ළමා ලිංගික අපයෝජන සිදුවීමකට සම්බන්ධව බන්ධනාගාරගත වී සිටි පුද්ගලයකුට සමාව දී නිදහස් කිරීම හේතුවෙන් ජනතා විරෝධයට ලක්වූ හංගේරියාවේ ජනාධිපතිනිය කැතලින් නොවැක් සිය ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කර ඇතැයි වාර්තා වේ. පසුගියදා රූපවාහිනියෙන් ජාතිය අමතා ඇය සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

හංගේරියාවේ පළමු කාන්තා ජනපති ලෙස ඉතිහාසයට එක් වූ කැතලින්ට මේ ඉරණම අත්වූයේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ෆ්‍රැන්සිස් පාප්තුමාගේ හංගේරියානු සංචාරය නිමිත්තෙන් සිරකරුවන් 24 දෙනකු පොදු සමාව යටතේ නිදහස් කිරීමේදී ළමා ලිංගික අපයෝජන සිදුවීමකට වසර 3ක සිර දඬුවම් ලබමින් සිටි එරට ළමා නිවාසයක හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ද නිදහස් කිරීම හේතුවෙනි.

Similar Posts