ඔන්ලයින් අනාරක්ෂිත භාවය වළක්වා නොගැනීම ගැන කරුණු විමසයි

මාර්ගගත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඉදිරියේදී අමෙරිකානු රජය ගෙන එන නීතිවලට එකඟ වන බව අන්තර්ජාල සේවා සපයන අන්තර්ජාතික ආයතන ප්‍රධානීන් (31) එකඟ වී තිබේ.

මෙටා (Meta), ටික්ටොක් (TikTok), ස්නැප් (Snap), ඩිස්කෝඩ් (Discord) සහ පෙර ට්විටර් (Twitter) ලෙස හැඳින්වුණු වත්මන් එක්ස් (X) ඇතුළු ප්‍රධාන සමාජ මාධ්‍ය ආයතන 5ක විධායක නිලධාරින් අමෙරිකා එක්සත් ජනපද කොං‍රස් මණ්ඩලයේ අධිකරණ කමිටුව වෙත (31) කැඳවා එහි කටයුතු පිළිබඳ විමසූ අවස්ථාවේදී මෙම එකඟතාවට එළැඹ තිබේ.

මාර්ගගත ක්‍රමවේදයන්හි පවතින අනාරක්ෂිතභාවය හේතුවෙන් සමාජයට ඇති වී තිබෙන අහිතකර බලපෑම් නැවැත්වීමට අදාළ ආයතන අපොහොසත් වීම පිළිබඳ එහිදී හේතු විමසා තිබේ.

මෙම කණ්ඩායමේ සමාජ මාධ්‍ය වේදිකා තුළින් විවිධ පාර්ශ්වයන්ට සිදු වන හානිය නැති කිරීමට ඔවුන් ස්වේච්ඡාවෙන්ම අපොහොසත් වීම නිසා ඉදිරියේදී අමෙරිකානු රජය ගෙන එන නීතිවලට එකඟ වන බව අන්තර්ජාල සේවා සපයන මෙම ආයතනවල ප්‍රධානීන් මෙහිදී ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

Similar Posts