ඊශ්‍රායලයේ නියෝගයෙන් ගාසා තීරයේ දකුණු දෙසට සංක්‍රමණය වූ පලස්තීන ජනතාව එහි විශාලතම නගරය වන ඛාන් යූනිස් නුවරදී ඊයේ දිගු පාන් පෝලිමකට එක්වී සිටි බව වාර්තා වේ. ඊයේ උදෑසන ඛාන් යූනිස් නුවර බේකරි විවෘත කර ඇති අතර, දහස් ගණනක ජනතාව පාන් මිලදී ගැනීමට පොරකමින් සිටි බව වැඩිදුරටත් වාර්තා වේ.

ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාවේ සිට කිලෝමීටර් 2ක දුරක් ඇතුළත සිටින සියලුම ඊශ්‍රායල ජනතාවට වහා ඉවත්වන්නැයි එරට හමුදාව උපදෙස් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායල හමුදාව මේ උපදෙස් ලබා දී ඇත්තේ ලෙබනනයේ සිට හිස්බුල්ලා ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කිරීමේ අවදානම සැලකිල්ලට ගනිමින් බව ද වැඩිදුරටත් වාර්තා වේ.

Similar Posts