රුසියානු සන්නද්ධ හමුදාවන් නැවත නැවතත් අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ මානව හිමිකම් උද්ඝෝෂකයෙකු වන ඔලෙග් ඔර්ලොව් වැරදිකරු බව රුසියානු අධිකරණය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව නොබෙල් සාම ත්‍යාගලාභී සංවිධානයක් වන Memorial සංවිධානයෙහි සම සභාපති වන ඔලෙග් ඔර්ලොව් හට වසර දෙකහමාරක සිර දඬුවම් නියම කර ඇති බවයි වාර්තා වෙයි.

මෙය නැවත විභාගයට ගත් නඩුවක් බව සඳහන්.

2023 ඔක්තෝම්බර් මාසයේදී උසාවිය වරදකරු කර තීන්දුවක් ලබා දී තිබු අතර ඔහුට ඩොලර් 1,630 දඩ මුදලක් ගෙවීමට නියම කර තිබුණි.

කෙසේ වෙතත් රුසියාවේ නඩු පවරන්නන් චෝදනා කළේ ඔලෙග් ඔර්ලොව් ලබාදුන් දඬුවම ඉතා මෘදු බවයි.

පසුව ඉහළ උසාවියක් තීන්දුව අවලංගු කළ අතර නැවත නඩු විභාගයක් පැවැත්වීමට නියෝග කරයි.

Similar Posts