ඇමරිකානු ජනපති ආර්යාවට කොවිඩ් ආසාදනය වෙයි
|

ඇමරිකානු ජනපති ආර්යාවට කොවිඩ් ආසාදනය වෙයි

ඇමරිකානු ජනාධිපති ආර්යාව Jill Biden හට Covid-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ බව ධවල මන්දිරය නිවේදනය කරනවා. කෙසේවෙතත් ඇය මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්වන බවත් ඇය ඩෙලවෙයාර් හි රෙහොබොත් බීච් හි පිහිටි ඔවුන්ගේ නිවසේ රැඳී සිටින බවත් එම නිවේදනයේ සඳහන්.

නව කොවිඩ් ප්‍රභේදයක් – සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි
|

නව කොවිඩ් ප්‍රභේදයක් – සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි

පිරෝලා නමින් නව කොවිඩ් ප්‍රභේදයක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. BA.2.86 නමින් හඳුන්වා ඇති මේ නව ප්‍රභේදය සම්බන්ධව ජාත්‍යන්තර විශේෂඥයන් කනස්සල්ලට පත්ව සිටින බව ද වැඩිදුරටත් වාර්තා වේ. නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ අතර උගුරේ අමාරුව, දියර ගැලීම හෝ නාසය අවහිර වීම, කැස්ස සහ හිසරදය පෙන්නුම් කරන බව ද විදෙස් මාධ්‍ය…

සෝමාලියාව Tiktok සහ Telegram, 1XBet නැමැති සමාජ මාධ්‍ය ජාල තහනම් කරයි
|

සෝමාලියාව Tiktok සහ Telegram, 1XBet නැමැති සමාජ මාධ්‍ය ජාල තහනම් කරයි

සෝමාලියාව Tiktok සහ Telegram සහ ඔන්ලයින් ඔට්ටු ඇල්ලීම සඳහා තිබෙන 1XBet නැමැති සමාජ මාධ්‍ය ජාල තහනම් කරන බව නිවේදනය කර තිබේ. මෙම සමාජ මාධ්‍ය ජාල වගකිව යුතු ත්‍රස්තවාදීන් සහ කණ්ඩායම් වීඩියෝ, ඡායාරූප බෙදා හරිමින් සමාජය නොමඟ යැවීමට භාවිතා කරන බවයි එරට රජය පවසයි. අන්තර්ජාල සේවා සපයන්නන් අගෝස්තු 24 වනදා වන විට තහනම ක්‍රියාත්මක කළ යුතු…

චීන ප්‍රහාරක යානා 42ක් තායිවානයට
|

චීන ප්‍රහාරක යානා 42ක් තායිවානයට

තායිවානය නිවේදනව කරන්නේ චීන ප්‍රහාරක යානා 42ක් පමණ තම ගුවන් කලාපයට ඇතුලු වු බවයි.මෙලෙස තායිවාන ගුවන් කලාපය ආක්‍රමණය කර තිබෙන්නේ යුද අභ්‍යාසයට සහභාගී වූ ප්‍රහාරක යානා වේ. තායිවානය චෝදනා කරන්නේ චීනය එළඹෙන මැතිවරණයට අතපෙවීමට උත්සහ කරන බවටයි.චීනය පවසන්නේ යුද අභ්‍යාසය හරහා තමන් සතුව පවත්නා හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අත්හදා බලන බවයි.

දැරියන්ගේ අධ්‍යාපන අයිතිය තහනම් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවේචනයට
|

දැරියන්ගේ අධ්‍යාපන අයිතිය තහනම් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවේචනයට

ඇෆ්ගනිස්තානයේ දැරියන්ගේ අධ්‍යාපන අයිතිය තහනම් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යාපන පරිවර්තන සමුළුවේ විශේෂ උපදේශක ලෙනාර්ඩෝ ගානියර්ගේ දැඩි අවිවේචනයට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇෆ්ගනිස්තානයේ ටෝලෝ පුවත් සේවය සඳහන් කරන්නේ ඇෆ්ගනිස්තානයේ දැරියන්ගේ අධ්‍යාපනයට තහංචි දැමීම හේතුවෙන් තලේබාන් රජයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් දැඩි පීඩනයක් එල්ල වීම ඉතා බරපතළ තත්ත්වයක් බවට ගානියර් මාධ්‍ය හමුවකදී…

ජපානයේ භූ කම්පනයක්
|

ජපානයේ භූ කම්පනයක්

ජපානයේ හොකයිඩෝ හි භූ කම්පනයක් සිදුව තිබේ. අද(11) අලුයම සිදුවූ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ 6 ක් ලෙස සටහන් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. භූ කම්පනයේ අපිකේන්ද්‍රය පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 46 ක් ගැඹුරින් සටහන් වී ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ISIS සංවිධානයේ නායකයා මරුට
|

ISIS සංවිධානයේ නායකයා මරුට

ISIS සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අබු අල් හුසේන් ඇතිවු ගැටුම්වලදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එම සංවිධානය සදහන් කරයි. අබු අල් හුසේන් ISIS සංවිධානයේ සිව්වන නායකයා වන අතර හයාට් අල් සීර් නම් තවත් අන්තවාදී සංවිධානයක් සමග ඇතිවු ගැටුමකදී ඔහු මියගොස් ඇත. ISIS සංවිධානයේ නව නායකයා ලෙස අබි හෆ්සාන් අල් හසීම් නම් පුද්ගලයෙක් පත් කර ඇති…

ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධි චෝදනා

ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධි චෝදනා

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අවලංගු කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් එරට අධිකරණය අධි චෝදනා ගොනු කර තිබේ. ට්‍රම්ප් සම්බන්ධයෙන් සිදු කෙරෙන බරපතලම නීතිමය ක්‍රියාමාර්ගය මෙය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 2020 වසරේ ජනාධිපතිවරණය පැවැත්වෙන තුරු අමෙරිකාවේ ජනපති ධුරය හෙබවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් වන අතර ඉන් ඔහු පරාජයට පත්විය. හිටපු ජනාධිපතිවරයාට එරෙහිව…

ඝානාවේ අමාත්‍යවරියක් දූෂණ වංචා චෝදනා යටතේ අත්අඩංගුවට
|

ඝානාවේ අමාත්‍යවරියක් දූෂණ වංචා චෝදනා යටතේ අත්අඩංගුවට

ඝානාවේ සනීපාරක්ෂක සහ ජල සම්පත් අමාත්‍යවරිය සිසිලියා අබේනා දූෂණ වංචා චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබේ. ඇය සිය නිවසට සොරකු ඇතුළු වී ඇති බවට පොලිසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ සොරකම සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරින්ට සොරකම් කරනු ලැබු බව කියන ඇය සතු දෙස් විදෙස් විශාල මුදල් තොගයක්…

ඉන්දියාව සහල් අපනයනය කිරීම තහනම් කරයි

ඉන්දියාව සහල් අපනයනය කිරීම තහනම් කරයි

ඉන්දියාව සහල් අපනයනය කිරීම තහනම් කර තිබෙන බව වාර්තා වේ. වාර්තා වන්නේ සහල් අපනයනය තහනම් කිරීමට ඉන්දියාව පියවර ගැනීමත් සමග ලෝක වෙළඳපලේ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම ඉන් දැඩි බලපෑමක් ආසියා සහල් වෙළඳපලට එල්ලවී තිබේ.ඉන්දීය රජය නිවේදනය කරන්නේ ඉන්දියාව තුළ සහල් මිල පාලනය කිරීම සදහා මෙම පියවර ගත් බවයි.