ගාසාහි අල්-අහ්ලි අරාබි රෝහලට එල්ල වූ ප්‍රහාරය, පලස්තීන සටන්කාමීන් විසින් සිදුකර ඇතැයි පෙනීයන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසයි.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායලය දක්වා ඇති ප්‍රතිචාරයට සහාය පළ කරමින්.

එම ප්‍රහාරයෙන් පැය විසි හතරක් ගත වීමටත් මත්තෙන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර වෙත පැමිණි එක්සත් ජනපද ජනාධිපතිවරයා පැවසුවේ, මෙම පිපිරීමෙන් තමා දැඩි ශෝකයට හා කෝපයට පත්ව ඇති බවයි.

අදාළ ප්‍රහාරයෙන් සිය ගණනක් කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු සිවිල් වැසියන් මරු මුවට පත් වූ අතර, පලස්තීන සටන්කාමීන් එල්ල කළ රොකට් ප්‍රහාරයක් වැරදීමෙන් එම පිපිරීම සිදුව ඇතැයි ඊශ්‍රායල් හමුදාව ප්‍රකාශ කිරීමට කටයුතු කරනලදි.

නමුත් පලස්තීන බලධාරීන් පවසන්නේ අදාළ ප්‍රහාරය ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයක් බවයි.

ගාසා තීරයේ අල් අහ්ලි රෝහලට එල්ල වූ රොකට් ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයන් වෙනුවෙන් ඊජිප්තු රජය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇතැයි වාර්තා වේ.

ඊජිප්තුවේ ජනාධිපති අබ්දෙල් ෆටා එල් සිසී මේ නිවේදනය නිකුත් කළ බව වැඩිදුරටත් වාර්තා වේ.

අසරණ රෝගීන් සහ දිවි රැක ගැනීමට රෝහල් පරිශ්‍රයේ එක්රොක්වී සිටි අතිවිශාල පලස්තීනුවන් පිරිසක් ඉලක්ක කරමින් එල්ල වූ එම රොකට් ප්‍රහාරය පිළිබඳ දැඩි ලෙස කනගාටු වන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

Similar Posts