා ගැටලු වලට මුල මිලිටරිකරණය සහ වගවීමක් නොමැති ආණ්ඩුවක් පැවතීම – මිෂෙල් බැචලෙට්

michelle

වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා පාලන අභියෝගයන් පෙන්නුම් කරන්නේ මිලිටරිකරණය සහ වගවීම නොමැතිකම මූලික අයිතිවාසිකම්, සිවිල් අවකාශය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, සමාජ සමගිය සහ තිරසාර සංවර්ධනය කෙරෙහි අඛණ්ඩව බලපාන විඛාදනීය බලපෑම බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැචලෙට් මහත්මිය  පවසයි. එමෙන්ම ශ්‍රි ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් සහ අතුරුදන් වූවන්ගේ පවුල් නිරීක්ෂණය සහ සෝදිසි කිරීම, බිය ගැන්වීම සහ අධිකරණ හිරිහැර කිරීම අඛණ්ඩව සිදු වනවා පමණක් නොව, රජයේ ප්‍රතිපත්ති විවේචනයට ලක් කරන පුළුල් පරාසයක පිරිස් එනම්, සිසුන්, ශාස්ත්‍රාලිකයින්, වෛද්‍ය වෘත්තිකයන් සහ ආගමික නායකයින් දක්වා පුළුල් වී තිබීම…

Read More

මිෂෙල්ගෙන් මෙරට මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව වාචික වාර්තාවක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය අද (13) ආරම්භවීමට නියමිතව තිබේ. ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේ දී ආරම්භ වන එම සැසිවාරය ඔක්තෝබර් මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව අද දිනයේ දී වාචික වාර්තාවක් ඉදිරිපත්කිරීමට නියමිතව තිබේ. මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කෙරුණු අතර එහි ප්‍රගතිය පිළිබඳව මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් සිය වාචික වාර්තාවෙන්…

Read More