ගාසා තීරයේ රෝහලට එල්ල වූ මිලේච්ජ ප්‍රහාරයට දින තුනක ශෝක කාලයක්
ගාසාහි අල්-අහ්ලි අරාබි රෝහලට එල්ල වූ ප්‍රහාරය, පලස්තීන සටන්කාමීන් විසින් සිදුකර ඇතැයි පෙනීයන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසයි. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායලය දක්වා ඇති ප්‍රතිචාරයට සහාය පළ කරමින්. එම ප්‍රහාරයෙන් පැය විසි හතරක් ගත වීමටත් මත්තෙන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර වෙත පැමිණි එක්සත් ජනපද ජනාධිපතිවරයා පැවසුවේ, මෙම පිපිරීමෙන් තමා දැඩි ශෝකයට හා…