dailyreporter.lk

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදෙමින් සිටිනා ආර්ජන්ටිනාව ඊයේ නව ජනාධිපතිවරයෙක් බලයට පත්කර ගත්තේය.දකුණු ඇමරිකාවේ තුන්වන විශාලතම ආර්ථිකය ඇති ආර්ජන්ටිනාව බරපතල ආර්ථික අර්බුදයකට ලක්ව සිටිනා අතර, එරට උද්ධමනය 143% දක්වා ඉහළ ගොස් තිබේ.

රූපවාහිනි ටෝක්ෂෝ ඉදිරිපත් කරන්නෙක් ලෙස තරුණ ප්‍රජාව අතර බෙහෙවින් ජනප්‍රිය අන්ත දක්ෂිනාංශිකයෙක් මත ධා‍රියෙක් වන ජේවියර් මිලෙයි එරට නව ජනාධිපතිවරයා ලෙස පත්ව ඇති අතර, ඔහු සමග තරග කළ ආර්ථික විද්‍යා අමාත්‍ය සර්ජියෝ මැසා මැතිවරණයේ දෙවෙනි වටයේදී සිය පරාජය පිළිගත් බව වාර්තා වෙයි.

එරට මුදල් ඒකකය වන පෙසෝ වෙනුවට එක්සත් ජනපද ඩොලරය භාවිත කරනා බවත්, රජයේ වියදම් කප්පාදු කරනා බවත් ජේවියර් මිලෙයි සිය මැතිවරණ ව්‍යාපාරයේදී ප්‍රතිඥා දී තිබේ.

 

Similar Posts